දේශපාලන පුවත්දේශීය පුවත්ප්‍රධාන පුවත්

අසාද් සාලිගේ ප්‍රකාශය ගැන විමර්ශනයට CID යෙන් විශේෂ කණ්ඩායමක්

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් පත්කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ අනුව සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් 5 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් මේ වන විට ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස් මූලස්ථානයට පැමිණිලි කිහිපයක් ද ලැබී තිබෙනවා.

අසාද් සාලි මහතාගේ ප්‍රකාශයේ සඳහන් කරුණු මෙන්ම එම ප්‍රකාශයෙන් ජාතීන් සහ ආගම් අතර ගැටලූ ඇතිවී තිබේ ද යන්න මෙම විමර්ශණයේදී අවධානය යොමු කෙරෙනු ඇති.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button