ගොසිප් පුවත්තරු හුට පට

තම ගායන හැකියාවෙන් රටම වසඟයට ගත් හෝ ගානා පොකුණේ පුංචි කෙල්ල අංජලී මෙත්සරා

අංජලී මෙත්සරා කියන නම දැන්නම් අපේ රටේ ගොඩක් අයට ඉතාම හුරුපුරුදු නමක් වෙලා තියනවා. ඉතින් ඒ ඇය පහුගිය දවසක දෙරණ ඩ්‍රීම්ස්ටාර් තරඟයේ නින්ද නොයන හැන්දෑවේ ගීතය තවත් තරඟකරුවන් කිහිප දෙනෙකු සමඟින් ගායනා කිරීමත් සමඟයි. ඉතින් මේ ගීතය යූ ටියුබ් හරහා මේ වෙද්දී ඉතාම කෙටි කාලයකින් නැරඹුම් වාර මිලියනත් පහුකරලා හමාරයි.

ඉතින් ඒ වගේම හෝ ගානා පොකුණ කියලා කියන්නේ අදටත් අපි ආසාවෙන් නරඹන ලස්සන ළමා චිත්‍රපටයක්. දේශීය වගේම විදේශීය සම්මාන උළෙලවල් වලදී හෝ ගානා පොකුණ සම්මානයට පාත්‍ර වූ විශිෂ්ට චිත්‍රපටයක් ලෙසත් හදුන්වන්න පුළුවන්. ඉතින් හෝ ගානා පොකුණ චිත්‍රපටයේ අන්ද ශිෂ්‍යාවගේ චරිතය එම චිත්‍රපටයේ සුවිශේෂී චරිතයක් බවට පත්වුනා. ඉතින් ඒ චරිතයට පණ පෙව්වේ අපි අද මේ කතා කරන අංජලී මෙත්සරා වික්‍රමසිංහ තමයි. ඉතින් ඇය එහිදී ඉදිරිපත්කල රංගනය බොහෝ දෙනාගේ පැසසුමට ලක්වූ විශිෂ්ට රංගනයක්.

රංගනයට වගේම පුංචි කාලේ ඉදලාම ගායනයටත් ඇය දස්කම් දක්වනවා. දෙරණ ලිට්ල් ස්ටාර් තරඟාවලියේ සිව්වන අදියරේ අටෙන් පහළ ගායන අංශයේ විශිෂ්ටතම තරුව බවට ඇය පත්වුණේ ඇය තුල ළමා කාලයේ ඉදලා තිබුණු ගායන හැකියාවන් මනාව පිලිඹිබු කරමින්. ඒ වගේම අද වෙද්දී අපිට අයව දැකගන්න ලැබෙන්නේ දෙරණ ඩ්‍රීම්ස්ටාර් දසවන අදියර හරහායි. ඩ්‍රීම් ස්ටාර් තරඟාවලියේත් ඇය සාර්ථක ගායනයන් කිහිපයක්ම ඉදිරිපත් කරනවා අපිට දැකගන්නට ලැබුණා.

ඉතින් ඒ අතර ඇය ගැන වැඩියෙන්ම කතා බහට ලක්වෙන්න ගත්තේ නින්ද නොයන හැන්දෑවේ ගීතයේ ගායනයත් සමඟයි. ඉතින් මේ විදහට ගායනයට වගේම රංගනයටත් දස්කම් දක්වන යොවුන් තරුවක් වෙලා ඉන්න අපේ රටේ හැමෝම වගේ ආදරේ කරන අංජලී මෙත්සරාගේ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

Source – Kotuwapaththare 

01

 

02

 

03

 

 

04

 

05

 

06

 

07

 

 

08

 

 

09

 

 

10

 

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

 

18

 

19

 

 

20

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button