ඡායාරුප ගැලරියේවිදෙස් පුවත්

සඳ ගමන වගේම ලොව වෙනස් කරන සංචාරය : Inspiration4

ගගනගාමීන් නොවන සාමාන්‍ය මිනිසුන් පමණක් රැගෙන පෘථිවි කක්ෂයට යන ලොව පළමු පෞද්ගලික අභ්‍යවකාශ ගමන තමයි Inspiration4 කියන්නේ. Shift4 Payments නිර්මාතෘ සහ හිටපු ගුවන් යානා නියමු Jared Isaacman, වෛද්‍ය නිලධාරිනී Hayley Arceneaux, අභ්‍යවකාශ දත්ත ඉංජිනේරු Chris Sembroski සහ භූ විද්‍යාඥ Dr. Sian Proctor තමයි මේ ඓතිහාසික අවස්ථාවට සහභාගී වෙන්නේ.

ආසන 4 ම මිලට ගන්නේ Jared Isaacman විසින්. ඔහු තමයි අනෙක් තුන්දෙනා නොමිලේ මේ ගමනට සහභාගී කරවගන්නේ.
පිළිකා රෝගයෙන් පීඩා විඳින ළමයින්ට සත්කාර කිරීමටම වෙන්වූ ලෝක ප්‍රසිද්ධ St. Jude Children’s Research Hospital වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් හොයලා දෙන fundraiser එකකුත් මේ මිෂන් එකට සමගාමීව Jared Isaacman ආරම්භ කළා.

මේ මිෂන් එකට භාවිත වෙන්නේ SpaceX Crew Dragon C207 කැප්සියුල් එක. මෙම කැප්සියුල් එකේ දෙවෙනි අභ්‍යවකාශ ගමන තමා මේ. එලිය බලන්න පුළුවන් විදියට විශේෂ cupola එකකුත් මෙහි සවි කරලයි තියෙන්නේ.

සුපුරුදු පරිදි SpaceX Falcon 9 රොකට් බූස්ටර් එකක් තමයි වැඩේට සහභාගී වුණේ. හරියටම කිව්වොත් Block5 B1062 බූස්ටර් එක. මේ මෙම බූස්ටර් එකේ තුන්වෙනි මිෂන් එක.

ශ්‍රී ලංකා වේලාවෙන් අද (සැප්තැම්බර් 16) පෙ.ව.5:33 ට තමයි ලෝන්ච් එක සිද්ධ වුණේ. ඒ ඇමරිකාවේ ෆ්ලොරිඩා හි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ Launch Complex 39A එකෙන්. Crew Dragon කැප්සියුල් එක සවි කරපු සෙකන්ඩ් ස්ටේජ් එක අභ්‍යවකාශයට යවපු B1062 බූස්ටර් එක නැවත අත්ලාන්තික් සාගරයේ නවතා තිබූ Just Read the Instructions එක උඩට ලෑන්ඩ් කරා.

සෙකන්ඩ් ස්ටේජ් එකෙන් ඉවත් වුනු Crew Dragon කැප්සියුල් එක මේ වනවිටත් පෘථිවි කක්ෂයේ ගමන් කරනවා. ඒ පැයට කිලෝමීටර් 27000 ක් වේගයෙන්. මිනිත්තු 90 කට සැරයක් ඔවුන් වටයක් සම්පූර්ණ කරනවා.

අවසාන කක්ෂය වෙන්නේ කිලෝමීටර් 575 ක්. ඒ කියන්නේ ජාත්‍යන්තර අභ්‍යවකාශයටත් ඉහළින් මෙය ගමන් කරනවා. මෙසේ මොවුන් දවස් තුනක් කක්ෂයේ රැදී ඉඳලා තමයි පෘථිවියට නැවත පැමිණෙන්නේ.

සාමාන්‍ය මිනිසුන්ටත් පෘථිවි කක්ෂයේ දින කීපයක් ගත කරන්න දැන් SpaceX ආයතනය අවස්ථාව උදා කර දීලා තියෙනවා.
මේ වනවිට එහි පළමු කණ්ඩායම වන Inspiration4 කිලෝමීටර් 575 ක් ඉහල පෘථිවි කක්ෂයක ගමන් කරනවා.

Shift4 Payments නිර්මාතෘ සහ හිටපු ගුවන් යානා නියමු Jared Isaacman, වෛද්‍ය නිලධාරිනී Hayley Arceneaux, අභ්‍යවකාශ දත්ත ඉංජිනේරු Chris Sembroski සහ භූ විද්‍යාඥ Dr. Sian Proctor තමයි මේ ඓතිහාසික අවස්ථාවට සහභාගී වෙන්නේ. SpaceX ආයතනයේ Falcon9 රොකට්ටුවකින් අභ්‍යවකාශයට රැගෙන ගිය Crew Dragon කැප්සියුලයකින් තමයි මොවුන් සංචාරය සිදු කරන්නේ.

දින තුනක මෙම ගමනට එක් අයෙකුට වැය වෙන්නේ ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 50 ක් විතර. ශ්‍රී ලංකා රුපියල් කෝටි 1000 ක්.

(උපුටාගැනීම – විකුම් හර්ෂණ ෆේස්බුක් ගිණුමෙනි)

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x