ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

රණවිරු සමීර ප්‍රියන්ත හෙළි කළ සංවේදී කතාව

පසුගිය දශක කාලය තුළ උතුරු, උතුරුමැද පළාත්වල තිබූ අවුල් සහගත තත්ත්වයන් නිසා රටේ ජනතාව පීඩාවට පත්වුණා. ඉතින් ඒ අවුල් සහගත තත්වයන් නිරන්තරයෙන්ම සමනයට පත් කරන්න අප කැප වුණේ වීරෝදාර රණවිරුවන්. ඔවුන්ගේ අද දවස මිනිසුන්ගේ හෙට දවස වෙනුවෙන් කැප කළ නිසා ආබාධ තත්ත්වයෙන් පසුවන වීරෝදාර රණවිරුවන් තාමත් පුනරුත්ථාපන කඳවුරු වල ජීවත් වෙනවා. සාමාන්‍ය මිනිසුන් වගේම ජීවිතය විඳින්න අයිතියක් අපි වෙනුවෙන් කැපවුණු මේ රණවිරුවන්ටත් තියෙනවා.

කෙසේ නමුත් ඇස්,අත් ,පාද දන් දුන් රණවිරුවන් තාමත් මේ මිහිපිට ජීවත් වෙනවා. ඒ ආකාරයෙන් රට වෙනුවෙන් කැප වුණු අපූරු රණවිරුවෙක් තමයි සමීර ප්‍රියන්ත කියලා කියන්නේ. රටේ ජනතාව වෙනුවෙන් කළ ඒ කැප කිරීම නිසා ඔහු මේ වනවිට පාදයක් අහිමි ආබාධිත පුද්ගලයෙක්. ජීවිතයේ සියලුම දේ අහිමි වූ ඒ අඳුරු දවස පිළිබඳව රණවිරු සමීර මතකය අවදි කළේ මෙහෙමයි.

”පුදුමාතලන් ප්‍රදේශයේ ක්‍රියාන්විතයේ ඉද්දි තමයි මේ සිදුවීම උනේ. 2009.05.13 දින රාත්‍රී 11 යි 30 ට පමණ සතුරන් විසින් අටවපු උගුලකට අහු වෙලා මගේ අතේ ඇඟිලි, අතේ අස්ථි, මගේ පාදයට ,බඩට ,කොන්දට මුළු ඇඟටම ඩැමේජ් වුණා.එහෙම වුණත් හිතේ හයියට මට සිහිය තිබුණා. තුවාල වෙලා අවුරුදු හතරක් පහක් සෑහෙන්න දුක් වින්දා. හොස්පිට්ල් එකේ ඉද්දි නැගිට ගන්නවත් බැහැ. හැමතැනම තුවාල. බෙහෙත් දාලා කවුරුත් අල්ලන්නෙ වත් නැහැ. නාන්න වත් නැතුව මාස 4ක් 5ක් හිටියා එක දිගට. අල්ලද්දි ඇඟේ කෑලි ගැලවෙනවා. ඒ තරමට කවුරුත් අල්ලන්න බයයි. අන්තිමට ජාතික රෝහලේ නර්ස් කෙනෙක් තමයි මාව නෑව්වෙ…..”

ඉතින් ඒ තමයි සෝචනීය රණවිරුවෙකු ජීවිතයේ ලබපු අමිහිරිම අත්දැකීම පිළිබඳ ව සඳහන් කළ ආකාරය. පුනරුත්ථාපන කඳවුරක කාලයක් සිටි සමීර මේ වෙද්දි දක්ෂ නර්තන ශිල්පියෙක් විදිහට ගොඩක් දෙනෙක් අඳුනනවා. ඔහු නර්තනයේ යෙදෙන විවිධ ගීත සමාජ මාධ්‍ය පුරාවට පැතිරීම නිසා ගොඩක් දෙනෙක් ඔහු පිළිබඳව හොයන්න පටන් ගත්තා.

ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් තමයි මේ අපූරු රණ විරුවා ඔහුගේ ජීවිතය මේ අමිහිරි අත්දැකීම පිළිබඳව සඳහන් කළේ. ජීවිතයේ ඉතිරි කාලය තුළදී ඔහු බලාපොරොත්තුව සියලුම වැඩ කටයුතු ඒ අයුරින්ම සාර්ථක වේවා කියා අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරන්නෙමු.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x