ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේ

ජනප්‍රිය ප්‍රවෘත්ති නිවේදකයින් සිව්දෙනා නැවතත්

ලංකාවේ ජනප්‍රියතම ප්‍රවෘත්ති විකාශය බවට පත්ව තිබු ස්වර්ණවාහිනී live @ 8 ප්‍රවෘත්ති විකාශය දීර්ඝ කාලයක් ඉදිරිපත් කල නදීක කරුණානායක සහ තිලිනි පෙරේරා වගේම ප්‍රවෘත්ති මෙන්ම වැඩසටහන් රැසක් මෙහෙය වු ස්වර්ණවාහිනියේ ජනප්‍රියතම නිවේදක හරේන්ද්‍ර ජයලාල් පසුගියදා ස්වර්ණවාහිනියෙන් ඉවත් කරනු ලැබුවා.

ඒත් සමගම මේ දෙදෙනා නැවතත් ප්‍රේක්ෂකයා හමුවට කෙසේ පැමිණේවි ද යන්න පිළිබදව බොහෝ දෙනා තුල විවිධ මත පල වී තිබුනා. කෙසේ වෙතත් මේ තිදෙනාම නැවතත් ප්‍රවෘත්ති විකාශයක් ඔස්සේ අපට දැක ගැනීමට ලැබෙන බවටයි වාර්ත වන්නේ.

ඒ අනුව නුදුරේදීම ආරම්භ වන නව රූපවාහිනි නාලිකාවක ප්‍රවෘත්ති නිවේදකයින් ලෙස මේ තිදෙනාව අපට දැක ගන්නට ලැබෙනවා. එසේම ඔවුන් තිදෙනා සමඟ මෙලනි පෙරේරාද මෙම නාලිකාව හා එක්වීමට නියමිතයි.පසුගියදා utv Tamil නාලිකාව සිංහල රූපවාහිනි නාලිකාවක් බවට පත් කල අතර එහි හිමිකාරිත්වය ද වෙනස්කමකට ලක් වුනා.

මේ වන විට සතිශ් ඒජන්සි ආයතනය මෙම නාලිකාවේ හිමිකාරිත්වය දරනවා. ඒ අනුව මෙම නව රූපවාහිනි නාලිකාව ඔස්සේ ඔබ ආදරය කරන නදීක කරුණානායක, තිලිනි පෙරේරා, හරේන්ද්‍ර ජයලාල් ⁣සහ මෙලනි පෙරේරා යන දක්ශ නිවේදකයින් ප්‍රවෘත්ති අංශයෙන් නැවතත් ඔබ සමීපයට පැමිණේවි.

(www.lankatelegraph.info)

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x