ගොසිප් පුවත්තරු හුට පට

මාලන්ට කොරෝනා හින්දා ජානු ගොඩක් බයවෙලා

නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ජානු ඇයයි. රංගනයට කෝඩුකාරියක් වූ ඇය මාලන් එක්ක එකතුවෙලා ටෙලියක් කරන්නයි සූදානම් වෙන්නේ. වැඬේ තියෙන්නේ මාලන් මේ දවස්වල නිරෝධායනයේ. එතකොට ජානු මොකද කරන්නේ. ජානු ගැන මධුෂානි පෙරේරා කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.

* මාලන් නිරෝධායනයේ නිසා ජානු මොකද කරන්නේ?

මේ දවස්වල ෂූටින් නවත්වල තියෙන්නේ තුන් දෙනෙක්ට කොවිඞ් පොසිටිව් වුණා. තවම ෂූටින් පටන් අරගෙන නැහැ. තව සතියක් දෙකක් ඇතුළත ෂූටින් පටන් ගනීවි.

* මාලන්ට, ජානුට ඉස්සරහට මොකද වෙන්නේ?

මාලන්ගෙයි ජානුගෙයි ඇත්තටම එතැන තියෙන්නෙ ආදර කතාවක් නෙමෙයි. ඒ දෙන්න එකට වැඩ කරනවා. එකට වැඩ කරන එක හින්ද දෙන්නටම වාසි තියෙනවා.

* කෝකිල නිරෝධායනය වෙන අතරේ මධුෂානිට මොනවද කිව්වේ?

මම ගොඩක් බයවුණා. අපි ඔක්කොම එකට වැඩ කළේ. කොහොම වෙයිද දන්නෙ නැහැ. අපිටත් පොසිටිව් වෙයිද දන්නෙ නැහැ කියල.

* ඔධුෂානින් පීසීආර් කළාද?

ඔව්, අපි ඔක්කොම පීසීආර් කළා. කවුරුවත් පොසිටිව් වුණේ නැහැ.

* මධුෂානිගේ මුල්ම රංගනය මන්දෝදරී බිසව නේද?

රාවණ සීසන් 2 මන්දෝදරී කුමරිය චරිතය හරහා තමයි මුලින්ම ටෙලි නාට්‍ය ක්‍ෂේත‍්‍රයට එන්නේ. මට මුලින්ම හම්බවුණේ රාවණා ගේ බිසවගේ චරිතයයි. රාවණ තුන්වැනි කොටස ලබන මාසයේ ඉඳල ෂූටින් පටන් ගන්නවා.

* නාඩගම්කාරයෝ ජානුට ලැබෙන්නේ මොන වගේ ප‍්‍රතිචාරද?

ගොඩක් හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. කට්ටිය බණිනවත් එක්ක. කටේ සද්දෙ වැඩියි කියල තමයි කට්ටිය කියන්නේ

* අධ්‍යක්‍ෂවරයා මොකද කිව්වේ?

චරිතයේ හැටියට කට

වහ ගෙන ඉන්නකම් ඞීසන් කෙනෙක්. කට ඇරිය ගමන් හැමෝම හිතන්නේ කට වාචාල ගැහැනු ළමයෙක් කියලා.

* මධුෂානිත් ජානු වගේමද?

ජානු වගේම නෙමයි. ජානු වෙන්න මට ගොඩක් අමාරු වුණා. හැමදෙයකින්ම මට වෙනස්වෙන්න වුණා. ගිරිරාජ් අයිය, කෝකිල, අධ්‍යක්‍ෂකවරයා මට ගොඩක් උදව් කළා.

* කුකුළා මුදලාලි ගැන කට්ටිය මොනවද කියන්නේ

කුකුළා මුදලාලි මගේ තාත්තට රඟපාන්නේ මම මුලින් ෂූටින් එද්දී ගොඩක් බයෙන් ආවේ. එතැන හිටපු කවුරුවත් මම අඳුරන්නේ නැහැ. කලින් දැකලවත් හම්බවෙලාවත් වැඩකරලවත් නැහැ. ඉතිං ලොකු පීඩනයකින් ආවේ. හිතුවට වඩා ගොඩක් වෙනස් වුණා. මට හැමදේම කියල දුන්නා.

* මධුෂානිත් ජානු වගේම නිළියක් වෙන්න හීන මැවූ කෙනෙක්ද?

මම නිළියක් වෙන්න හිතාගෙන හිටියෙ නෑ, මම කළේ මොඞ්ලින්. මගේ ඞී‍්‍රම් එක තිබ්බෙ මොඞ්ල් කෙනෙක් වෙන්න. මට අහම්බයෙන් තමයි මන්දෝදරීව හම්බවුණේ. අහම්බෙන්. හම්බවුණත් ගොඩක් වටිනා දෙයක්.

* නිරූපණයට රඟපෑමට එන්න කලින්

මොනවද කළේ?

ඉස්කොලන් ඉවත් වෙලා ගුවන් සේවිකාවක් වෙන්න ආසාවෙන් හිටියේ. ඊට පස්සෙ මම දැන්වීම් ආයතනයක රැුකියාවක් කළා. ඊට පස්සෙ තමයි මම නිරූපණයට ආවේ.

* මිනිස්සු මගතොටේදී ජානුට බණිනවද?

ජානු කියනවට වඩා ගොඩක් අය කියන්නෙ උළු කෑල්ල කියලා. නැතිනම් උළු කැටේ කියලා. එක එක නම් ගොඩක් හම්බවෙලා තියෙනවා ජානු හින්දා. ජානු, ජානක,ී සිඟිත,ි උළු කැටේ, කුකුළාගේ දුව වගේ නම් ගොඩයි.

* නාඩගම්කාරයෝ මධුෂානිගේ ජීවිතය

වෙනස් කළාද?

ඔව්, මට හම්බවුණ වෙනස් චරිතයක්. හිතන් හිටපු තැනට වඩා දැන් මම ගොඩක් වෙනස් තැනක ඉන්නෙ. ජානු මගේ ජීවිතයේ වෙනසක් කළා.

* පවුලේ විස්තර

අම්මයි, තාත්තය,ි අයියයි, මමයි.

* රඟපානවට ගෙදරින් විරුද්ධත්වයක් නැතිද?

දැන්නම් විරුද්ධත්වයක් නැහැ.

මුලදී තාත්තගෙ පොඩි විරුද්ධත්වයක් තිබුණා.

* ආදර යෝජනා එමටයිලූ නේද?

එහෙම එනවනම් අඩුයි. ජානුට ආදරය කරන අයගෙන් මැසේජ් එනවා.

* මධුෂානි පෙම්වතියක් නෙමෙයිද?

නෙමෙයි.

* ජීවිතය ගැන මොකද හිතන්නේ?

ඇත්තටම මම රංගනයට එන්න ගත්තේ හරි තීරණයක්. අද මම ඉන්න තැන ගැන සතුටුයි. තවම මම රංගනය පටන් ගත්තා විතරයි. ගොඩක් දුර යන්න තියෙනවා.

* දැන් මොඞ්ලින් කරන්නෙ නැතිද?

මොඞ්ලින් කරනවා. රංගනයත් කරනවා. ගැටලූවක් කරගන්නෙ නැතිව වැඩ කරගෙන යනවා.

* අයුතු යෝජනා ප‍්‍රශ්නය මධුෂානිට අදාළ නැතිද?

ඒක මේ ක්‍ෂේත‍්‍රයට විතරක් නෙමෙයි ඕනෑම ක්‍ෂේත‍්‍රයකට පොදුයි. තමන් දැනගන්න ඕනෑ තමන් කොහොමද තැනකට ගිහිල්ල හැසිරෙන්න ඕනෑ විදිහ කියලා.

* ජානුට මොකද වෙන්නේ?

ඒක තවම මමවත් දන්නේ නැහැ. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.

-දිනේෂ් විතාන

Courtesy – Divaina

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button