දේශීය පුවත්ප්‍රධාන පුවත්

පහන්තුඩාව ජාත්‍යන්තරයට ගෙනිච්ච විඩියෝවේ නඩුව අහයි

බලන්ගොඩ ප්‍රදේශයේ ඇති පහන්තුඩාව පසුබිම් කරගෙන අසැබි වීඩියෝවක් රූගත කර අන්තර්ජාලයට මුදාහැරියා යැයි කියන යුවළ ඊයේ (16 වැනිදා) බලන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයකුට රුපියල් 50,000 ක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක නියෝග කළේය.

පසුගිය දිනවල මහත් ආන්දෝලනයක් ඇති කරමින් අන්තර්ජාලයට මුදා හැර තිබුණ බලන්ගොඩ පහන්තුඩාව දිය ඇල්ල අසල රූගත කරන ලද අසැබි වීඩියෝවක් සම්බන්ධයෙන් ලද පැමිණිලි මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම යුවළ අත්අඩංගුවට ගනු ලැබූහ.

මහරගම සහ ඇල්පිටිය ප්‍රදේශවල පදිංචි යුවළක් එලෙස ඇප මත මුදාහැරි අතර එම නඩුව ඔක්තෝබර් මස 01 වනදා යළි කැඳවන ලෙද මහෙස්ත්‍රාත් වරයා නියෝග කළේය.

එන්.එස්. ප්‍රියනන්දන – බලන්ගොඩ
Aruna.lk

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x