ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

හරස් කපන පෙම්වතෙකුට මගේ හිතේ ඉඩක් නැ

පුංචි කාලෙ ඉඳල කලාවට ඇලූම් කරන ඇය නර්ථනය හදාරන්නෙ අනාගතයේ දවසක නැටුම් ගුරුවරියන් වෙන්න හිතා ගෙන. ඔය අතරෙ උසස් පෙළ විභාගයෙන් ලබපු උසස් ප‍්‍රතිඵලය නිසා ඇය තීරණය කරනවා නීතිය හදාරන්න. කොළඹ විශ්වවිද්‍යාලයේ නීතී පීඨයට ඇතුළත් වෙලා අධ්‍යාපන කටයුතු වල නිරත වෙලා ඉන්න අතරෙ තමයි ඇයට නැවතත් තමන් ආදරය කරන කලා ක්‍ෂේත‍්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාව උදාවෙන්නෙ. ඒ දේවල අපි තරණිගෙන්ම අහල බලමුකො නේද?

තරණි, ඇත්තටම මොකද්ද මේ අහම්බෙන් කලාවට ආව කියන කතාව?

ඉස්කෝලෙ යන කාලෙ ඉඳල නර්ථනයට ගොඩක් ආශා කරපු මම ඒ ගැන වැඩිදුර හදාරමින් ඉදිරියට ආවෙ නැටුම් ගුරුවරියක් වෙනව කියන අදහස හිතේ තියාගෙන. ඒත් උසස් පෙළ විභාගයෙන් ් සාමාර්ථ තුනක් ලැබුණට පස්සෙ මට හිතුනා නීතිඥවරියක් වුණොත් හොඳයි කියල. නීති පීඨයේ අධ්‍යයන කටයුතුවල නිරතවෙලා ඉන්න අතරෙ තමයි රංගන ක්‍ෂේත‍්‍රයට එන්න ලැබුණේ.

ඒ සිදුවීම දැනගන්න බවට ආදරය කරන රසික රසිකාවියො කැමැති ඇති?

විශ්වවිද්‍යාලෙ සීනියර් අයිය කෙනෙක් මාව දැකල ඔහුගෙ ඇඳුම් සාප්පුවක දැන්වීමකට පෙනී සිටින්න මට ආරාධනා කළා. ඒ ඡුායාරූප දැකල ගොඩක් ෆොටෝෂූට්වලට ආරාධනා ලැබුණා. ඒ විදියට තමයි කලාව තුළ ඉදිරි ගමන නිර්මාණය වුණේ.

රංගනයේ දායක වූ ප‍්‍රථම ටෙලිනාට්‍යය ‘හදවතේ කතාව’ ඔබේ දිවියේ හැරවුම් ලක්‍ෂය කිව්වොත්?

ඔව්. ඒක තමයි ඇත්ත. නැටුම් ගුරුවරියක් වෙන්න සිහින මැව්වට මම කවදාවත් රංගන ශිල්පිනියක් වෙන්න ඕන කියල හිතුවෙ නෑ.

ඔබ ඔබේ හැකියාවන් හඳුනාගෙන හිටියෙ නෑ කියලද හිතන්නෙ?

නර්ථනය වැඩිදුර ඉගෙන ගෙන ටී වී කමර්ෂල් වලට සම්බන්ධ වුණ නිසා රංගනය මට ආධුනික වුණේ නැහැ. ඔය අතරෙ කොහොඹ සබන් ඇඞ් එකක පෙනී සිටින්න අවස්ථාව උදාවෙලා මම ෆොටෝස් වගයක් යැව්වා ඒවා දැකල තමයි හදවතේ කථාව ටෙලිඩ‍්‍රාමා එකට මට කතා කරන්නෙ.

එතකොට සබන් දැන්වීම?

ඒ කමර්ෂල් එක මට මිස්වුණා වෙලා නොහිතපු විදියට අවස්ථාව ලැබුණු හදවතේ කථාවේ අචිනි වුණා.

නීතිඥවරියක් වගේම රංගන ශිල්පිනයක් කියන්නෙ එකිනෙකට පරස්පර වෘත්තීන් දෙකක් ඉදිරියේදී මේ වෘත්තීන් දෙක තුළ දිවිගෙවීම අපහසු වෙයි කියල හිතෙන්නෙ නැද්ද?

එකිනෙකට බොහෝ වෙනස් වෘත්තීන් දෙකක් වුණත් මම දැනට ඒ දේවල් වලට බොහෝදුරට හුරුවෙලා හැමදේම බැලන්ස් කරගෙන තමයි මේ ගමන යන්නෙ. නීතිඥවරියක් වුණාට පස්සෙත් ඒ සමබරතාවය පවත්වගෙන යන්න මට හැකිවේවි.

ඒත් රංගන කටයුතු නිසා නීතිඥ වෘත්තියට අසාධාරණය වී වෙන්න තියෙන ඉඩකඩ වැඩියි නේද?

නැහැ. නීතිඥවරියක් විදියට මම සේවාදායකයො වෙනුවෙන් විශාල වගකීමක් දරන්න වෙනව කියන එක මම තේරුම් අරගෙන ඉවරයි. ඒ වෘත්තීය ආචාරධර්ම මම අකුරටම රැුකිය යුතුයි. හැබැයි එහෙමයි කියල. මම ආදරය කරන කලාව කවදාවත් අත අරින්නෙත් නෑ.

දවසින් දවස ඔබ ලබන ජනපි‍්‍රයත්වය ඉදිරියේදී හිසරදයක් වෙයි කියල හිතෙන්නෙ නැද්ද?

තවම මට එවැනි තත්ත්වයක් උදාවෙලා නැහැ. බොහෝ වෙලාවට යන එන තැන්වලදී ආදරණීය රසික රසිකාවියො ඇවිත් කතාබහ කරල මාත් එක්ක ෆොටෝස් ගන්නව. ඒ අවස්ථාවල එවැනි අයගෙ අගේ කිරීම් ඇත්තටම සතුටට කාරණයක්. රසික ආදරය අපි හිසරදයක් කරගත යුතු නැහැ.

නීතිඥවරියක් කියන භූමිකාවෙ ඉඳගෙන කාන්තාවන් මුහුණදෙන කටකතා නින්දා අපහාස වැනි විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලා හරහා සිදුවන අසාධාරණකම් ගැන ධරණි මොකද හිතන්නෙ?

ඇත්තටම ෆේස්බුක් ඉන්ස්ටග‍්‍රෑම් වැනි සමාජ මාධ්‍ය ජාල ගැන හිතුවම ඒවායෙන් කෙනෙකුට සිද්ධවෙන අසාධාරණකම්වලට එරෙහිව අපේ රටේ නීතිය හරියට කි‍්‍රයාත්මක වෙන්නෙ නැති බව තමයි මම දකින්නෙ. ඒ සඳහා තියෙන නීති මීට වඩා දරුණු ලෙස පැනවිය යුතුයි සහ කි‍්‍රයාත්මක විය යුතුයි.

පවුලේ විස්තර ටිකකුත් කියමුද?

මගේ ගෙදර ඉන්නෙ තාත්තයි අම්මයි මල්ලිය මමයි. අපි සතුටින් සමගියෙන් ජීවත් වෙනවා. අම්ම තමයි හෙවනැල්ල වගේ මගේ හැම දේකදිම ළඟ ඉන්නෙ. තාත්තගෙනම් මුලින් පුංචි අකමැත්තක් තිබුණා. මම රංගනය යොමුවෙනවට. ඒත් මම අධ්‍යාපන කටයුතුත් අතපසු නොකර කලා කටයුතු අතරෙ ඉන්න නිසා වගේම මගේ රඟපෑම් දැකල ඒ තත්ත්වෙ චුට්ටක් වෙනස් වෙලා තියෙනවා.

විශ්වවිද්‍යාලෙ ඇතුලෙ ධරණිගෙ රඟපෑම්වලට ලැබෙන්නෙ මොනවගේ තැනක්ද?

කැම්පස් එකේ යාළුවො හැමෝම කියන්නෙ මගේ රඟපෑම් හොඳයි තව ඉස්සරහට යන්න කියලා. ඇත්තටම හැම වෙලාවකම ඒ ඇගයීම් මාව දිරිමත් කරනවා.

මේ වෙනකොට නව නිර්මාණවලට ආරාධනා ගලාගෙන එනව ඇති?

ඔව්. කීපයකටම ආරාධනා ලැබුණා. ඇත්තටම ආසයි දිගින් දිගටම ඒවට සම්බන්ධ වෙලා මගේ හැකියාවන් වර්ධනය කරගන්න. ඒත් ඒ කාර්යබහුල වීම තුළ මගේ අධ්‍යාපන කටයුතු මග හැරෙයි කියන බය නිසා ඒ අවස්ථා මග හරින්න සිද්ධ වුණා. අධ්‍යාපන කටයුතු නිමවුණාට පස්සෙ ලැබෙන ආරාධනා ගැන ටිකක් හිතනවා.

එදාට ඔබේ පෙම්වතා රඟපෑමට හරස් වුණොත්?

තවම නම් මගේ ජීවිතේ තුළ එහෙම කෙනෙක් නෑ. මම වැඩියෙන්ම ආදරය කරන නීතිඥ වෘත්තිය වගේම රංගන කටයුතු වලට හරස් කපන සහකරුවෙකුට කවදාවත් මගේ හිතේ ඉඩක් නෑ.

ධම්මික හේවාවසම්
(උපුටාගැනීම – නවලිය පුවත්පත)

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x