විදෙස් පුවත්විශේෂාංග

බිලි පූජාවක් ලෙස දෙවියන්ට කැප කළ 13 හැවිරිදි දැරිය

මේ සිටින්නේ මීට වසර 500කට පමණ පෙර ඉන්කාවරුන් විසින් බිලි පූජාවක් ලෙස දෙවියන්ට කැප කළ 13 හැවිරිදි දැරියකගේ සීතලෙන් ගල්වුන සිරුරක්‍. බැලූ බැල්මට පෙනෙන්නේ ඇය නිදා සිටින බවයි.

1999 දී ලුලයිලකු කදු මුදුනේ හිමෙන් වැසීගිය භූමියක තිබියදී මෙම මළ සිරුර සොයා ගෙන තිබේ. ඇය සමග තවත් ළමුන් දෙදෙනෙකු ද මෙලෙස ඉන්කාවරුන් විසින් දෙවියන්ට පූජා කර ඇති අතර ඔවුන්ගේ සිරුරු ද හමුවී ඇති නමුත් මේ තරම් ඒවා සුරක්ෂිත වී නොමැත.

ඇයගේ හිසේ තවමත් උකුනන් පවා සිටින අතර ඇය ඒ තරම් සීතලෙන් ආරාක්ෂා වී සිටී එමෙන්ම මෙම දැරියගේ හදවත පෙනහළු අක්මාව වකුගඩු ඇතුළු සියලුම ශරීර කොටස් හොඳින් ආරක්ෂා වී ඇති අතර නහර වල තවමත් රුධිරය ද දක්නට ඇත. ඉන්කාවරුන්ගේ විශ්වාසයට අනුව ඔවුන් මිය යන්නේ නැත.පූජාව සිදු කළ කඳු මුදුනේ සිට තම ගම්බිම් ආරක්ෂා කරමින් දෙවියන් හා මියගිය මුතුන් මිත්තන් හා එක්වී ජීවත් වන බවත් ඇයව ඝාතනය කිරීමට පෙර, අවුරුද්ද ක් පුරා බිලි පූජාව සඳහා සූදානම් කර තිබේ.

දැරිය මියයන විට ක්ෂය රෝගයට සමාන රෝගයකින් පීඩා විද ඇති අතර පුදුමය වන්නේ රෝග කාරක තවමත් ඇගේ සිරුරේ සජීවීව පැවතීමයි.ආර්ජන්ටිනාවේ මුහුදු මට්ටමේ සිට අඩි 22,100 ක් ඉහළින් පිහිටි ගිනි කන්දක් වන ලූල්ලාල්ලාකෝ මත මෙම බිලි පූජාව සිදු කර ඇත.

සඳහා දින තුනක් තිස්සේ පැයට සැතපුම් 70 ක වේගයෙන් හමන සුළං සහ හිම කුනාටු ඔස්සේ මුහුදු මට්ටමේ සිට අඩි 22,000 ක් ඉහළින් පිහිටි කඳු මුදුනට ලඟාවීම ඉන්කා ශිෂ්ටාචාරය හැදෑරූ විද්‍යාඥයන් කටයුතු කර තිබේ.එහිදී සෘජුකෝණාස්රාකාර බිත්ති සහිත ප්‍රදේශයක් දැක, අඩි පහක් පාෂාණ හා පස හාරා අවසානයේ ඉන්කාන් සුසාන වේදිකාවක් සොයා ගෙන ඇත. කණ්ඩායමේ එක් අයෙකු පළමුවෙන් වළට බැස, ඇයව ආරාක්ෂිත ගැට ගසා දෑතින් ඇද ඉහලට ගෙන ඇත.

මෙලෙස දරුවන් තිදෙනාව ගොඩටගත් නමුත් අනිත් දෙදෙනා තරමක් දිරාගොස් තාබේ. ඇය අවුරුදු 500කට කලින් මිය ගිය අයකු නොව පනපිටින් සිටින අයකු මෙන් දැකීම නිසා ඇයව මුලින්ම දුටු පුද්ගලයා ඇයව දැක බය වී තිබේ.

 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x