දේශීය පුවත්ප්‍රධාන පුවත්

දිවයින පුරා ඇවිදින මංතිරු 26ක් ඉදිකිරිම ඇරඹේ

දිවයින පුරා ඇවිදින මංතීරු 26 ක් ඉදිකිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එන් පි කේ රණවීර මහතා පවසයි.

වැව් ආශ්‍රිත ප්‍රදේශ, කුඹුරු කලාප, ප්‍රධාන ප්‍රවේශ මාර්ග, දුම්රිය රක්ෂිත, මහාමාර්ග රක්ෂිත ආදි අත්හැර දැමූ ඉඩම් කොටස්වල මෙම ඇවිදින මංතීරු ව්‍යාපෘති ක්‍රියාත්මකයි.

මෙම ව්‍යාපෘති සැලසුම් කිරීමේ දී ජනතාව අනවසරයෙන් කැලි කසල බැහැර කිරීම සදහා භාවිත කරමින් ඇති ස්ථාන තෝරා ගැනීමට ප්‍රමුඛතාව ලබාදී තිබෙනවා.

ඇවිදින මංතීරු මගින් පරිසර පද්ධතියට වටිනාකමක් ලබාදීම අරමුණ වූ බවයි නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.

මෙම ව්‍යාපෘති මගින් දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනය ද ඉහළ නංවා ගනිමින් ආර්ථික වශයෙන් වටිනාකමක් ද එක් කර තිබෙනවා.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x