ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

ගැහැණියකගේ ආදරය ගැන නිරෝෂා විරාජිනී මුහුණු පොතේ දැමූ ආදරණිය සටහන

ගීතයත් එක්ක වසර ගණනාවක් තිස්සේ ජිවත් වෙන ඇයට බොහෝ දෙනෙක් ආදරේ කරනවා. රසිකයින්ගේ නොමද ආදරයක් ලබන ඇය නිරෝෂා විරාජිනී. කාන්තා දිනය වෙනුවෙන් ඇය මුහුණු පොතට අපූරූ සටහනක් එකතු කර තිබෙනවා. එය පහතින්.

ඈත අතීතයේ ගෝත්‍රික යුගයේ සිට වර්තමානය අද දක්වාමත් මානව වර්ගයාගේ සිත් තුළ ආදරය ජනිත කළ ඇය මිනිසුන් ශිෂ්ටත්වයෙන් ශ්‍රේෂ්ඨත්වය කරා ගොඩනැගීමට අනේකවිධ වේදනාවන් රිදුම් පිරිමදිමින් ඉවසමින් කැපකිරීම් කරමින් පරිත්‍යාග කරමින් පැමිනියාය. ඉතින් අතීතයේ සිට ම අපි දකින මේ පිරිමි ලෝකය තුළ එන හැම සාර්ථකම පිරිමියෙක් පිටුපසම අන්න ඒ ගැහැනිය සිටින බව ඔබ දුටුවා ද ? නමුත් ඔබ අප ඇය කළ ඒ අනන්තවත් කැප කිරීම් ගැන කතා කළා ද ? කතා කළත් එයින් ඔබ අප සෑහීමකට පත් වූවා ද ? එහෙනම් දැන් හිතන්න මෙහෙම ඇය පිරිමි ලෝකය තුල සිදුවන හැම සිදුවීමක් තුළ ම ක්‍රියාත්මක වන හැම ක්‍රියාකාරකමක් තුළම ඇය දරාගන්නියයි,කැපකිරීම් කරන්නියයි,ඉවසන්නීයයි ,ආදරය උපදවන්නියයි,චමත්කාරය සෞන්දර්ය උගන්වන්නීයයි.එහෙම නම් ඒ හැම දෙයක් ම එක්ක ඇය සමාන වන්නේ මහපොළොව නම් මේ අපව දරා සිටින ගැහැනියට පමණයි.සකලවිධ සත්ව ලෝකය තුළ ගැහැණිය එයාකාරයි.

ඉතින් නිරන්තරයෙන් කරුණාව හා අත්හැරීම ප්‍රගුණ කළ සාන්තුවර පිරිමි ලෝකය ගැහැණියකගේ ආදරය නිසා ගොඩ නැගී බැබලුනේ ය. දයාබර සහෘද හිතවතුනි හිතවතියනි මේ ගීතය අන්න ඒ ගැනයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button