ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

ඒ විදියට නාපු එක නම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ

ශර්මිලා ධර්මරාසා ෆොන්සේකා නිර්මාණය කළ ‘‘පොදු’’ නාට්‍ය හැඩ කළ ඇය නමින් ළහිරුණි රශ්මිදාරාය. පොදු නාට්‍යයේ චරිතය සමග කරලියට ඒමට පෙර ඇය වැඩි දෙනෙක් හඳුනාගෙන සිටියේ රූපවාහිනි දැන්වීම්වලට පෙනී සිටි නිසාය. සුදු කෙල්ල කොහෙන්ද හොයා ගත්තේ, ඇඩ් එක ඉන් එකකි. මේ විදියට පොදු නාට්‍යය හොයා ගත්ත සුදු කෙල්ල කවු ද? මෙවර කතා බහ ඇය සමගයි.

ළහිරුණි රශ්මිදාරා ඔබ ගැන විස්තර ටිකක් කිව්වොත් ? 

මගේ ගම හෝමාගම. ඔප-රේ-ෂන් සහ ලොජිස්ටික් මැනේජ්මන්ට් අංශයෙන් හදාරා, NSBM හරිත සරසවියෙන් උපාධිය ලබා ගත්තා. උපාධිය ලබාගෙන රැකියාවක් ගැන සොයමින් සිටින අතරවාරයේදී පොදු නාට්‍යයයේ රඟපෑම් අවස්ථාව ලැබුණා. ඊළඟට මගේ අරමුණ MBA උපාධියට පෙනී සිටිමටයි.

ලහිරුණිට පාසල් එහෙම ගියේ ? 

පහ වසර දක්වා ගියේ ගොඩගම සුභාරතී විද්‍යාලයට. ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා කොළඹ දේවි බාලිකා විද්‍යාලයට ආවා. උසස් පෙළ දක්වා ඉගෙන ගත්තේ දේවි බාලිකාවෙන්.

පවුලේ විස්තර ගැන කියමු ? 

අම්මයි තාත්තයි මමයි, නංගිලා දෙන්නයි. චූටි නංගි තවම පාසල් අධ්‍යාපනය ලබනවා. දෙවැනියා මට වඩා වසර දෙකක් බාලයි. ගෙදර ඔක්කෝමලාගෙන් මගේ මේ ගමනට ලැබෙන්නෙ හොඳ සහයෝගයක්. එයාලා ඔක්කෝම කලාව රසවිඳින්න ආසයි.

ඉගෙන ගත්තේ මොන වගේ අරමුණක් ඇතිව ද? 

උසස් පෙළ කළේ වාණිජ අංශයෙන්. අරමුණ වුණේ ගුවන් සේවිකාවක වීමටයි. උසස් පෙළ සමත් වී සරසවි වරම් ලබා ගත්තා. ඒත් ඒ අතරවාරයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ රැකියාවකට අයඳුම් කරලා තිබුණෙ. ඊට පස්සේ සරසවි ගමන නොයා ගුවන් සේවිකාවක ලෙස වසර දෙකක් කටයුතු කළා. හැබැයි උසස් අධ්‍යාපනය නතර කිරීම අරමුණ වුණේ නැහැ. ප්‍රථම පංතියේ උපාධියක් ලබා ගැනීමට තිබුණු ආසාව නිසා ගුවන් සේවිකා රැකියාවෙන් ඉවත් වුණා. ඉන් පසුව උපාධිය වෙනුවෙන් ඉගෙන ගෙන මම බලාපොරොත්තු වෙච්ච විදියටම ප්‍රථම පංතියේ උපාධියක් ලබා ගත්තා. ඒ විදියට ඉන්න කොට තමයි මම මේ රඟපෑමේ චාන්ස් එක ලැබුණෙ.

01

 

02

ඊට පෙර රඟපාලා තිබුණෙ නැති ඔබට රඟපෑමට එක් වරම ආවාම මොන වගේ හැඟීමක් ද ඇති වුණේ ? 

NSBM හරිත සරසවියේ ඉගෙනුම ලබමින් සිටියදී, එහි පැවැති අවුරුදු උත්සවයකදී අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වී දෙවැනි ස්ථානය ලබා ගත්තා. එයින් පසුව රූපවාහිනි දැන්වීම් රැසකට පෙනී සිටීමේ අවස්ථා ලැබුණා. දැන්වීම්වලට පෙනී සිටියත් රඟපෑමේ අදහසක් අරමුණක් තිබුණේ නැහැ. මගේ කැම්පස් එකේ යාළුවෙක් දෙරණ සුදේශ් උදයකුමාර අයියාව හඳුනනවා. ඒ දැන හැඳිනීම් ඔස්සේ පොදු නාට්‍යයේ තිර පරීක්ෂණයට සහභාගී වීමට ලැබුණා. මාව තෝරා ගනිවි කියලා නම් හිතුවෙ නැහැ. ඒත් මොකක් හෝ වාසනාවකට මාව තේරුණා. දැන්වීම්වලට පෙනී සිටියට, රඟපාලා තිබුණේ නැති නිසා පළමු අත්දැකීම මට ගෙන දුන්නෙ ලොකු හැදෑරීමක්. ඒ අභියෝගය ජය ගන්න මට උදව් කළේ පොදු නාට්‍යයේ ආදරණීය අධ්‍යක්ෂිකාවක වූ ශර්මිලා ධර්මරාසා ෆොන්සේකා නොහොත් අපි ආදරයට අමතන ශ්‍යාම් සහ රන්දික, මනෝජා, රසාදරී පීරිස් අක්කා ඇතුළු පොදු කණ්ඩායම මට බොහෝ දේ කියා දුන්නා. අධ්‍යක්ෂිකාවක් විදියට ශ්‍යාම් මාව හරිම සැහැල්ලු කළා. අ-නව-ශ්‍ය පී-ඩ-න-ය-ක් දීලා නෙමෙයි මාව චරිතයට යොමු කළේ. ජ්‍යෙෂ්‍ඨ කලාකරුවන් හැමෝම මාව ආධුනික විදියට නෙවෙයි පිළිගත්තේ. ඒ සියලු දේ නිසා විශ්වාසනීයත්වයකින් චරිතය රඟපෑමට පුළුවන් වුණා.

පොදු නාට්‍යයේ නිලුට එයාගේ ආදරය අන්තිමට ලැබුණා. සැබෑ ජීවිතයේ දී ළහිරුණිටත් ආදරය ලැබිල ද තියෙන්නේ? 

ඔව්. එහෙමයි.

පොදු වලින් පසු ඔබගේ රඟපෑමේ ගමන කොහොම ද? 

​දෙක තුනකටම ආරාධනා ලැබුණා. එයින් එකකට විතරක් කැමති වුණා. ඉගෙන ගත්ත අංශයෙන් ඉදිරියට යාමේ අදහසකුත් තියෙන නිසා රංගනය සහ කළ යුතු රැකියාව ගැනත් හිතලා සමබරව යා යුතු ගමනක් මේක. ​හොඳ නිර්මාණයක් ලැබුණොත් හැදෑරීමක් එක්ක රඟපෑමේ ගමන යන්න බලාපොරොත්තු වෙනවා.

සැබෑ ජිවිතයේ ළහිරුණිට කොහොම චරිතයක් ද? 

සැහැල්ලුවෙන් සතුටින් ඉන්න කැමති චරිතයක්. ඒ වගේම ටිකක් විතර න-පු-රු චරිතයක්. ටිකක් විතර හි-තුව-ක්කාර චරිතයක්. හැබැයි එහෙම නොවී ඉන්න උත්සාහ ගන්නවා.

ළහිරුණිට වඩා දක්ෂ ? 

මම හිතන්නේ ඉගෙනීමට කියලයි. ඉගෙන ගන්න මම හරි ආසයි. ටිකක් විතර චිත්‍ර අඳින්න පුළුවනි.

පොදු නාට්‍යයේ නිලු වගේම සැබෑ ජීවිතයේ දී ළහිරුණි ආදරය ගැන හිතන්නේ? 

සැබෑ ජීවිතයේ දී ආදරය කියන දේ අපි හැමෝටම අවශ්‍ය දෙයක්. ලැබිය යුතු දෙයක්. ඒක සුන්දර අත්දැකීමක්. ආදරය කිව්වාම ගැහැණු ළමයකු හා පිරිමි ළමයකු අතර ඇති වන ආදරය ගැන විතරක්ම නෙවෙයි, මම කියන්නේ. හැමෝටම හැමෝගෙන්ම ලැබෙන ආදරය ගැනයි. ලෝකය පවතින්නෙම ආදරය නිසයි. ආදරය හැමෝටම ලැබිය යුතු දෙයක්.

පොදු නාට්‍යයේ මතකයන් ගැන කියමු ? 

මගේ ප්‍රථම රංගනය නිසා, ඒ අත්දැකීම හොඳ මතකයක්. තවත් බොහෝ මතකයන් තිබෙනවා. ඒ අතරින් කොළඹ ටවුන් හෝල් එකේ මහ පාන්දර වැස්සේ තෙමෙන්න වෙච්ච අවස්ථාව කොහොමටත් අමතක කරන්න බැහැ. ටවුන් හෝල් එකේ පාරේ මැද්දේ තෙත බ-රි-ත වෙන්න වේවි කියලා මම කවදාවත් හිතුවෙ නැහැ. ඒත් ඒ දේ වුණා. පොදු තේමා ගීතයේ රූගත කිරීම් වෙනුවෙන් තමයි ඒ විදියට පෙනී සිටියේ. පාන්දර 4 ට මමයි ඉන්දිකටයි නාන්න සිදු වුණා. ආයෙත් දවල් කාලයේ දී වතුර ප්‍-ර-හා-ර-ය-කටත් මුහුණ දුන්නා. සොයා බලා ඉඳිද්දි තමයි දවල් නෑවෙ.

03

 

04

ඒ කියන්නේ පුදුම නෑමක්? 

ඔව්. රූගත කිරීම් වෙනුවෙන් වුණත් ඒ විදියට නාපු එක නම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.

ප්‍රධාන වෘත්තිය ලෙස ඉදිරියේදී තෝරා ගැනීමට කැමති මොන අංශය ද? 

රඟපෑම බොහෝ විට මම විනෝදාංශයක් ලෙස කරාවි. කලාවට කොහොමටත් මම ආදරෙයි. වෘත්තිය ජීවිතේ ලෙස කැමති ඉගෙන ගත් අංශය වෙතින් රැකියාවක් කිරීමටයි.

ළහිරුණි මොන විදියට ජීවත් වෙන්න කැමති චරිතයක් ද? 

වර්තමානයට සාපේක්ෂව ජීවත් වෙන්න කැමති චරිතයක්. ඒ මොහොත සතුටින් ගත කරන්න ආසයි.

කසාදයක් කර ගන්නවා නම් දේවි බාලිකාවට ගිය කාන්තාවක් විවාහ කර ගැනීම තමයි වඩා හොඳ කියලා පසුගිය දිනවල සමාජයේ කාතාවක් ගියා නේ ද? දේවි බාලිකාවට ගිය ඔබ ඒ ගැන හිතන්නේ කොහොම ද? 

පොළවේ පය ග-හ-ලා ජීවත් වන චරිත නිසා වෙන්නැති එහෙම කියන්න ඇත්තේ. පොළව පය ග-හ-ලා ජීවත් කරවන තරමට ජීවිතය දැනෙනවා. ඒ වගේම ජීවත් වන තරමට ජීවිතය දැනෙනවා. ඒ වගේම ජීවත් වෙන්න පහසුයි.

‘පොදු’ නිසා ඔබට කතා කරන්නේ නිලු කියල ද? රිල්ලි කියල ද? 

කැම්පස් කාඩ් එක වන රිල්ලි කියලා කතා කරන්නේ.

සටහන- සඳුන් ගමගේ
(සාරවිට වෙබ් අඩවියෙනි )

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x