custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

සිහින සමාගම ඉවරයි, දැන් නාඩගම්කාරයෝ සහ දාම් – කෝකිල

custom_html_banner1
Spread the love

‘සිරි රජ සිරි’ චිත්‍රපටයේ සිරිමල්ගේ චරිතය රඟපෑ පුංචිම පුංචි කොළු ගැටයා ඔබට මතකද? කාලය මොන තරම් නම් වේගයෙන් පියාඹා ගිහින් ද කියලා අද ඔහු දකින ඔබට හිතාගත හැකි වේවි. අද මෙයා කඩවසම් තරුණයෙක්. මේ දිනවල අපට හමුවන්නෙ ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණය කළ ‘ද‌ාම්’ ටෙලි මාලාව ඔස්සේයි.ඔහු කෝකිල පවන් ජයසූරිය.

‘සිරි රජ සිරි’ රඟපාලා කොච්චර කාලයකට පසුව ද මේ විදියට රඟපාන්නෙ?

වසර 14 කට පස්සෙ.

• ඒ කියන්නේ සිරි රජ සිරි වලින් පසු රඟපෑවෙ නැද්ද?

චිත්‍රපට 3 ක රඟපැවා. ටෙලිනාට්‍ය 10 ක විතර රඟපෑවා. වේදිකා නාට්‍ය ‘තල මල පිපිලා’ සිට මෑතක වේදිකාගත වූ ‘සෆාරියක් සහ සවාරියක්’ දක්වා රඟපෑවා එහි චරිතයට කුසලතා සම්මානයක් පවා ලැබුවා.

• කොහොමද ජීවිතේ?

ඉතාම හොඳයි. විවාහ දිවියට ඇතුළත් වුණා. අලුත් ජීවිතයකට හුරුවෙමින් සිටිනවා. ටෙලි 3 ක විතර එක දිගට වැඩ. හඬකැවීම් ශිල්පියකු ලෙස බිසී වෙලා. ඒ වගේම වේදිකාවේ ‘සකුන්තලා’ නාට්‍යයේ පුහුණුවීම් කටයුතු කරගෙන යනවා. ජීවිතය ටිකාක් කාර්ය බහුල වෙලා. රංගනය සහ හැඬකැවීම් එක්ක.

custom_html_banner1

• අලුත් දිවිය ගැන කියමු?

බිරිඳගෙ නම නිමාලි ප්‍රනාන්දු. 2020 දෙසැම්බර් 5 විවාහ වුණේ. එයාගේ ගම වෙන්නප්පුව. කළමනාකරණ අංශයේ උසස් අධ්‍යාපනය හද‌ාරා මේ දිනවල කටයුතු කරන්නේ නීතිඥවරියක වීමේ අරමුණින්. මාවත් මගේ මල්ලිවත්, ආච්චිවත් ආදරයෙන් බලා ගන්න බොහොම ආදරණීය චරිතයක්. එයාගෙ පවුලේ අම්මා තාත්තා සහ නංගි මල්ලී.

• ඇය හමුවුණේ කොහොමද?

අහම්බයක්. අපි වසර කීපයකට පෙර හොඳ යාළුවෝ. අහම්බයෙන් ගාලු මුවදොර පිටියේදී හමුවුණේ. එද‌ා ඉස්සෝ වඩේ කෑවා. ආ ගිය තොරතුරු කතා කරමින්. මුලින්ම අපි හඳුනා ගත්තෙ දමයන්ති ෆොන්සේකාගෙ නැන්ද‌ාගේ ටෙලි නාට්‍යයකින්. ඒ ආ ගමන තමයි මේ.

• ඉස්සෝ වඩේ කන්න ගිහින් වෙච්ච දේ නේද?

ඒක නේන්නම්.

• ඇයි එයාට හිත ගියේ?

හොඳ පෞරෂයක් තියෙන කාන්තාවක්. කළමනාකාරිත්වය ඉහළින්ම ඇති කෙනෙක්. මම එයාට ආදරය කරනවාට වඩා එයා මට ආදරය කරනවා. ඒ නිසා මම හරි වාසනාවන්තයි. භරත නර්තනය පිළිබඳ විශාරදවරියක්. කලාවට ලැදි සිතක්.

• ඇය ඔබට කතා කරන්නේ?

‘බබා’ කියලා මාත් ඉතින් එයාට ‘බබා’ කියනවා.

• ගෙදරදි මොන වගේ නඩුවලට ද පෙනී සිටින්නේ?

තවම නම් නඩු නැහැ. බැඳලා මාස එකහමාරනේ.

• ‘ප්‍රේමය ආදරය’ කියන්නේ මොකක්ද?

මට දැනෙන විදිහට ප්‍රේමය සහ ආදරය දෙකක්. ප්‍රේමයේදී කිසිවක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ආදරයේදී ද‌ාහක් බලාපොරොත්තු වෙනවා. ප්‍රේමය ප්‍රේමයමයි. ආදරය ආදරයමයි.

• රහට උයලත් දෙනවා ඇති?

ඔව් මටත් උයන්න පුළුවනි. ඇය හොඳ ගෘහණියක්.

• කෝකිලගෙ ප්‍රධානම වෘත්තිය කලා අංශය ද?

ඔව්. කලා අංශයම තමයි මම කලා ශිල්පියෙක්. ඒකට අවශ්‍ය නිදහස පොඩි කාලයේ ඉඳලාම මට සීයා, ආච්චි ලබා දුන්නා. සීයා මීට වසර 8 කට පෙර මිය ගියා. ආච්චි සීයා නොවන්නට කෝකිල කියා කෙනෙක් නැහැ. ඒ දෙන්නා මා වෙනුවෙන් විඳපු දුක මට මහ​මෙරක් තරම්. ඒ දෙන්නාට මම ඉපදෙන ආත්මයක් පාසා ණයයි. හැකිතාක් ආදරණීයව ජීවිතය ගෙවන්න තමයි මම උත්සාහ ගන්නෙ. සමානාත්මතාවයට සාපේක්ෂ වී ජීවත් වෙන්න කැමැතියි. අපි ඔක්කෝම හැල්මේ දුවන වග පෙනෙනවා. ඒ ගමනේදී ආදරය සමානාත්මතාවය වටිනවා අපට.

• ඔබ රඟපානවට එයා කැමැතිද?

ආච්චී සීයා මට දීපු පන්නරය නිදහස අද විවාහ වුණත් මට ඒ විදියටම තියෙනවා. නිමාලි ඒ නිදහස මට දීලා තියෙන්නෙ.

• කියමු ‘ද‌ාම්’ නාට්‍යයේ භක්ති ගැන?

ලංකාවේ තරුණයා කොණකට වීසිවෙන්න තියෙන ඉඩකඩ හරි වැඩියි. මේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමය සහ සමානාත්මතාව නැතිකම නිසා එහෙම වෙලා. මේ රටේ සිස්ටම් අවුල් කියලා කවුරුහරි කියනවා නම් මම කියන්නෙ එහෙම නැහැ කියලයි. මොකද මේ රටට සිස්ටම් එකක් නැහැ. භක්ති කියන්නෙ ‘DJ’ කරලා ජීවත්වන තරුණයෙක්. ආදරණීය කැපවීම් කරන, සාමාන්‍ය තරුණයෙකුට නැති, යාළුවකු වෙනුවෙන් ඉතා අවංකව කැපවෙන යාළුවෙක්. හොඳ සවන් දෙන්නෙක්. හොඳ අහන්නෙක්.

• කොහොමද ප්‍රතිචාර?

භක්තිගෙ යාළුවා කෙවින්, ඒ චරිතය නිරූපණය කරන්නෙ චමීර ලියනගේ. ඔහු ඉතා හොඳ හදවතක් තියෙන හොඳ මනුස්සයෙක්. කෙවින් මුහුණ දීලා තියෙන ආර්ථිකමය සමාජයීය ගැටලුවලට ඉන්න එකම හයිය තමයි ‘භක්ති’. මම හිතුවට වඩා ‘භක්තිට’ ලැබෙන ප්‍රතිචාර හොඳයි. කෝකිල ලෙස මාව හඳුනා ගන්න බැරි තරම්. ඒකට වග කියන්න ඕනෑ ධනුෂ්ක රත්නායක අයියා. මාව වෙනස්ම චරිතයක් කළා. භක්ති – භක්ති වෙතින්ම මිස කෝකිලගෙන් නොදකින්න ලැබීම මා ලැබූ ජයක්. චරිතය මිසක් කවුරුවත් මාව හඳුනාගන්නෙ නැහැ. ‘ද‌ාම්’ ටෙලි නාට්‍යය ඇත්තටම හරි ප්‍රමිතියකින් කෙරෙන නිර්මාණයක්. ඒ නිසාම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ‘ද‌ාම්’ වටා රොක්වෙලා. අභියෝග – සෙනෙහස – ආදරය – ප්‍රමිතිය අනුව ගලා යන කතාවක්. අධ්‍යක්ෂ ඇතුළු ‘ද‌ාම්’ කණ්ඩායමේ සාමූහික ප්‍රයත්නයේ කණ්ඩායම් හැඟීමේ ප්‍රතිඵලයක්. සහාය අධ්‍යක්ෂ වසන්ත අයියාත් මතක් කළ යුතුමයි.

• කෝකිලගේ මේ චරිතය හැර?

ළඟදි ‘සිහින සමාගම’ නිමා වුණා. නාඩගම්කාරයෝ පටන් ගත්තා. ඒකත් මට අභියෝගාත්මක චරිතයක්. මේතාක් මම කොමඩි චරිතයක් කරලා තිබුණේ නැහැ. ඒ නිසා මේ චරිතයත් අභියෝගයක්.

• අලුත ගෙනා මනමාලි ගෙදර තනි කරලා යනවාට එයා කැමැතිද?

එයත් අධ්‍යාපන කටයුතු සහ රැකියාව එක්ක කාර්ය බහුලයි. ඇයට තනියක් නැහැ. අනෙක ජවය තියෙන කාලයේදී අපි වැඩ කළ යුතුමයි. මේ කාලය නැවත එන්නෙ නැහැ. එයාට හොඳ කියවීමක්, තේරුම් ගැනීමක් තියෙන කෙනෙක්. ඒ අතින් මම හරි වාසනාවන්තයි.

• තවත් මොනවද කෝකිලට කියන්න තියෙන්නෙ?

මම හිතන්නෙ මා ගැන මේ විදියට ආටිකල් යන්නේ වසර ගණනාවකට පසුවයි. අද විකාශය කෙරෙන ‘ද‌ාම්’ කාලයකට පසුව මට ලැබුණු අපූරු චරිතයක්. ආදරණීය ධනුෂ්ක රත්නායක අයියාට ඒ ගැන ස්තූතිවන්ත වෙන්න ඕනෑ. මගේ ගමනට ශක්තියක් වූ ආදරණීය ආච්චිඅම්මා, මල්ලි, මගේ බිරිඳ සහ එයාගෙ අම්මා-තාත්තා සහ පවුලේ අය වගේම මගේ සහෝදරයෝ ඒ කියන්නෙ මට ඉන්නෙ යාළුවන්ට වඩා සහෝදරයින්. එද‌ා සිට මා ගැන විශ්වාසය තියලා මාව කලාවට විවර කර දුන්, සෝමරත්න දිසානායක මාමා, රේණුකා නැන්ද‌ා වගේම මට අද දක්වා චරිත ලබා දෙන, කලාවෙ වැඩ දෙන හැමෝටම මගේ ප්‍රණාමය පුදන්න කැමැතියි.

සඳුන් ගමගේ

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button