ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

මම පොඩ්ඩක් කටකාර ගොඩක් දගකාර චරිතයක්

ගොසිප්වලට ගෑනු ළමයින්ගෙ තියෙන්නෙ පුදුම බයක් කියල ඕනම කෙනෙක් දන්නව. ඔය අතරෙ එවැනි දේවල් වලට බය නැති ගෑනු ළමයෙක් ඉන්නව කිව්වොත් කවුද විශ්වාස කරන්නෙ. පසුගිය කාලෙ කරපු ෆොටෝ ෂූට් එකක් නිසා අද යන යන තැනදි අහනවලූ කෝ හස්බන්ඞ් කියල. හිනා වෙවී පූජනී භාග්‍යා ඒ ගැන නවලියට කිව්වා.

ඉතින් පූජනී කොහොමද ජීවිතේ?

හොඳයි පසුගිය කාලෙ ගෙදරට වෙලා පරිස්සමෙන් හිටියා.

එතකොට දැන්?

දැන්නම් ටිකක් වැඩ වැඩිවේගෙන එනවා. මොකද අලූත් ටෙලිනාට්‍ය හතරකම රූගත කිරීම් වලට සම්බන්ධ වෙලා ඉන්නවා.

මොනවද ඒ නිර්මාණ?

සතියේ දිනවල රාත‍්‍රී 7.30 අයි ටී එන් එකේ විකාශය වන නාඩි ඊළඟට ලක්‍ෂ්මන් පුෂ්පකුමාර මහත්මයගෙ හදවිලඅරණ ඒ වගේම සෙනසුරාදා ඉරිදා දින දෙකේ විකාශය වන අසංවර වැස්සක්, අහස්මාලිගා කියන ටෙලි නාට්‍ය තමයි ඒ.

මේ නාට්‍ය අතරින් පූජනී කැමතිම නාට්‍ය මොකද්ද කියල කියන්න පුළුවන්ද?

තිස්ස විජේකෝන් මහත්මයාගේ අධ්‍යක්‍ෂණයක් වන අසංවර වැස්සක්. එහි මගේ චරිතය වෙන්නෙ හංසි.

එහෙම වෙන්න විශේෂ හේතුවක් ඇති නේද?

ඇත්තටම කිව්වොත් ඒ නාට්‍යය පරිසරය හා අනුබද්ධ ගැමි නාට්‍යයක්. ඒ තුළ හංසි කියන්නෙ චිත‍්‍ර අඳින්න දක්‍ෂ තමන්ගෙ මහන්සියෙන් දියුණු වෙන්න උත්සාහ කරන දුප්පත් තරුණියක්. පස්සෙ කාලෙක එයාට වෙනම ආදරයක් හිමිවෙලා ඒ ආදරය මැද ජීවිතය ගෙවන හරිම ලස්සන සුන්දර ගැමි චරිතයක් නිසා මම ඒ නාට්‍යයට වගේම චරිතයට හරිම කැමතියි.

නාට්‍යයේ ගැමිකමට කැමති වුණාට සැබෑ ජීවිතේ පූජනී එහෙම නෙමෙයි නේද?

අනිවාර්යයෙන්ම ඊට හාත්පසින්ම වෙනස්. සැබෑ ජීවිතේ පොඞ්ඩක් කටකාර ගොඩක් දඟකාර ඕනම කෙනෙක් එක්ක කථාබහ කරල මිත‍්‍රශීලීව ඉන්න නිතරම කන්න බොන්න හොයන චරිතයක් තමයි පූජනී කියන්නෙ.

එහෙමනම් ගොඩක් දඟකාරයි කියලා ඔබම දන්න නිසාද ගැමි චරිතෙකට මේ තරම් ආදරේ කරන්නෙ?

ඇත්තටම මට ගොඩක් වෙලාවට හමුවෙන්නෙ මගේ සැබෑ දිවියට සමීප දඟකාර කටකාර චරිත. සැබෑ තත්ත්වයට පිටින් යන චරිත කරන්න මගේ ලොකු කැමැත්තක් තියෙනවා.

ඒත් ක්‍ෂේත‍්‍රයේ සමහරු කියන්නෙ නම් පූජනී භාග්‍යා අහිසංකයි කියල?

එවැනි අවස්ථා තියෙනවා. බොහෝ දෙනෙක් ඉතින් මාව දැක්කම අහිංසකයි කියනවා. ඒ පෙනුමෙන්නෙ. ඒත් මම අහිංසක නෑ වගේම චුට්ටක් විතර නපුරුයි.

තමන් නපුරුයි කියල ඔබම කියනවා. කාටද මේ තරම් නපුරුකම් කරන්නෙ?

මෙහෙමයි මම කාටවත් නරකක් නපුරක් කරන්නෙ නැතුව පාඩුවේ ඉන්න කෙනෙක්නෙ. එහෙම ඉන්න කොට මම අකමැති දේවල් කරන අය එක්ක කේන්ති යනවා. ඒ අයට තමයි නපුරු වෙන්නෙ. ගෑනු ළමයෙක් වුණාම චුට්ටක් නපුරු වෙන්නත් ඕන. අහිංසක විදියට හිටියම සමහරුන්ගෙ අනවශ්‍ය පාට් බලන්න වෙන වෙලාවලූත් තියෙනවනෙ.

මේ නපුරුකම පෙම්වතාට වදයක් වෙලා ඇති නේද?

මම හිතන්නෙ මට වඩා එයා නපුරුයි.

පසුගිය කාලෙ පූජනී විවාහ වුණා කියල ලොකු ආන්දෝලනයක් තිබුණ නේද?

ඔව්. ඒක තමයි මට මේ ජීවිතේ හැදිච්ච ලොකුම සහ එකම ගොසිප් එක.

ඒකත් හැදුනෙ නෑ. හදාගත්ත කියලයි ආරංචිය?

ඒක වුණේ ගයාන් අයියගෙ (ගයාන් ගුණවර්ධන) ඔබ වෙනුවෙන් කියන අලූත්ම ගීතයේ විෂුවල් එකට ඉන්නෙ අපි දෙන්නා. අනික මේ කාලෙ අපි දෙන්නා නාට්‍ය කීපයකම එකට රඟපානවා. අසංවරවැස්ස නාට්‍යයේ මගේ පෙම්වතා වෙන්නෙත් ගයාන් ගුණවර්ධන. ඉතින් ඒ නිතර හමුවීමත් අපේ යාළුකමත් ඕකට ගොඩක් බලපෑවා. කොහොමත් අපි දෙන්න ගොඩක් ක්ලෝස්.

එතකොට ෆොටෝ ෂූට් එක?

එක දිගට එකටම වැඩ කරන අතරෙ අපිට ආරාධනාවක් ලැබුණා බ‍්‍රයිඩල් ෂූට් එකකට. ඒකත් කරල මියුසික් වීඩියෝ එකත් එක්කම එළියට දැම්මා. අම්මෝ ලැව් ගින්නක් වගේ පත්තු වෙලා ගිහින් ගයාන් අයියගෙ රසිකාවියන්ගෙන් ගුටිකාපු නැති එක විතරයි.

සාමාන්‍යයෙන් ගෑනු ළමයි ගොසිප් හැදෙනවට අකමැතියි. ඒත් පූජනී ගොසිප් එකට කැමතියි නේද?

කෙනෙක් කරන නිර්මාණයක් හරහා හැදෙන ගොසිප් එකක් ලොකු දෙයක් කියල මම හිතන්නෙ නෑ. අනික හීනෙකින්වත් හිතුවෙ නෑ. මේකට මිනිස්සු මෙච්චර රැුවටෙයි කියල.

ඇත්තටම මනමාලියක් වෙන්නෙ කවදද?

ඒකට තාම කාලවකවානු නැහැ.

අනාගත බලාපොරොත්තු ගැන කිව්වොත්?

මම ක්‍ෂේත‍්‍රයට ආවෙත් චිත‍්‍රපටයකින්. ඉතින් ඉදිරියේදීත් දක්‍ෂ සිනමා නිළියක්වීම තමයි බලාපොරොත්තුව.

ධම්මික හේවාවසම්
(උපුටා ගැනීම – නවලිය පුවත්පත්)

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x