දේශීය පුවත්ප්‍රධාන පුවත්විදෙස් පුවත්

දුම්රිය වර්ජනයට හේතුව මෙහෙයුම් වැරදි සඳහා දුම්රිය සේවකයින්ගෙන් අය කිරීමට යාමයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් සහ දුම්රිය නියාමකවරුන් ඊයේ (17) මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අනුර පීරිස් මහතා සඳහන් කළේ දුම්රිය ධාවනයේ දී සිදුවන මෙහෙයුම් වැරදි සඳහා දුම්රිය සේවකයින්ගෙන් අලාභයක් අයකර ගැනීමට රජය ගෙනඇති තීරණය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක බවය.

බලධාරීන් සමග සිදුකළ සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව අනුර පීරිස් මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් දුම්රිය වර්ජනය ක්‍රියාත්මක කළ ද වෙනත් නිලධාරීන් යොදවා කාර්යාල දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට පියවරගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය 5ක්, මුහුදුබඩ මාර්ගයේ කාර්යාල දුම්රිය 4ක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා විය.

අනෙක් දුම්රිය මාර්ගවල කාර්යාල දුම්රිය දෙක බැගින් ධාවනය කිරීමට ද පියවරගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලබන 22වන දින සංඛේත වැඩ වර්ජනයක නිරතවීමට රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

එහි ලේකම් වෛද්‍ය විපුල වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම සංඛේත වැඩ වර්ජනය සිදුකරන බවය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button