ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේ

සුනිල් පෙරේරාට පණ දෙන්න ලන්ඩනයෙන් කළ ඉල්ලීමට පවුල ප්‍රතිචාර දක්වා නෑ

දිවංගත සංගීතවේදී සුනිල් පෙරේරාගේ ඉටි වලින් තනන ලද මූර්තියක් ලන්ඩනයේ ජනප්‍රිය ඉටි මූර්ති කෞතුකාගාරයක් වන මැඩම් ටුසේට් කෞතුකාගාරයේ ඉදිකිරීමට අවධානය යොමුව තිබෙන බව වාර්තා වෙයි.

ලන්ඩනයේ සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයෙකු වන ෆලීල් මරික්කාර් නමැති පුද්ගලයෙක් මෙම කටයුත්ත සඳහා මූලිකත්වය ගෙන ඇත.

බෙහෙවින්ම සංචාරක ආකර්ෂණ ස්ථානයක් වන ලන්ඩනයේ මැඩම් ටුසෝඩ්ස් කෞතුකාගාරයේ බ්‍රිතාන්‍ය රාජකීය පවුල, හොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පීන්, ගායන ශිල්පීන් ඇතුළු ලොව විවිධ ජනප්‍රිය චරිතයන්ගේ ඉටි වලින් තැනූ පණ පෙවූ පිළිම තැන්පත් කර ඇත.

මේ පිළිබඳව සුනිල් පෙරේරාගේ පුතුණුවන් වන සජිත පෙරේරාගෙන් විමසීමේ දී ඔහු ප්‍රකාශ කළේ එසේ ඉදීකිරීම සම්බන්ධයෙන් ඉල්ලීමක් තම පවුලෙන් කර ඇති ද ඒ පිළිබඳව තවමත් කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි.

අශිකා ජයවීර

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x