දේශපාලන පුවත්දේශීය පුවත්ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත්කරන්න තව වසර 20ක් ගත වෙනවා

ප්‍රතිපත්ති රාමුවකට යටත්ව වසර විස්සක් ක්‍රියාත්මක වන්නේ නම් ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත්කළ හැකි බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය. රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 115 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් මාර්ගත ක්‍රමයට පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

එම ප්‍රතිපත්ති රාමුව තුළ පක්ෂ,පුද්ගලයින් වෙනස් වුවද එම වැඩපිළිවෙල වෙනසක් නොවී ක්‍රියාත්මක විය යුතු බවයි ඔහු කියා සිටියේ. ශ්‍රී ලංකාව දියුණු රටක් කිරීමට නම් වසර විස්සක කාලයක් ගත වනු ඇති අතර පළමු වසර පහේදී එම කාලය ගෙවා දැමීම අපහසු වුවද එයින් ශක්තිමත් පිමක් ලැබෙන බවයි ඔහු එහිදී ප්‍රකාශ කළේ.

එලෙස කටයුතු කරන්නේ නම් 2048 වන විට ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාවක් බිහිකරගත හැකි වනු ඇති බව වික්‍රමසිංහ මහතා සඳහන් කරන ලදී.

”අද මිනිස්සුන්ට දේශපාලනය එපා වෙලා. හැම පක්ෂයක්ම පක්ෂයක් එපා වෙලා. විවේචනය කරනවා. විකල්ප නැහැ. ආණ්ඩුවක් හැටියට බොරු කියනවා වැඩකරන්නේ නැහැ කියල තමයි හැමවෙලාවෙම කියන්නේ. මේකට අපි මුහුණ දෙන්න නම් පළමුවෙන්ම මේ රටේ ප්‍රතිපත්ති රාමුවක් අවුරුදු 20ක් ක්‍රියා කරන්න ඕනේ.

එයට නීතිමය පදනමක් ලබා දෙන්න ඕනේ. එය අපි යකඩ රාමුවක් හැටියට දාන්න ඕනේ. ඒ රාමුව ඇතුලේ පක්ෂ ක්‍රියාකරන්න ඕනේ. මුහුණු මාරු කරන්න පුළුවන්. පුද්ගලයින් මාරු කරන්න පුළුවන්. ඒත් මූලික පරතිපත්ති වෙනස් වෙන්නේ නැහැ. ඒ අවුරුදු 20 එහෙම යනවා නම් අපිට 2048 වෙනකොට අපේ නිදහසේ සියවස වෙනකොට ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාවක් බිහිකරන්න පුළුවන්.”

විධායක ජනාධිපති ධූරය මෙරටට අවශ්‍යද යන්න එහිදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වික්‍රමසිංහ මහතා පැවසුවේ,”බොහෝදෙනෙක් කියන්නේ පාර්ලිමේන්තුවේ තියෙන අගමැති ක්‍රමය ගෙනියන්න කියලා. අගමැතිවරයෙක් පත්කරාම යම්කිසි ස්ථාවර කාලසීමාවක් තියෙන්න ඕනේ. අගමැතිවරයා උවමනා නැතිනම් ආපහු පාර්ලිමේන්තුවෙන් ඡන්දයකට යන්න. එවැනි යම්කිසි ක්‍රමයකට අනුව හදන්නයි බැලුවේ.” යනුවෙනි.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x