දේශීය පුවත්ප්‍රධාන පුවත්

හෙලිකොප්ටරයක් මිලදී ගත් පොළොන්නරුවේ සහල් ව්‍යාපාරිකයා ගුවන් සේවයකුත් ආරම්භ කිරීමට යයි

පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයකු හෙලිකොප්ටර් යානයක් මිලට ගත් පුවත පසුගිය දිනවල දැඩි ආන්දෝලනයකට තුඩු දුන්නා. බොහෝ පාර්ශව මෙම සිද්ධියට ඇඟිල්ල දිගු කළේ ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා වෙත යි.

කෙසේ වෙතත් අදාළ හෙළිකොප්ටරයේ හිමිකරු තමන් නොවන බවට සිරිසේන මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. මේ අතර හෙලිකොප්ටරයේ හිමිකාර සහල් ව්‍යාපාරිකයා විසින් නව ගුවන් සේවයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා. එය නම් කොට ඇත්තේ “රත්න ඒවියේෂන්” නමින්.

මෙම නව ගුවන් සේවාවේ ප්‍රචාරක කටයුතු මේ වනවිට ෆේස් බුක් ඔස්සේ ආරම්භ කර ඇති බවද දක්නට හැකියි. පුවත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ විවිධ මිල ගණන් යටතේ මේ හරහා හෙලිකොප්ටර් යානා ලබා දෙන බවයි.

මේ අතර රන්න ඒවිශේෂන් ෆේස්බුක් පිටුවෙහි “නිව්රත්න සහල්” ව්‍යාපාරය පිළිබඳ සටහන් ද පළ කොට ඇති බව දක්නට හැකි යි.

Source – ඒෂියන් මිරර්

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button