දේශපාලන පුවත්දේශීය පුවත්ප්‍රධාන පුවත්

කටුස්සන්ට රත්‍රං බැන්ඳහම අං එනවා

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත කුමාර මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් තමන් කණගාටුව ප්‍රකාශ කරන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඊයේ (18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

සරත් වීරසේකර මහතා විසින් පාදුක්ක කොට්ඨාසයේ පොලිස් ස්ථානාධිපතිවරයා ස්ථාන මාරු කර ඒ වෙනුවට ගාමිණී ලොකුගේ අමාත්‍යවරයාට හිතවත් අයෙක් පත්කර ඇති අතර එම පත්කිරීම සිදු නොකරන ලෙස පසුගිය දිනවල සරත් වීරසේකර අමාත්‍යවරයාට කිව්වද විසඳුමක් නොලැබුණු අතර එයට විසඳුමක් නොලැබුණහොත් තමන් පාදුක්ක සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බවට ජගත් කුමාර මන්ත්‍රීවරයා පෙරේදා (17) මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙයට අද අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා තදබල ලෙස සිය අදහස දක්වා තිබුණු අතර ඉදිරියේදී සරත් වීරසේකර අමාත්‍යවරයාද සමඟ මාධ්‍ය හමුවේ කරුණු දක්වන බවයි ලොකුගේ අමාත්‍යවරයා පවසා තිබුණේ.

”ජගත් කුමාර මහතා ගැන බොහෝම කණගාටු වෙනවා. මොකද අපේ සමහර උදවිය ඉන්නවා, ඉස්සර කටුස්සන්ට රත්‍රං බැන්ඳහම අං එනවා නේ. අන්න එහෙම අං ආව කෙනෙක් විදියට මං දකින්නේ. එහෙම නැතුව එතුමයි මායි අතර කිසිම ගැටුමක් තිබුණේ නෑ. මම එතුමාට කියන්න කැමතියි මම කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් හැටියට එක දවසක් නෙවෙයි 1983නේ ඉදන් අද වෙනකම් සෑම මැතිවරණයකින්ම ජයග්‍රහණය කරලා ඇවිල්ල තියෙන්නේ.

එතුමා සරත් වීරසේකර ඇමතිතුමාට දොස් කියල තිබුණා. මම බොහොම කණගාටු වෙනවා. ඇත්ත වශයෙන්ම සරත් වීරසේකර මහත්මයත් එක්ක එකට වැඩිවෙලා මාධ්‍යයට උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් ගාමිණී ලොකුගේ මහතා කියා තිබුණි.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x