විශේෂාංග

මොන දේ කරන්නත් හොදට ඉගෙන ගන්න – මම එදා A/L නොකර මේ Field එකට ආවත්, අද මට හිතෙනවා එදා A/L කළානම් හරි කියලා – ජීවිතය ජයගත්ත තරුණයෙක්ගේ කතාව

තරුණයෙකුගේ ජීවිතයේ තියෙන ලොකුම හීනයක් තමයි තමන් උපදින තත්ත්වය කුමක් වුවත් ජීවිතය තුළින් ජයග්‍රාහිකව ඉදිරියට යන්න. නමුත් මේ හීනය හැබැ වන්නේ බොහොම අල්පයක් දෙනාට පමණයි. ඔවුන්ගේ හීතෙ තියෙන හීන වෙනුවෙන් මහන්සි වෙන්න බොහෝ දෙනෙක් උත්සහ දැරුවත් කොයි මොහොතේ හරි තමන්ගේ හීනය වෙනුවෙන් දරණ මහන්සිය අත හරින වෙලාවල් තියෙනවා. නමුත් එහෙම නොකර වෙහෙසිලා ජීවිතය ජයගත්ත තරුණයෙක්ගෙ කතාවක් තමයි මේ.

මුලින්ම මේ වැඩේ පටන් ගත්තේ 2017 දී තාත්තාගේ කාර් එකෙන්. තාත්තා තමයි අදහස දැන්මේ අපේ කාර් එකත් වෙඩින් හයර් වලට දෙමු කියලා. එතකොට මම සාමාන්‍ය පෙල විභාගය ඉවර කරලා ගෙදර ඉන්න කාලේ.

ඊට පස්සේ මන් වෙඩින් හයර් කරන අයගේ නම්බර් ටිකක් හොයාගෙන එයාලට කතා කරලා කිව්වා අපේ කාර් එකක් තියෙනවා හයර් තිබ්බොත් කියන්න කියලා. ඊට පස්සේ අපේ කාර් එකට හයර් එන්න ගාත්තා. ටික කාලයකට පස්සේ අපේ කාර් එක රෙන්ට් එකට දෙනවා.

මේතනින් තමා මම බිස්නස් එක පටන් ගන්නේ මට ජංගම දුරකතනයක් වත් තිබ්බේ නැ එතකොට අම්මාගේ ජංගම දුරකතනයෙන් තමයි ඔක්කොම කලේ. අපේ කාර් එකට වෙඩින් හයර් ටික දෙන්න කාර් එකක් හොයාගත්තා. ටික කාලයක් යනකොට තව වාහන ටිකක් සෙට් කරගත්තා හයර් ටික ටික වැඩි වෙන්න ගත්තා.

ඉස්සර තිබේ Toyota Axio කිහිපයක් විතරයි පස්සේ මම Bmw එකක් හොයාගන්න වා මාස 2 ක 3 ක් යනකොට Bmw එකට මාර විදිහට හයර් එන්න ගත්තා තව වාහන සෙට් වුනා Benz,Audi වගේ එවා. ඔහොම යනකොට වාහන ගොඩක් සෙට් වුනා.

දැන් මන් මේ බිස්නස් එකට ඇවිල්ලා අවුරුදු 5 ක් වේනවා දැන් Fleet එකේ වාහන 60 ක් තියනවා මන් Weddings 1000 කට වඩා කරලා තියනවා. දැන් Wedding Hires කරන ගොඩක් අය මේ Industry එකට ආවේ මගෙන්. මගේ Crew එකේ දැනට 5 ක් වැඩ කරනවා. මම තමයි ලංකාවේ ලාබාලතම මංගල රථ සැපයුම් කරැ සහ ලංකාවේ වැඩියෙන්ම Wedding Hires කරන්නේත් මම.

ගොඩක් අය මාව වට්ටන්න උත්සාහ කළා. එ දේවල් වලින් උනේ මම තවත් ශක්තිමත් වුනේ එක විතරයි. මම ටික ටික දියුණු වෙනකොට බොරු කට කතා පැතිරැවා. මන් අද මේතන ඉන්නේ මගේ උත්සාහයෙන්.

දියුණු වෙන්න නම් මුලින්ම හිතන විදිහ වෙනස් කරගන්න. අනිත් අයට ඔයාව වට්ටන්න බැරි විදිහට වැඩ කරන්න.

01

02

03

04

05

06

07

08

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button