ප්‍රධාන පුවත්විදෙස් පුවත්

බ්‍රිතාන්‍යය මහ රැජිණට තවත් මී මිණිපිරියක්

බ්‍රිතාන්‍ය රාජකීය කුමරියක මෙන්ම බ්‍රිතාන්‍ය එලිසබෙත් මහ රැජිණගේ මිණිපිරියක ද වන බ්‍රියට්‍රිස් කුමරිය සහ ඇයගේ සැමියා වන එඩෝර්ඩෝ මපෙලි කුමරු කුඩා බිළිදියකට උපත ලබාදුන් බව බකිංහැම් මාලිගාව ප්‍රකාශ කරනවා.

රාත්තල් 6 බරින් යුතුව උපත ලැබූ කුමරිය සහ ඇයගේ මව ලන්ඩන් වෙස්මින්ස්ටර් රෝහලේ නිරෝගීව පසුවන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

බ්‍රියට්‍රිස් කුමරියගේ පළමු දරුවා මැය වන අළුත උපන් බිලිඳිය බ්‍රිතාන්‍ය රජ කිරුළට උරුමකරුවන් අතර 11 වන ස්ථානයේ පසුවන අතර බ්‍රිතාන්‍ය මහ රැජිණගේ 12 වන මී මිණිපිරිය වනවා.

චාල්ස් කුමරුගේ සහෝදරයෙකු වූ යෝක්හී ආදිපාදිවර ඇන්ඩෘ කුමරුගේ දියණියක වූ බ්‍රියට්‍රිස් කුමරිය පසුගිය වසරේ පැවති කුඩා විවාහ උත්සවයක දී මපෙලි කුමරු සමග විවාහ වී තිබෙනවා.

බකිංහැම් මාලිගය නිකුත් කල නිවේදනයට අනුව අළුත් බිලිඳියගේ උපත මහ රැජිණ ඇතුළු සියළු පාර්ශවයන් දැනුවත් කල බවත් ඔවුන් සියළු දෙනාම ඒ පිලිබඳව සිය සතුට සහ උද්දාමය ප්‍රකාශ කල බවත් සඳහන් වෙනවා.

රෝහලේ සිටම ට්විටර් පණිවුඩයක් නිකුත් කරන බියට්‍රිස් කුමරිය අළුත් බිලිඳියගේ උපත පිලිබඳව සතුටු වන බවත්, රෝහලේදී ලබා දුන් අපූරු රැකවරණය පිලිබඳව වින්නඹු මාතාවන්ට ඇතුළු සියළුම රෝහල් කාර්ය මණ්ඩලයට ස්තූතිවන්ත වන බවත් සඳහන් කර තිබෙනවා.

තිලාන් ජයසේකර

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x