ප්‍රධාන පුවත්විදෙස් පුවත්

චීනය ලොව ප්‍රථම වෛරස ගමන් බලපත්‍රය හඳුන්වා දෙයි

චීනය ජාත්‍යන්තර සංචාර සඳහා විශේෂ වෛරස ගමන් බලපත්‍රයක් හඳුන්වා දී තිබේ.

චීන පුරවැසියන්ට මෙම නව ගමන් බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ බාගත කළ හැකි අතර එය රටට ඇතුලු වීමේ දී සහ පිටවීමේ දී භාවිත කළ හැකියි.

මෙය ලොව ප්‍රථම විශේෂ වෛරස ගමන් බලපත්‍රය ලෙස සැලකෙයි.

යුරෝපා සංගමය සහ අමෙරිකාව ද මෙවැනිම ගමන් බලපත්‍රයක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.

මෙය ලබා ගත හැක්කේ චීන පුරවැසියන්ට පමණක් බැවින් එය ජාත්‍යන්තරව ක්‍රියා කරන්නේ කෙසේද යන්න තවමත් පැහැදිලි නැත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button