දේශපාලන පුවත්දේශීය පුවත්

ජනපති ගෝඨාභයට තව අවුරුදු අට හමාරක් තියෙනවා – ඊළඟ අපේක්ෂකයා ගැන 2030දී බලමු

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තවත් වසර අට හමාරක් රට පාලනය කළ හැකි බැවින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව 2030දී තීරණය කළහැකි බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

“අපට නායකයින් රාශියක් ඉන්නවා. අපි එදාට තීන්දු කරමු. තාම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවුරුදු එකහමාරයි එතුමාගේ ධුර කාලයෙන් අවසාන කරලා තියෙන්නෙ. එතකොට අවුරුදු 10ක ධුර කාලයෙන් තාම අවුරුදු එකහමාරයි ගිහිල්ලා තියෙන්නෙ.

තව අවුරුදු අට හමාරක් අපට ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා අපි 2030 දක්වා හදපු සැලැස්ම තුළ. ඒ හින්දා අපි 2030න් පස්සෙ තීන්දු කරමු කවුද අපේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කියලා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව පැවසුවේ පසුගියදා කොළඹදී මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button