දේශීය පුවත්ප්‍රධාන පුවත්

මාදිවෙලින් හමු වූයේ ඉන්දීය ප්‍රභේදයමද? (VIDEO)

මාදිවලින් හමුවුණේ ඩෙල්ටා වෛරසය ආසාදනය වූ පුද්ගලයකු බවට මේ දක්වා තහවුරු වී නොමැති අතර ජාන පරීක්ෂණයේ දී යම් වෙනසක් පෙන්නුම් කිරීම නිසා ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන බවයි වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසන්නේ.

මේ අතර මාදිවල ප්‍රදේශය සම්බන්ධයෙන් ගත යුතු සියලුම සෞඛ්‍යය ක්‍රියාමාර්ග මේ වන විටත් කියාත්මක කරමින් සිටින අතර එම ප්‍රදේශයේ අශ්‍රිතයින් සොයා පරීක්ෂණ තවදුරටත් සිදු කරමින් පවතිනවා.

එම පරීක්ෂණවල ප්‍රතිඵල ඉදිරි දිනවලදී ලැබීමට නියමිත අතර ඉදිරියේදී එම වාර්තා ප්‍රසිද්ධ කරන බවයි වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා වැඩි දුරටත් කියා සිටියේ.

මෙම ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය වැළඳුනු බවට සැක කෙරෙන අදාළ කාන්තාව අයි. ඩී. එච්. වසංගත රෝග විද්‍යායතනයට ප්‍රතිකාර සඳහා අද යොමු කෙරුනා.

මේ අතර ඉන්දීය ඩෙල්ටා වෛරසය ඉන්දියාවෙන් සොයා ගැනුනේ ගිය වසරේ බවත් ඊට මාස හතරකට පමණ පසුව මෙය වසංගතයක් දක්වා වර්ධනය වූ බවත් වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

එම කාලය තුළ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයින්ගෙන් පවා මෙරට තුළ ඩෙල්ටා වෛරස ව්‍යප්ත විය හැකි බවයි ඔහු වැඩි දුරටත් කියා සිටින්නේ.

Source – Hiru News

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button