custom_html_banner1
දේශීය පුවත්

කොරෝනා එන්නත් ලබාගත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටදී නිවෙස් නිරෝධායනය ඉල්ලයි

custom_html_banner1
Spread the love

විදේශ රටවලදී කොරෝනා මර්දන එන්නත ලබාගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට තම නිවසේදීම නිරෝධායනය වීමට අවස්ථාව සලසා දෙන ලෙස මැදපෙරදිග ශ්‍රී ලාංකික එකමුතුව රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින්.

විදේශයකදී කොරෝනා එන්නත පූර්ණ වශයෙන් ලබාගන්නා ශ්‍රී ලාංකිකයින් මෙරටට පැමිණීමේදී හෝටල් නිරෝධායනය හෝ රජයේ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු නොකර තම නිවසේදීම නිරෝධායනය වීම සඳහා ඉඩ ලබාදෙන ලෙසයි එම ලිපියෙන් ඉල්ලා ඇත්තේ. මැද පෙරදිග ශ්‍රී ලාංකික එකමුතුවේ නියෝජිතයින් අදාළ ලිපියේ පිටපතක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති මල්රාජ් සිල්වා වෙත භාර දී තිබෙනවා.

අද වනවිට කොරෝනා වසංගත තත්ත්වය හොඳින් පාලනය කරගැනීමට මැදපෙරදිග කලාපයේ රටවලට හැකියාව ලැබී තිබෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සියළු නේවාසිකයින්ට එරට රජයේ පූර්ණ අනුග්‍රහයෙන් කොරෝනා එන්නත ලබාගැනීම අනිවාර්ය කර ඇති බවයි අදාළ ලිපියේ දැක්වෙන්නේ.

පී සී ආර් පරීක්ෂාව හා කොරෝනා එන්නත ලබාගැනීම සහතික කිරීම මෘදුකාංගයක් ඔස්සේ යාවත්කාලීන කරනු ලබනවා. ඒ අනුව කිව් ආර් කේතයක් මගින් ලොව ඕනෑම තැනක සිට පී සී ආර් පරීක්ෂණවලට ලක්වීම හෝ කොරෝනා එන්නත ලබාගත් පුද්ගලයින් පිළිබඳ සහතිකයක් ලබාගත හැකියි.

මෙම තත්ත්වය යටතේ වසරක සේවා කාලයකින් පසුව තමන්ට හිමි වන දින 28 ක නිවාඩුව සඳහා මෙරටට පැමිණ සිය නිවෙස්වල ගත කිරීමට ඉඩ සලසා දෙන ලෙසයි මැදපෙරදිග ශ්‍රී ලාංකික එකමුතුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button