ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පටවිශේෂාංග

මැයි දවසේ උපන් නිසා සමන් ලෙනින් වුනා

අ-ප-ල-යා”’ මම ඔහු සොයා කොළඹ පීරුවෙමි. අන්තිමේදී අගනුවර පිහිටි එක්තරා නිවෙසකදී මට ඔහු මුණගැසිණි.
“අ-ප-ල-යා නේද?” 
මම ඔහුගේ දෑස දෙස බලාගෙනම විමසූ විට ඔහු සිනාසුනේය.
“මම නම් ස-ප-ල-යා… මොකද කරපු, කරන්න ගත්තු කිසිම කටයුත්තක් වැරදුණේ නැහැ. කරපු හැම වැඩක්ම ස-ප-ලයි.”
එවර ඔහු හඬින් සිනාසුනේය.

“ඒ වුණාට පානාමංකඩ අ-ප-ල-යා ඔයා වගේ…” මම හීන් හඬින් කියමි. “ඒක මෙහෙමයි. පානාමංකඩ ටෙලිනාට්‍යයේ අපලයාට රඟපාන නළුවා මම…” ඔහු කීවේ සිනාව අලුත් කරගනිමිනි.

“හරියට හරි… මං ආවෙ අන්න ඒ නළුවා හොයාගෙන. සපලයෙක් වූ අ-ප-ල-යා හොයාගෙන.” “වාඩිවෙමුකො. වාඩිවෙලාම කතාකරමු.”

ඔහු මට පුටුවක් පෙන්වීය. මේ සමන් ලෙලින්ගේ කැදැල්ලයි. 

කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පදවියක් ද හොබවන, සංගීතඥයෙක්, ගායකයෙක්, නළුවෙක් ලෙස ද කටයුතු කරන සමන් ලෙනින් දෙස මම මොහොතක් බලා සිටියෙමි.

“ඔය අ-ප-ල-යා කොහොම හාදයෙක්ද?” මම කතාබහට ඇරඹුම දුන්නෙමි. 
“අ-ප-ල-යා, අප්පච්චි කියන්නෙ ගුරුන්නාන්සෙ කෙනකුට. මෙයා කොහොඹා කං-කා-රිය එහෙම න-ට-නවා. අ-ප-ල-යා මේ කංකාරි වැඩවලටත් උදව් කරනවා. මේ අප්පච්චිට තව දූවරු පස් දෙනෙක් ඉන්නවා. බාලම දුව ඉපදෙන්න ගිහින් ඔහුගෙ ආදරණීය බිරිඳ මි-ය යනවා. කතාව පටන්ගන්නෙම එතැනින්.

වතාවක් මේ ගුරුන්නාන්සෙ කියනවා මට එක කොල්ලෙක් දීලා ගියානම් කියලා. ඔය වචන ටික අ-ප-ල-ය-ට ත-දි-න්ම දැ-නෙ-න-වා. ඔහු අර දූවරු පස් දෙනාගෙම වගකීම ක-ර-ට අරගෙන ක-න-ගාටුවෙන් ඉන්න මේ අප්පච්චිට උදව්වක් වෙනවා. මේ අ’ප’ල’යා, අර ගුරුන්නාන්සෙ අරන් හ-දාග-න්න දරුවෙක්.

ඒ නිසාම මේ පවුලෙ දෙවෙනි දුව එක්ක මෙයාගෙ සම්බ-න්ධෙ-කුත් ඇතිවෙනවා. අපලයා කියන්නෙ ඒ වගේ සං-කී-ර්ණ චරිතයක්.”
සමන් ලෙනින් කියාගෙන යන්නේ ව-ක්කඩ-කින් වතුර ගලන්නාක් මෙන් පැහැදිලිවය.
“ඔයාට කියන්න, රනිල් කුලසිංහ ඇවිත් මට අ-ප-ල-යා-ගෙ චරිතය කරන්න කියද්දි මං බෑ- කිව්වා.”

“බ’ය හිතුනා?” මම ඇසීමි. 
“ගෑනු ළමයි පස් දෙනකුටම මැ-දිවෙ-ලා රඟපාන්න බ-ය හිතෙනවනෙ.” මා කීවේ විහිලුවටත් එක්කමය. සමන් ලෙනින් සිනාව අලුත් කර ගත්තේය. “අර දෙවෙනි දුවත් එක්ක සම්බන්ධයකුත් ඇතිවෙනවනෙ. ඒ වගේ කාරණාවක් සමාජගත ක-ර-න්න පොඩි ච’කිතය’ක් ඇතිවුණා.” “ඒත් අන්තිමේදී ඔබ මේ චරිතය බාරගත්තා.”

“ඔව්. ඒක වුණේ මෙහෙමයි. ඔය රනිල් කුලසිංහ එන්නෙ මං ලව්වා පානාමංකඩේ සංගීතය නිර්මාණය කරවා ගන්න. ඒකට තමයි එයා ඇවිත් මාව මුණගැහෙන්නෙ. එදා, රනිල් එක්ක සමන්ත ගමගේත් එනවා. එයා තමයි මේ ටෙලිනාට්‍යයෙ පිටපත ලියන්නෙ. එයා මීට කලින් වැඩවලදි මට මුණගැහිලා තියෙනවා. ‘කොළඹ හත’ නාට්‍යයේ තේමා ගීතයේ නිර්මාණය කරද්දි එහෙම. ඉතින් සංගීතය ගැන කතා කරල ඉවරවෙලා රනිල් කියනවා, අයියෙ මේකේ එන අ-ප-ල-යා චරිතෙ රඟපාන්න වෙන්නෙත් ඔයාට කියලා. ඒක නම් බෑ කියලා මං උත්තර දුන්නා.

ඒත් රනිල් කුලසිංහයි සමන්ත ගමගේ දෙන්නම අ-ප-ල-යා චරිතය ගැන පැහැදිලි කරද්දි, මට ඒ චරිතයට ආ’ශාව’ක් ඇතිවුණා. පස්සෙ මං පිටපත කියවල බැලුවා. මට ඒ චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් කියලා හිතුනා. පස්සෙදි, මුලින් බෑ-කියපු රඟපෑමට හා කිව්වා.” සමන් ලෙනින් යළි සිනාසෙයි. අ-ප-ල-යා, සමන් ලෙනින්ගේ පළමු රංගන අත්දැකීම නොවේ. ඔහු මීට පෙරද ටෙලිනාට්‍ය කිහිපයක, වේදිකා නාට්‍ය කිහිපයක සුළු චරිත රඟපා ඇති රංගන ශිල්පියෙකි.

ගයා රම්‍ය අල්විස් ‘රන්සිරිමල්’ ටෙලිනාට්‍යය කරද්දී සිරිමල්ගේ පියාගේ චරිතය රඟපෑවේ සමන් ලෙනින් ය. ‘යස ඉසුරු’ ටෙලි නාට්‍යයේදී පුංචි චරිතයක් ඔහු රඟපෑවේය. ජයලත් මනෝරත්නගේ ‘බූ-රු-වා මහත්තයා’ වේදිකා නාට්‍යයේ පූරක චරිතයට පණ දුන්නේද සමන් ලෙනින් ය. එහි බෙර වයමින් ගයමින් ඔහු කළ රංගනය රසික සිත් දිනාගන්නට සමත් වූවකි.

ඒ හැර සමන් පනාපිටියගේ ටීකාව මෙන්ම සමන් ලෙනින්ගේම ‘භූමි’ ප්‍රසංගයේ ද සමන් රංගනාංග ඉදිරිපත් කළේය.
“මම රඟපෑමට එච්චර කැමැත්තක් නැ-හැ. මගෙ කැමැත්ත සංගීතයට සහ ගායනයට.” සමන් ලෙනින් අ-ව්‍-යාජවම පැවසුවේය.

01

 

02

ඒත් ඔහු අ-ප-ල-යා ලෙස රඟපාන්නේ රසික ප්‍රසාදයට පාත්‍රවෙමින් ප්‍රේක්ෂකාගාරය දිනාගනිමිනි.
“පානාමංකඩ රූගත කරන්නෙ කොහෙද?” 
මම යළිත් සමන් ලෙනින් අ-ප-ල-යා-ගේ ලෝකයටම කැඳවමි.
“බලංගොඩයි කල්තොටයි අතරෙ තියෙන පුරාණ ගමක. තනිජන්තැන්න කියලයි කියන්නෙ. මේ ගමේ පුදුම සෞන්දර්යයක් තියෙනවා. වටේටම කඳු වළලු. ඒ මැද්දෙ ගම තියෙන්නෙ බේසමක් වාගෙ. මාස තුනක්ම ෂූ-ටිං තිබ්බ නිසා ඒ ගමේ සෑහෙන කාලයක් ගත කළා.”

“ඒ කාලෙ සුන්දර ද? අසුන්දර ද?” 
“ඇත්තම කිව්වොත් සුන්දරයි. මේ ගමේ ජීවත්වෙන විදුහල්පතිවරු, ගුරුවරු වගේ අය වෙද මහත්වරු වගේ අය වගේම බඹර ක-ප-න්න කැලේ රිං-ග-න අයත් ඔය කාලෙදි මට මුණගැහුණා. මං ඉතින් ඒ පළාතේ ජනකතා ජනකවි වගේ දේවල් එකතු කරගත්තා. මට හමුවුණු අර බඹර ක-ප-න මනුස්සයා පුදුම මිනිහෙක්. මං එයා ගැන කියන්නද?” සමන් ලෙනින් ඇසුවේය. “කියන්න.” මම කීමි.

ඉර හැංගෙන හැන්දෑව සමන් ලෙනින්ගේ පිළිසඳරක් වුවත් ඔහුගේ විවිධ අත්දැකීම්වලට ද ඉඩක් වෙ-න්කි-රී-මේ ව-ර-ද-ක් වේද? 
“බඹර ක-ප-න මනුස්සයා කැලේට ගියේ මාමත් එක්ක. ගහකට නැ-ග-ල, ගහේ අත්තක් ක-ප-ද්දි මේ මනුස්සයාගේ ඇඟිලි දෙකක් කැ-පි-ලා. ඒ ඇඟිලි දෙක හ-මෙ-න් විතරක් එ-ල්ලෙ-ද්දි මෙයා ගහෙන් බැ-හැ-ලා. මාමා හිටියෙ ගහ යට. බෑණාගෙ අත දැක්කා විතරයි, මාමා සි-හි නැ-ති-වෙලා වැ-ටෙ-න-වා. එතකොට අර තු-වා-ල වුණු බෑණා මේ මාමාවත් කරේ තියාගෙන ගෙදර ගිහින්. ඒ වගේ ශක්තිමත් මිනිහෙක් එයා.” සමන් ලෙනින් සිනාසේ.

ඇඟ හි-රි-වැ-ටෙ-න කතාවක් කියා ඔහු සිනාසුනත් මට සිනාසෙන්නට අමතක විය. 
“පානාමංකඩේ සංගීතයත් මගේනෙ. ඔය තේමා ගීතයෙ මුලින් කියැවෙන ශ්ලෝකයක් තියෙනවා. ඒ ශ්ලෝකය අපේ තාත්තා හැම තිස්සෙම කියන ශ්ලෝකයක්. ‘දු-ක සැප දෙකම මේ ජීවිතේට, එනවා ඒ දෙකම සමබරයි, ඒක තමා හැටි. ඉතිං මොනව කරන්නද?’ තාත්තා හැම තිස්සෙම එහෙම කියනවා.”

පානාමංකඩ යනු, වෙලක ඇති විවිධ මංකඩවල් අතරේ පිරිසිදු වතුර රැඳෙන මංකඩයි. එහි වතුර, වෙලේ වැඩ කරන මිනිසුන් අ-ප්පිරි-යාව-ක් නැතිව බී-ම-ට ගනියි. ඒ පානමංකඩ නමින් පානාමංකඩ ලෙස නම්දුන් ටෙලිනාට්‍යයෙනුත් අ-ප-ල-යා-ගේ චරිතයෙනුත් සමුගෙන, මම සමන් ලෙනින් වෙනම දිශාවකට රැගෙන යමි. ඒ ඔහු කියාගෙන ආ ඔහුගේම තාත්තා වෙතය.

“කව්ද ඔයාගෙ තාත්තා?” 
මා ඇසුවේ එබැවිනි.
“කොට්ටව සිරිසේන. එයා දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. ඔය මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා මහගෙදරට ආපු වෙලාවට එයාව ඔරුවෙ න-ග්ගා-ගෙන කොග්ගල ඔය දිගේ එක්කගෙන ගිහින් තියෙන්නෙ මගේ තාත්තා. ගඟ මැද්දෙන් ඔරුව පැදගෙන යනකොට වික්‍රමසිංහ මහත්තයා නිශ්ශබ්දව ගඟ දිහාවෙ බලාගෙන ඉන්නවලු. ගඟේ වතුර විහිදෙන විදිහ, මාළු උඩ පනින විදිහ, පිලිහුඩුවා දි-යකා-වො ගඟේ ගිලිලා මාළු අ-ල්ල-න විදිහ, ගඟ දෙපැත්තෙ තියෙන ගස්වල ලස්සන වගේ දේවල් විඳිමින්.

ඒ වගේම තාත්තා කවියෙක්. මගුල් තුලා, උත්සවවලට ගියාම තාත්තා කවියක් දෙකක් එහෙමත් කියනවා. හැබැයි ඒවට අම්මා කි-පෙ-න-වා. එයා බ-නි-න-වා. එතකොටත් තාත්තා අර ශ්ලෝකය තමා කියන්නෙ.”

ඔහු සිනාසේ. ඒ හිනාවෙන් සැලවෙන්නේ ස-ර-ද-ම-කි. වාසනාවකට මෙන් ඔහු, ඔහුගේ බිරිඳගෙන් බැ-ණු-ම් අහන්නේ නැති පාටය. නැත්නම් අර වගේ සිනාවකින් ඔහුගේ මුහුණ හැඩවන්නට බැරිය.

“ඔයා වැඩියෙන්ම කැමති සංගීතයට හා ගායනයට කිව්වා. කොහොමද මුලින්ම ටෙලියකට හරි වෙනත් නිර්මාණයකට හරි සංගීත නිර්මාණයක් කෙරෙන්නෙ?” මම සමන්ගෙන් අසමි. 
“එතකොට මම සෞන්දර්ය විශ්වවිද්‍යාලෙ අවසන් වසරෙ ශිෂ්‍යයෙක්. ලලිත් පන්නිපිටිය මට කියනවා එයාගෙ ‘සංගිලි’ චිත්‍රපටයට සංගීතය නිර්මාණය කරන්න කියලා. මේ වෙද්දි මම සමන් පනාපිටිය සර්ගෙ මාත්‍රා කණ්ඩායමේ වාදකයෙක්. මගෙ ගමනට ලොකුම තල්ලුව දෙන්නෙ මේ සර්. ඒත් මගෙ සර්ට තාම චිත්‍රපටයක මියුසික් කරන්න අවස්ථාවක් ලැබිලා නැ-හැ. ඉතින් සර්ට නොලැබුණු අවස්ථාව මට බාරගන්න හිත දෙන්නෙ නැහැ.

මම ලලිත් පනාපිටියට කියනවා, මට බෑ, අපි මේක සමන් පනාපිටිය සර්ට දෙමු කියලා.
මේක ලලිත්ට ප්‍ර-ශ්න-ය-ක්. උ-ඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලෙ නම් ඉන්නෙ මේ වැ-ඩේ බාරගන්න බැ-රි ඇයි කියලා එයා අහනවා. එතකොට මං ඇත්තම කතාව කිව්වා. මගෙ සර් ඉන්දැද්දි මම මේ වැඩේ බාරගන්න එක හරි නෑ කියලා. මේ කතාව අහන ලලිත් කියනවා, එහෙනම් සර්ට කතා කරන්න කියලා. මම සර්ට කතා කරල විස්තරේ කිව්වාම එයා කිව්ව, හරි බං- කරමු කියලා.

‘සංගිලි’ එහෙම ගියා. ඊට පස්සෙ මට එනවා සුමින්ද කිත්සිරිගෙ ‘ක-ටු-සු’ පාලිය’ වේදිකා නාට්‍යය. මම ඒ වැඩේ මහන්සි වෙලා කරනවා. ඊට පස්සෙ ගයා රම්‍ය අල්විස් එයාගෙ ටෙලිනාට්‍යයක තේමා ගීතය දෙනවා සංගීතවත් කරලා ගායනා කරන්න. ඔය විදිහට ‘ගරුඬ මුහුර්තය’, ‘පානාමංකඩ’ සංගීතවත් කළා. ‘මානික්කාවත’ ඉස්සරහට එන්න තියෙනවා.”

ඔහු කතාවට විරාමයක් තබා සිනාසෙයි.
එහෙත් මට තවමත් කතාබහ අවසන් කළ නො-හැ-කිය. මට ‘අ’මු’ඩෙ’ සිහිපත් වේ. මීට දෙවසරකට පමණ පෙර සමන් ලෙනින් ගැයූ ‘අ-මු-ඩෙ’ ගීතය හෙවත් ‘අනේ ඕකගෙ අ-මු-ඩෙ කැ-ඩි-ය-න්’ නමැති වස්කවිය ලක්ෂ සංඛ්‍යාත රසික සමූහයකගේ ආදරයට පාත්‍රවිය. මම සමන් ලෙනින්ට පළමුවරට කතා කළේද මේ ‘අ-මු-ඩ-ය’ නිසාමය.

“ළඟකදි ව-ස්ක-වි එහෙම කිව්වෙ නැද්ද?” 
මම අසමි. “පානාමංකඩේදී ව-ස්ක-විත් කියන්න වුණා.” ඔහුගේ සිනාව පෙරට වඩා පුළුල් ය.

“අ-මුඩෙ කැ-ඩි-ය-න් කියලමද?” 
එවිට සමන් ලෙනින්ගේ සිනාව ද-ඟකාරය.

“අනේ මන්දා. ඔය අ-මු-ඩෙ කියන්නෙ ඉස්සර ශිෂ්ට සම්පන්න ඇඳුමක්. අද තමා අ-මු-ඩෙ අවුල් වෙලා තියෙන්නෙ.”
ජනශ්‍රැතිය ජනකවිය ජන සාහිත්‍යය නිරතුරුවම ඇසුරු කරන මේ අපූරු මිනිසා සමන් බව අපි දනිමු. එහෙත් ඔහු සමන් ලෙනින් වීම අරුමයකි.

“ඔයා කොහොමද සමන් ලෙනින් වෙන්නෙ?” 
මා අසන්නේ ස-මුගන්න-ට මොහොතකට පෙරාතුවය.
“මම උපදින්නෙ මැයි පළමුවෙනිදාවක. මාව උපදින්න අම්මව ඉස්පිරිතාලෙට ගිහින් ඇ-රලව-ලා තාත්තා මැයි පෙළපාළියෙ ගිහින්. ඒවා ඉවර කරල ගෙදර එනකොට මගදිම ආරංචි වෙලා තාත්තාගෙ කොල්ලො හතරට තවත් කොල්ලෙක් එකතුවෙලා කියලා. තාත්තා මට සමන් ‘ලෙනින්’ කියලා දැම්මෙ මම මැයි දවසෙ උපන්න නිසාලු.”

මම පෑන වසා සාක්කුවේ දාගෙන සටහන් පොත ද වැ-සී-මි. ඒ අපේ පිළිසඳර මෙතෙකින් අවසාන වන බැවිනි. මම ඉඳ සිටි පුටුවෙන් නැ-ගි-ට්ටේ පිටව යන අදහසිනි.

03

 

04

“මගෙන් මොකක් හරි වැ-ර-දි ප්‍-රශ්න-ය-ක් එහෙම ඇහුණද දන්නෙ නෑ?”  මම සමන් ලෙනින්ගේ මුහුණ බලමි.

“ඇයි එහෙම අහන්නෙ? අහපු හැම ප්‍ර-ශ්නෙ-කට-ම මම පිළිතුරු දුන්නනෙ.”
“ඒ වුණාට හිතට බ-ය-යි බ-ය-යි වගේ.”

“ඇයි?” 
“ව-ස් කවියක්වත් කියැවුණොත්. අනේ ඕ-ක-ගෙ සරම කැ-ඩි-ය-න් අමුඩෙ අමතක වෙලා ති-බි-ය-න් වගේ…” මම කීවෙමි. සමන් ලෙනින් හ-ඬින් සිනාසෙද්දී මම පාරට බැ-ස්සෙ-මි.

ශාන්ත කුමාර විතාන – උපුටා ගැනීම – සාරවිට වෙබ් අඩවියෙනි

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x