ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

දැන් මගේ ලෝකෙ දරුවො දෙන්නා

‘ජීවිතේ ලස්සනයි ටෙලි වෘතාන්තය හරහා රංගනයට පිවිසි ඇය තම ප‍්‍රථම චරිත නිරූපණයට කළ සාධාරණය නිසාම ‘‘සුදු නංගී’’ නමින් කලා ලොව තුළ නොමැකෙන සටහන් තබන්නට සමත් වූවා. දි`ගු නිහැඬියාවකට පසු ?නගල වලව්වට පාතබන අයෝමි ශානිකා නමැති ඒ සුදු නංගී සුපුරුදු සෙනෙහසින් නවලියට මෙහෙම කිව්වා…’’

අයෝමි කියන්නද සුදු නංගි කියන්නද?

අයෝමි කියන්නෙ මගේම වුණාට වැඩි දෙනෙක් මට කතා කරන්නෙ සුදු නංගි කියලා. ඒ ඇමතීම තුළ තියෙන ආදරණීය බව නිසා ඇත්තටම මට කැමතියි සුදු නංගි කියලා කතා කරනවට.

ඔබව සුදු නංගී කළ ‘‘ ජීවිතය ලස්සනයි’’ නාට්‍යය දෙස ආපසු හැරිල බැලූවොත්?

අනේ ඒ මගේ ජීවිතේ ලස්සනම දවස්. මගේ පවුලෙ මට ඉන්නෙ මල්ලි කෙනෙක් විතරයි. ඒත් මම ඒ පවුලේ අයියල අක්කල හත් දෙනෙක්ගෙ නංගි වුණා. ඇත්තටම කිව්වොත් ඒ සෙට් එකට ගියහම ර`ගපෑමක් නෙමෙයි එකම පවුලක් කියන හැ`ගීම අපි හැමෝටම තිබුණා. ඒක ඒතරම්ම සුන්දර කාල පරිච්ජේදයක්.

එතනින් පස්සෙ?

සරා – ඉතින් ඊට පස්සෙ – යස ඉසුරු ආදී ටෙලි නාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව උදාවුණා.

 

 

පීක් එකේ ඔබ සැ`ගවුණ තරුවක් වුණා?

ඔව්. ඒකට හේතුව විවාහයත් එක්ක මම නුවර පදිංචියට ගියා. ඒ නිසා මට කලා කටයුතුවලින් ඈත්වෙන්න සිද්ධ වුණා. ඒත් මං ඒ ගැන පසුතැවෙන්නෙ දුක්වෙන්නෙ නෑ. මොකද ඒ කාලය ඇතුළත මම මගේ පශ්චාත් උපාධිය සම්පූර්ණ කරගත්තා. ඒ අතරතුර ආදරණීය පුතෙකුට වගේම දුවෙකුට අම්ම කෙනෙක් වුණා.

තිබුණ ජනප‍්‍රියත්වය අඩුවෙනකොට හිතට දුකක් දැනුනෙ නැද්ද?

එහෙම දුක්වේවී හිටියනම් ගැහැනියක් විදියට මට විවාහයක් අධ්‍යාපනයක් රැුකියාවක් දරුසම්පත් ළ`ගා කරගන්න බැරුව දුක්වෙන්න වෙනවනෙ. මම හිතන්නෙ නෑ මගේ ජනප‍්‍රියත්වය අඩුවුණා කියලා. එහෙම වුණානම් මට අදටත් සුදු නංගී වෙන්න බැහැනෙ.

වෘත්තීය ජීවිතය ගැන කතා කළොත්?

මම ආයුර්වේද වෛද්‍යවරියක් විදියට දැනට පන්විල ආයුර්වේද වෛද්‍ය රෝහලේ තමයි සේවය කරන්නෙ. එහිදී මගේ ප‍්‍රධාන කාර්ය භාරය වෙන්නෙ ප‍්‍රජා සෞඛ්‍ය සම්බන්ධ වැඩසටහන්වලට සම්බන්ධ වීම. විශේෂයෙන්ම රෝග වළක්වා ගැනීම සම්බන්ධ කටයුතු. ආයුර්වේද පැත්තෙන් වැඩිපුර මම ප‍්‍රතිකාර ලබාදෙන්නෙ මදසරු භාවය, රූපලාවන්‍ය ගැටලූ, සමේ රෝග අධිරුධිර පීඩනය සහ දියවැඩියා වැනි බෝ නොවන රෝග සඳහා.

බිරිඳක් මවක් ගෘහනියක් රංගන ශිල්පිනියක් වගේම ආයුර්වේද වෛiවරියක් ලෙස ගෙවන මේ දිවිය අතිශයින් විඩාබර ඇති?

ඔය තත්ත්වයට පත්වුණ එකම කාන්තාව මම නම් ඒක මට ලොකුවට දැනෙන්න තිබුණා. ඒත් මම හැම වෙලාවෙම හිතන්නෙ ඔය හැම දේම මටත් පොදු සාධක කියලා. ඒ සිතුවිල්ල නිසාම මේ හැම කාර්යයේම නියැළෙමින් සතුටින් ඒවට මුහුණ දෙන්න ශක්තිය මට හිමිවෙලා තියෙනවා.

ඔබේ ර`ගපෑම් දකිද්දි දුව පුතා මොකද කියන්නෙ?

දෙන්නම හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා. වෙලාවකට එයාලට තේරෙන විදියට පුංචි පුංචි ප‍්‍රශ්න කිරීම් තියෙනවා. පුංචි වුණත් මම කරන හැමදෙයක් ගැනම ඒ දෙන්නට හොඳ අවබෝධයක් තියෙනවා.

ඔවුන්ගේ අනාගතය මොන විදියටද ඔබ සැළසුම් කරන්නෙ?

හැම අම්ම තාත්ත කෙනෙක් වගේම අපිත් අපේ දරුවන්ට හොඳට උගන්වල රටට වැඩදායක පුරුවැසියො කරන්න ඕන කියන තැන තමයි ඉන්නෙ. පුතා මේ වෙද්දී මහනුවර ත‍්‍රිත්ව විiාලයේ ඉගෙනුම ලබනවා. දුව තාම පෙරපාසැල් යනවා. මම ඉස්කෝලෙ යන කාලෙ ඕල් රවුන්ඩර් කෙනෙක්. පියානෝ ප්ලේ කළා. නර්ථනය හැදෑරුවා. ස්පෝර්ට්ස් කළා. ඉතින් ඉගෙන ගන්න අතරෙ දුවයි පුතයි ඒ දේවල්වලට යොමුවෙනවට මම කැමතියි. ඒත් කිසිම දවසක හරි පාර පෙන්වනවා මිසක් කිිසිම බලකිරීමක් කරන්නෙ නෑ. අරය වගේ වෙන්න මෙයා වගේ වෙන්න කියලා.

අද සමාජයේ මවුපිය දූ දරු සබඳකම් බොහෝ දුරස් බව අපට පේනවා ඒ ගැන අයෝමි මොකද හිතන්නෙ?

ඇත්තටම නොවිය යුතු තත්ත්වයක්. මම නම් හැමදාමත් හිතපු දෙයක් තමයි මම වෙනුවට වෙනත් වෛද්‍යවරියක් යොදවන්න පුළුවන්. වෙනත් රංගන ශිල්පිනියක් සහභාගී කරගන්න පුළුවන්. ඒත් අම්ම කියනකෙනාව කවදාවත් රීප්ලේස් කරන්න බැහැ. අන්න ඒ නිසයි මම දුවටයි පුතාටයි මගේ උණුසුම අවශ්‍යම කාලෙ ඔවුන් ළ`ගට වෙලා හිටියෙ.

වසර පහකට පසු නැවතත් රංගනයට ආරාධනා ලැබීම ගැන මොකද හිතෙන්නෙ?

ඇත්තටම සතුටුයි. නැවත රංගනයට සම්බන්ධ වෙන්න පුළුවන් කාලෙදී මෙවැනි ආරාධනාවක් ලැබීම ගැන. තරුෂි සුරම්‍යා තමයි මට මේ ආරාධනාව කළේ ?නගල වලව්ව ඇගේ පිටපතක්. දේවිගෙ යාළුව ඌෂා කියන චරිතය තමයි මට ලැබිලා තියෙන්නෙ. දේවිගෙ චරිතයට පණ පොවන්නෙ ආශා එදිරිසිංහ ඇයත් එක්ක ර`ගපාන්න ලැබීමත් මගේ සතුටට කාරණාවක්.

සුදු නංගිගෙ මේ ලක ලෑස්තිය නිහඬ වෙලා හිටපු කාලෙටත් එක්ක වැඩ කරන්නද?

අනේ එහෙම තරගයක් මගේ හිතේ එදා තිබුණෙත් නෑ. අදත් නෑ. තවත් ටෙලි නාට්‍ය දෙකකට ආරාධනා ලැබිල තියෙනවා. කොරෝනා වසංගතය නිසා තවම ස්ථිර වුණේ නෑ. ඉදිරියේදී ඒවටත් සම්බන්ධ වෙලා හෙමින් ගමනක් යනවා.

රංගන ජීවිතයයි වෘත්තීය ජීවිතයයි කියන දෙකෙන් අයෝමි වැඩියෙන් කැමති?

ඒක මට කවදාවත් වෙන් කරලා පෙන්වන්න බැහැ. මොකද මම ඔය දෙකටම එක සමානව ආදරෙයි. ආයුර්වේද වෛද්‍යවරියක් විදියට රෝගීන් අතරෙ ඉඳගෙන කටයුතු කරාම දැනෙන වෙහෙස විඩාව කලාව නිසා දුරු කර ගන්න පුළුවන් කියන එකනම් මට හොඳට දැනිල තියෙනවා.

ධම්මික හේවාවසම්
(උපුටා ගැනීම – නවලිය පුවත්පත)

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x