දේශීය පුවත්ප්‍රධාන පුවත්

රජ කාලෙන් පස්සෙ රටට සේවයක් උනේ මහින්ද රාජපක්ෂ යුගයෙදි විතරයි

රජවරුන‍්ගේ සමයෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා තරම් රටට සේවාවක් සිදුකළ, ජනතාවට සමීප වූ වෙනත් නායකයෙකු නොමැති බව රාමඤ්ඤ නිකායේ අනුනායක මැදගමුවේ විජයමෛත්‍රී හිමි පවසනවා. බිනර පොහොය නිමිත්තෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ පෙරවරුවේ පැවති අමාදම් සිසිලස ධර්ම දේශනාව පවත්වමින් විජයමෛත්‍රී නාහිමි මේ බව සඳහන් කළේය.

මෙවැනි ධර්ම දේශනා මාලාවක් සංවිධානය කිරීම අගය කරමින් විජයමෛත්‍රී හිමි ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස මෙරටට විශිෂ්ට සේවාවක් සිදුකර ඇති බවයි.

රඥාවන්ත දැහැමි ජන සමාජයක් උදෙසා බුදු දහමේ සිසිලස බෙදාදීමේ අරමුණ පෙරදැරිව සෑම පුන් පොහෝ දිනකම ‘අමාදම් සිසිලස’ ධර්ම දේශනා මාලාව පැවැත්වේ. සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුව පැවති ‘අමාදම් සිසිලස’ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු සීමිත පිරිසක් එක්ව සිටියහ.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x