ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

මං හිතනවා මම ප්‍රසිද්ධ කලාකරුවෙක් නෙවෙයි

‘නාඩගම්කාරයෝ’ ටෙලි නාට්‍යයේ ‘සුද්දා’ ලෙස ඔබ හමුවන විරාජ් ධනුෂ මේ දිනවල විකාශය වෙන ‘රේස්’ ටෙලි නාට්‍යයේද ප්‍රේක්ෂක ඔබට දකින්නට ලැබෙයි. ‘සාරවිට’ මෙවර කතා බහා දිග හැරෙන්නේ ඔහු සමගිනි.

ඔබව අපි මේ දිනවල දකින්නේ මොන නිර්මාණ හරහාද?

සුපුරුදු පරිදි ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වෙන ‘නාඩගම්කාරයෝ’ ටෙලි නාට්‍යයේ ‘සුද්දා’ විදිහට මාව ප්‍රේක්ෂකයින්ට දකින්න පුළුවන්. ඒ වගේම මෑතක සිට සියත රූපවාහිනි නාළිකාවේ විකාශය වෙන්න පටන්ගත්ත ‘රේස්’ ටෙලි නාට්‍යයෙත් මම රංගනයෙන් දායක වෙනවා. ඒ නිර්මාණවලට අමතරව අලුත් වැඩ කිහිපයකටම මේ දවස්වල සම්බන්ධ වෙලා ඉන්නවා වැඩ කරමින් ඉන්නවා මම. ඉදිරියේදී ඒ නිර්මාණ තුළිනුත් මාව දකින්න පුළුවන් වේවි.

‘සුද්දා’ රංගන දිවියේ ඔබට සුවිශේෂි තැනකට ඔසවා තැබු චරිතයක්. කොහොමද ලැබෙන ප්‍රතිචාර?

ඇත්තටම, ‘නාඩගම්කාරයෝ’ ටෙලි නාට්‍යයේ ‘සුද්දා’ කියන චරිතය මම හිතුවේ නැහැ මිනිස්සු අතර මේ තරම් ඉක්මණට ජනප්‍රිය වෙයි කියලා. නමුත්, නොසිතු විදිහට ‘නාඩගම්කාරයේ’ ටෙලි නාට්‍යය ජනප්‍රිය වීමත් එක්ක ‘සුද්දා’ කියන චරිතය මිනිස්සු අතරට ගියා. අද වෙන කොට ප්‍රේක්ෂකයින්ගේ ආදරය උපරිමය මේ චරිතයට ලැබෙනවා කිව්වොත් හරි.

විරාජ් කියන තරුණයා දැන් ජනප්‍රියද?

මං හිතනවා මම ප්‍රසිද්ධ කලාකරුවෙක් නෙවෙයි නමුත්, ජනයා ප්‍රිය කරන නළුවෙක් බවට පත් වෙලා ඉන්නවා කියලා. හැබැයි මේ ක්ෂේත්‍රය තුළ මට යන්න තියනවා තව ලොකු දුරක්. මම තවම ඉන්නේ මේ ක්ෂේත්‍රෙය් මුල් අවදියේ. වාසනාවකට මට මිනිස්සුන්ගේ ආදරය දිනගන්න පුළුවන් නිර්මාණ කිහිපයකට අද වෙන කොට දායක වෙන්න ලැබුණා. ඒ ගැන ගොඩක් සතුටුයි මට.

ඔබේ රංගන හැකියාවෙන් යමක් කරන්න ලැබුණ චරිත තියෙනවාද?

ඔව් මම කරපු හැම චරිතයකම මම යමක් කරා කියල හිතනවා. පොඩි චරිතයක්, ලොකු චරිතයක් කියලා නැහැ මට ලැබුණ හැම චරිතයේම මම මගේ රංගන හැකියාවෙන් යම් සාධාරණයක් කළා කියලා මම හිතනවා. මට ලැබුණ සෑම චරිතයක්ම මට අභීයෝගයක් වුණා කියලා හිතනවා.

නළුවෙක් විදිහට ඔබ දැන් ස්ථාවරද?

නැහැ. තවම මම ස්ථාවර නැහැ මේ කලා ක්ෂේත්‍රය තුළ. කොටින්ම කියනවා නම් තරුණ නළුවෙක් විදිහට. මම හිතනවා තව කාලයක් මේ කරන වැඩත් එක්ක මම ස්ථාවර වෙයි කියලා.

නළුවෙක් විදිහට ඉදිරිය කොහොම වෙයිද?

මම හිතනවා ඉදිරිය සුබ වෙයි කියලා. දැන් මම මේ ක්ෂේතය තුළ යම් පිරිසක් මව අඳුනනවා. යම් රසික ප්‍රමාණයක් මා වටා ඉන්නවා. ඒ වගේම අද වෙන කොට හොඳ නිර්මාණවලට මට අරාධනා ලැබෙමින් පවතිනවා . ඉතින් මම හිතනවා ඉදිරි කාලය නළුවෙක් විදිහට මට සාර්ථක වෙන්න පුළුවන් වෙයි කියලා.

(බුද්ධික සේනාධීර – සාරවිට වෙබ් අඩවිය)

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x