දේශපාලන පුවත්දේශීය පුවත්ප්‍රධාන පුවත්

යුධ හමුදාවෙන් නවීන තාක්ෂණයෙන් සපිරි බහුවිද බස් නැවතුම් පොළක්

ජනාධිපතිතුමන්ගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නවීන තාක්ෂණයෙන් සපිරි සංවර්ධිත රටක් ගොඩ නැගීමේ ක්‍රියාවලියට දායකත්වය ලබා දෙමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ,ශ්‍රී ලංකා යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමාගේ සංකල්පයකට අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස නිර්මාණය කළ බස්නැවතුම්පොළ ඊයේ (16) දින ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ සුරතින් විවෘත කොට ජනතා අයිතියට පත් කිරීම සිදු කෙරුණා .

යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඉන්දු සමරකෝන් මහතාගේ මග පෙන්වීම යටතේ යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු සාමාජිකයන් සතුව ඇති තාක්ෂණික දැනුම හා නිපුණත්වය ලොවට පෙන්වමින් මෙම බස් නැවතුම් පොළ නිර්මාණය කර ඇත.

මෙම භාවිත බස්නැවතුම් පොලේ ඇති විශේෂත්වය වන්නේ

  • වායුසමනය කළ සුවපහසු ආසන සහිත වීම
  • පැය 24 පුරා ආරක්ෂක කැමරා මගින් නිරීක්ෂණය කිරීම
  • ධාවනය වන බස් පිළිබඳ තොරතුරු ලබාගැනීමේ හැකියාව
  • ව්‍යාපාරිකයන් හට ඔවුන්ගේ ව්‍යාපාර පිළිබඳ ප්‍රචාරයක් කටයුතු සිදු කර ගැනීමට අවස්ථාව ලැබීම
  • නගරය තුළ මාර්ග සිතියම හා බස් ගමනා ගමන මාර්ග දැක්වීම
  • ස්වයං රැකියාවක් පවත්වාගෙන යාමට සුදුසු කුඩා වෙළඳසැලක් සහිත වීම

Courtesy – Newsi.lk

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button