විදෙස් පුවත්

කුඩා දරුවකුගේ දිවි රැක දෙන ඔක්සිජන් සිලින්ඩර් සොරකම සමාජ මාධ්‍ය ජාලා කලඹයි

බටහිර ඔස්ටේ‍්‍රලියාවේ වින්ඞ්සර් හිල්ස් ප‍්‍රදේශයේ කෘත‍්‍රිමව ඔක්සිජන් ආශ්වාස කිරීමෙන් ජීවිතය පවත්වාගෙන යන මාස 21ක් වයසැති කුඩා දරුවකුට එම ඔක්සිජන් සපයන සිලින්ඩර්වලින් හරි අඩක් සොරෙකු විසින් සොරා ගෙන යෑම නිසා එම ඔක්සිජන් සිලින්ඩර් නැවත සොයා දෙන ලෙස සිය ෆේස්බුක් පිටුව හරහා ජනතාවගෙන් ඉල්ලා සිටීමට දරුවාගේ මව විසින් පියවර ගෙන තිබේ.

මාස 21ක් වයසැති ‘ටෙකොවා’ නමැති සිය දරුවා ජීවිතය පවත්වාගෙන යනුයේ ඔක්සිජන් සිලින්ඩර් මගින් සැපයෙන ඔක්සිජන් වායුව ආශ්වාස කිරීමෙන් බවත් ඔහු වෙනුවෙන් නිවසේ තිබූ ඔක්සිජන් සිලින්ඩර් 12න් 08ක් සොරෙකු විසින් සොරා ගෙන යෑම නිසා තමන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බැවින්,

නැති වූ එම ඔක්සිජන් සිලින්ඩර් සොයා දෙන ලෙසට දරුවාගේ මව වන මැඩිසන් ඩොබ්ල්ස් විසින් පළකර තිබූ සටහනකට ඔස්ටේ‍්‍රලියානු වැසියන් බොහෝ දෙනකු දැඩි සේ ප‍්‍රතිචාර දක්වා ඇත්තේ එම සිලින්ඩර සොරකම් කළ පුද්ගලයා හදවතක් නොමැති සොරෙකු ලෙස හඳුන්වමිනි.

දරුවාගේ මව විසින් ඔක්සිජන් සිලින්ඩර සොරකම් කළ පුද්ගලයා වාහනයකින් ඇයගේ නිවස අසළට පැමිණෙන අයුරුත් අනතුරුව නිවෙසට ඇතුළු වී අදාළ සිලින්ඩර එකින් එක ගෙන ගොස් වාහනයේ දමාගෙන පළා යන අයුරු සඳහන් විඞීයෝ පටයක්ද සිය ෆේස්බුක් සටහනට එක්කර තිබූ අතර,

මෙය දුටු එම නිවසට ඔක්සිජන් සිලින්ඩර සැපයූ සමාගම වෙනත් දිනවල මෙන් හිස් සිලින්ඩරයක් නොමැතිවම අලූතින් ඔක්සිජන් සිලින්ඩර් තම දරුවා වෙනුවෙන් සැපයීමට කටයුතු කළ බව දරුවාගේ මව මාධ්‍යයන්ට පවසා තිබේ. පොලිසිය මෙම ඔක්සිජන් සිලින්ඩර් සොරකම් පිළිබඳව පරීක්ෂණ පවත්වති.

Courtesy – Divaina

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button