දේශීය පුවත්ප්‍රධාන පුවත්

කොවිඩ් සුව කරන බව කී එලියන්ත වයිට් කොවිඩ්වලින්ම මිය යයි

කොවිඩ් වැළඳීමෙන් කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ වෛද්‍ය උපදේශයෙකු බව කියන එලියන්ත වයිට් මහතා ජීවිතක්ෂයට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

එලියන්ත වයිට් මහතා කොවිඩ් වසංගත පාලනය කිරීම සඳහා තමන්ට ‘කුණ්ඩලිනී ශක්තිය’ ඇති බවට මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

පසුව, ඉන්දියාවේ කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ද සම්බන්ධ වුණු බවට ද වාර්තා විය.

එමෙන් ම, ඔහු විසින් කොරෝනාවෛරසය මෙරටින් තුරන් වීමට යැයි සඳහන් කරමින්, ඇමතිවරුන් කිහිපදෙනෙකු සම්බන්ධ කර ගෙන ගංඟා කිහිපයකට මුට්ටි කිහිපයක් දැමීමට ද කටයතු කළේය.

තාරක සම්මාන්, කුමුදු ජයවර්ධන
(මව්බිම පුවත්පත)

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x