ගොසිප් පුවත්තරු හුට පට

මට අනියම් සම්බන්ද තිබුනේ නැහැ මම පිටගියේත් නැහැ – පිට නොගිය බවට උදාරිගෙන් ජනතාවට සහතිකයක්

උදාරි කෞෂල්‍ය පසුගිය දවස් වල බොහෝදෙනෙක්ගේ කතාවට ලක්වුණු චරිතයක්.නිරුපිකාවක් නිලියක් ලෙස ඇයව අපට හදුන්වා දෙන්න පුළුවන්.ඉතින් සංගීත සතරසිංහ සමගින් විවහා වී ටික කාලෙකින් එම විවාහය දෙකඩ වෙනවා.මේ වෙද්දී සංගීත තවම තනිකඩ ජිවිතයක් තමයි ගෙවන්නේ.අද අපි කතා කරන්න හදන්නේ උදාරි කෞශල්‍යා ගැනයි.

ඉතින් මේ දවස්වල උදාරිගේ අලුත්ම තොරතුරු ගැන වගේම ඇයගේ අලුත්ම ආදර කතාව ගැන දැන ගන්න පහුගිය දවසක ඇයත් එක්ක අපි කතා බහ කලා. මම මේ දවස්වල මයි ඩියර් ක්ලොතින්ග් යන නාමයෙන් මගේම නිමි ඇදුම් ව්‍යපාරයක් කරගෙන යනවා. එහි ඇදුම් නිර්මාණය, නිෂ්පාදනය, බෙදාහැරීම, ප්‍රචාරක කටයුතු දක්වා සියලුම දේ කරන්නේ මමම තමයි.

මගේ දැන් පෙම්වතා රංගන ක්ෂේත්‍රයේ කෙනෙක් නෙමෙයි. මේ වෙද්දී එයා ව්‍යාපාරයක් ආරම්භ කරගෙන යනවා. දැන් අවුරුදු දෙකක් විතර වෙනවා අපේ සම්බන්ධය පටන් අරන්. අපි ආදරෙන් ඉන්නවා. ඉතින් මිනිස්සු අතරින් වෙස්මුහුණ ගලවපු කෙනෙක් මට හම්බුනා කිවුවොත් නිවැරදියි. මන් ආස නැහැ දැන්ම එයා ගැන කියන්න,මේ වෙද්දී මන් පොඩි පොඩි පියවර තියලා ලොකු ගමනක් ආරම්භ කරලා තියනවා. හැමදෙයක්ම වෙන්නේ හොදටයි කියලා කියනවා ඉතින්. ඒ නිසා සිද්දවුණු දේවල් ගැන මන් කිසිම දවසක පසුතැවීමක් වෙන්නේ නැහැ.

ගොඩක් මිනිස්සු හිතන්නේ දික්කසාදයක් උනාම එහෙම උනේ ගැහැණු කෙනා පිට ගිය හින්දා කියලා. ඒත් එකට විවිධ හේතු තියෙන්න පුළුවන් ඉතින්. ගොඩක් මිනිස්සු සැබෑ ජීවිතේ පවුල පිටින් රඟපානවා වෙස්මුහුණු දාගෙන. නිළියන්ගේ දික්කසාද වලට අනියම් සම්බන්ධතා ගැන චෝදනාවන් තිබුනට ඇත්තටම මම එහෙම දෙයක් කලේ නැහැ.මම ඉදිරියට කරන්නෙත් නැහැ. මන් පන වගේ ආදරේ කළා. මේ දේවල් සිදු වුනේ කොහොමද කියලා කවුරුත් දන්නේ නැහැ.

සත්‍ය කතාව මන් කිසිම තැනක කියලා නැහැ. දැන් මට පහුගිය දේවල් ඔලුවේ තියාගෙන දුක් වෙන්න ඕනේ නැහැ.අලුත් පෙම්වතා සමග ලගදීම විවහා වී අලුත් ගමනක් යන්න බලාපොරොත්තුවෙන් සිටිනවා කියලත් උදාරි පවසනවා.ඉතින් අද අපි ඔබට ගෙන එන්නේ උදාරිගේ සුන්දර ජායාරූප පෙළක්.

Source – Medianewslink 

01

 

02

 

 

03

 

04

 

 

05

 

 

06

 

 

07

 

 

08

 

 

09

 

 

10

 

 

11

 

 

12

 

 

13

 

 

14

 

 

15

 

 

16

 

 

 

17

 

 

18

 

 

19

 

 

20

 

 

21

 

 

22

 

 

23

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button