custom_html_banner1
දේශීය පුවත්

මාර්තු මාස සිට සාමාන්‍ය ජනතාව සඳහා කොවිඩ් එන්නත්

custom_html_banner1
Spread the love

මාර්තු මාසයේ පළමු සතියේ සිට සාමාන්‍ය ජනතාව සඳහා කොවිඩ් එන්නත් ලබාදීමට බලාපොරොත්තුවන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

ඊයේ (05) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරිය පැවසුවේ එන්නත් කිරීම තුළින් කිසිදු ප්‍රධාන අතුරු අබාධයක් මෙතෙත් වාර්තා වී නොමැති බවය.

එමෙන්ම උණ සහ ඇඟේ අමාරුව වැනි රෝග ලක්ෂ සමාන්‍ය දෙයක් බවත් එහිදි ඇය පැහැදිලි කළාය.

“ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ්” එන්නතේ එක් මාත්‍රාවකින් පමණක් කොවිඩ් – 19 වෛරසය පැතිරීමේ හැකියාව 67%කින් පමණ අඩුවන බවට අනාවරණය වී ඇති බවද ඇය එහිදී සඳහන් කළාය.

වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව අඩුවන විට PCR සහ ඇන්ටිජන් පරික්ෂණ සංඛ්‍යාව ද අඩුකළ හැකි බව අමාත්‍යවරිය පැවසුවාය.

මේ අතර, ඇය පැවසුවේ රටේ සියලු ජනතාවට කොවිඩ් එන්නත් ලබාදීම සඳහා මධ්‍යස්ථාන 4000ක් ස්ථාපනය කරන බවය.

මාර්තු මස ඇරඹෙන එන්නත්කරණයේදී දෛනිකව පුද්ගලයින් ලක්ෂ 6 ක පමණ පිරිසකට එන්නත් ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button