ක්‍රීඩා පුවත්දේශීය පුවත්ප්‍රධාන පුවත්

Wills ලෝක කුසලාන ජයග්‍රහණයට අදට වසර 25යි – වසර 25ක් නොදුන් දෙයක් අද දෙයි

ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කොට අදට (17) වසර 25ක් සපිරේ.

ඒ නිමිත්තෙන් 96 ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දිනා දුන් අර්ජුන රණතුංග ප්‍රමුඛ සියළු ක්‍රීඩකයින් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයට කැඳවීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.

වසර 25 ක් සපිරෙන 96 ක්‍රිකට් විජයග්‍රහණයට උරදුන් ක්‍රීඩකයින් සඳහා මෙහිදී තිළිණ ප්‍රදානයක් ද සිදු කෙරෙන අතර එම සැමරුම වෙනුවෙන් සමරු මුද්දරයක් ද නිකුත් කිරීමටයි නියමිතය.

96 ක්‍රිකට් ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට වසර 25 ක් පුරා නොලැබුනු, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය භාරයේ තිබෙන සමරු පදක්කම් අද දිනයේදී එම ක්‍රිකට් විරුවන් වෙත ප්‍රදානය කිරීමට ද නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button