ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

කිරි පුතා මගේ අම්මගේ තවත් දරුවෙක්

කලා ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය තරුවක් වීමට කුඩා අවධියේ සිට සිහින දකින ශිල්පීන් බොහෝ දෙනෙක් අප අතර සිටිනවා. ඒ අතර සිහින සැබෑ කරගත්ත වාසනාවන්තයෝ අද ජනප්‍රිය තරු බවට පත්වෙලා. ඉතින් මේ කියන්නට යන්නේ තප්පරයෙන් තමන් ආපු ගමන්මග වෙනස් කරගත් සුවිශේෂී පුද්ගලයෙක් ගැනයි. ඔහුව ගොඩදෙනෙක් දැන් දැනහඳුනන්නේ ‘කිරිපුතා’ ලෙසට. ඔහු ආපු මේ ගමන්මගේ අටුවාටීකා එමටයි. මේ හැම දෙයක් ගැනම ‘කිරිපුතා’ වුණු පසිඳු විතානගේ එක්ක අපි කතා කළා.

‘කිරිපුතා’ දැන් ජනප්‍රිය චරිතයක් බවට පත්වෙලා නේද? ඉතින් මේ ඔබ විඳින සතුට අපිටත් දැනගැනීමට කැමැතියි? 
ඇත්තටම ‘කිරිපුතා’ව දැන් මගේ අම්මාගේ තවත් දරුවෙක් බවට පත්වෙලා. මගේ අම්මා විඳින ඒ සතුට මට කිසිදා මිල කරන්න බැහැ. මම වගේම මගේ ආදර ප්‍රේක්‍ෂක පිරිස ගොඩදෙනෙක් ‘කිරිපුතා’ට ආදරය කරනවා. මේ හැම ගෞරවයක්ම හිමිවිය යුත්තේ සද්ධා මංගල සූරියබණ්ඩාර සර්ට වගේම ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයේ ජයප්‍රකාශ් සිවගුරුනාදන් ගුරු පියාටත්, චාමර සමරවික්‍රම මැතිඳුන්ටයි. මේ රජ තුන් කට්ටුව මම ගැන නොබැලුවා නම් මට ‘කිරිපුතා’ වෙන්න බැරිවෙයි.

ඔබ කලා ක්‍ෂේත්‍රයේ කාලයක ඉඳලා නිර්මාණවල විවිධ චරිත නිරූපණය කළා. නමුත් ඔබ ප්‍රධාන චරිතයක් නිරූපණය කරන පළමු අදියර නේද මේ? 
මම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙලා අවුරුදු හතරක් විතර වෙනවා. මේ ගෙවුණු කාලය තුළ මම සුළු චරිත නිරූපණය කළා. නමුත් ‘සංගීතය’ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කළ ‘අමල්’ චරිතය තුළින් ප්‍රේක්‍ෂකයන් අතරට යෑමට හැකිවුණා. නමුත් මට ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතයක් කිරීමට අවස්ථාව ලැබුණේ ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍ය හරහා තමයි. ඉතින් මගේ කලා දිවියේ සුවිශේෂී කඩඉමක් ලෙසට මම ‘කිරිපුතා’ චරිතය හඳුන්වන්නට කැමැතියි.

01

 

02

‘කිරිපුතා’ චරිතය ඔබට සමීප නොවුණු චරිතයක් ලෙසට අපි දකිනවා. නමුත් කොහොමද ඒ අ’භියෝ’ගය ජයගත්තේ? 
මගේ ගම්පළාත මැදවච්චිය. මම ගමේ ඉපදුණු කොල්ලෙක්. නමුත් කසිප්පු වාඩියක අත්දැකීම් විඳගන්න දැකගන්න ගමේගොඩේ දැන් නැහැ. නමුත් අපේ ගමේ පුද්ගලයෙක් ඉන්නවා. ඔහු හැසිරෙන විදිහ චරිත ගතිලක්‍ෂණ ගැන මම විශේෂ අවධානයක් යොමු කළා මේ ‘කිරිපුතා’ චරිතයට සාධාරණයක් කිරීමට. ඒ වගේම ටෙලිනාට්‍යයේ සියලුම දෙනාගෙන් ලැබුණු සහායත් මේ චරිතය සාර්ථක වීමට විශේෂ හේතුවක් වෙනවා. මම තවමත් නිරන්තරයෙන්ම හිතන්නේ ‘කිරිපුතා’ චරිතය හොඳට කරන්න අලුත් දේවල් එකතු කරගන්නේ කොහොමද කියලා.

හැදෑරීමක් ඇතිව කලාවට පිවිසෙන නිසා තවත් පහසුවක් දැනෙන්නට ඇති නේද? 
ඉම්පාස් රංග පාසලට සම්බන්ධ වීමෙන් රංගනය කියන පැතිකඩය පැත්ත ගැන මට ගොඩාක් අත්දැකීම් ලබා ගැනීමට හැකිවුණා. ප්‍රසන්න මහගම සර් යටතේ හැබැයි ඉතින් චරිතයට සාධාරණයක් කිරීමට අපි නිරන්තරයෙන්ම සමාජය සමග ගනුදෙනු කරන්න වෙනවා. එතකොට අපිට හමුවෙන විවිධ චරිත අපේ රංගනයට ආභරණයක් ලෙස මම ඒ දේවල් රැකගන්නවා. මම නිරන්තරයෙන්ම සමාජයත් එක්ක ගැටෙන කෙනෙක්.

දැන් පසිඳුට වේදිකාවෙන් ලැබෙන අඩිතාලම කොයිවගේද? 
වේදිකාව තමයි මගේ ජීවිතය. වේදිකාවේ වැඩක් කිරීමට ආරාධනා ලැබුණත් මුල් කාලයේ ඒ සඳහා සම්බන්ධ වීමට නොහැකි වුණා. මම දැන් වේදිකා නාට්‍යය කිහිපයක වැඩ කරගෙන යනවා. මේ කොවිඩ් ප්‍ර’ශ්න නිසා ඒ සියලුම වැඩකටයුතු නතර වෙලා. ලීල් ආනන්ද ගජනායකගේ ‘කිරට හඬපු දරුවෝ’ සහ ‘රොමියෝ’ වේදිකා නාට්‍යය තුළින් මාව ඉදිරියේදී දැකබලා ගන්නට පුළුවන්.

03

ආදර පෙම් සබඳතා වැඩිපුරම ඔබට ගලාගෙන එන්නේ ‘කිරිපුතා’ නිසා කියලා ආරංචියි? 
මට තවම වයස 23යි. ආදරය ගැන හිතලා නැහැ. නමුත් ‘කිරිපුතා’ට සිකුරා ලබලා තියෙන්නේ. ඒ තරමට පෙම්වතියන්ගෙන් ආරාධනා එනවා. හැබැයි ඉතින් පසිඳුට ආදරය කරන්න කෙනෙක් තවම නැහැ.

මැදවච්චියේ ඉඳලා ආවේ නළුවෙක් වෙන්න අදහසින්ද? 
මම ගොඩාක් කැමැති වුණේ මාධ්‍ය ක්‍ෂේත්‍රයට සම්බන්ධ රැකියාවක් කරන්න. ඒ සඳහා මම කැමරාකරණය, නිවේදනය පිළිබඳ පාඨමාලාවක් කළා. හැබැයි මම ආපු ගමන එක්තරා වෙළෙඳ දැන්වීමක් නිසා මම හිතපු හැමදේම තප්පරයෙන් වෙනස් වුණා. ඒ වෙළෙඳ දැන්වීමේ මාව පෙනෙන්නෙවත් නැහැ හරියට. හැබැයි රංගන ශිල්පියෙක් වෙන්න ආශාවක් ඇතිවුණේ එදායින් පසුව තමයි.

–වසන්ත විතාරණගේ – මව් රට පුවත්පත් ඇසුරෙනි 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x