custom_html_banner1
දේශීය පුවත්

යුක්රේන සංචාරකයන් සමඟ 73 වැනි නිදහස සැමරූ උදයංග වීරතුංග. (PHOTO)

custom_html_banner1
Spread the love

ඊයේ දිනයේ ශ්‍රී ලංකාවේ 73 වැනි නිදහස් සැමරුමට සමගාමීව බෙන්තොට ටාජ් (Bantota Taj) හෝටලයේ සංවිධානය කර තිබුණු නිදහස් දින උත්සවයට සහභාගී වෙමින්, යුක්රේනියානු සංචාරකයන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට උදයංග වීරතුංග මහතා කටයුතු කර තිබුනා.

අපි ශ්‍රී ලාංකිකයන්ට පෙන්වන්නේ මේ සංචාරකයෝ 99.99% ක් කිසිම කොරෝනා ආසාදිතයන් නෙවේ කියලා .දැනට ලංකාවට ඇවිල්ලා තියෙන 2248 න් කොරෝනා ආසාදිතයෝ කියලා අපි හඳුනාගෙන තියෙන්නේ 4 දෙනෙක් පමණයි . ඒ කියන්නේ 0.002 %ක් යැයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අද (04) අලුත්ගම සෙන්තාරා හෝටලයේ පැවති නිදහස් දින සැමරුම් උළෙල අමතමින් පැවසීය .

යුක්රේන විදෙස් සංචාරකයන් සියයකට වැඩි පිරිසක් මෙම නිදහස් උළෙල දැක බලා ගැනීමට එළිමහන් පරිශ්‍රයට එක්වී සිටි අතර එම සංචාරක හෝටලය සංවිධානය කර තිබූ නිදහස් උළෙලෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක් වූ උදයංග වීරතුංග මහතා තවදුරටත් මෙසේ පැවසීය.

“මේ එන සංචාරකයෝ අපි වගේම සාමාන්‍ය පුද්ගලයෝ .ඔවුන් ඇවිල්ලා තියෙන්නෙ අපේ රට බලලා යන්න . ඔවුන්ට අපි අවස්ථාව ලබා දෙන්න ඕනා . සෑම නීතියක්ම අපි ආරක්ෂා කරන ගමන් අපි ඔවුන්ට නිදහසේ මේ සංචාරය කරගෙන සතුටින් නැවත යැවීම තමයි අපේ මූලික බලාපොරොත්තුව විය යුත්තේ . ඔවුන් සතුටින් ගියොත් පමණයි නැවත සංචාරකයෝ මෙහි පැමිණෙන්නේ .එහෙම නැත්නම් ඔවුන් අසතුටෙන් අපේ රටෙන් අපේ මව්බිමෙන් ගියොතින් නැවත එන එක අඩු වෙන්න පුළුවන් .ඒ නිසා මං හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා මේ සංචාරකයින් ව හොඳින් බලාගන්න. ඔවුන්ට සතුටින් මේ ගතකරන කාලය ගතකරන ලබා දෙන්න කියලා ඔබලාගේ සියලු ශක්තියෙන් ”

අද මෙහි සිටින සියලුම ලාංකිකයින්ට පළමුව නිදහස් දිනය වෙනුවෙන් සුබ පතනවා .ඒ වගේම සංචාරක බුබුල යටතේ අපිට යුක්රේනයෙන් එන සංචාරකයන් ඇතුළුව බෙලෝ ,රුසියානු ,කසස්ථාන්, කර්මේනියානු, හෙට සිට කසස්ථාන් ජාතිකයන් ලංකාවට රැගෙන එන්න මට උදව් කරපු රජයේ වගේම මෙම හෝටලයේ සෑම දෙයක්ම ඉවසා ගෙන සිටි අපේ මාරියෝ ඇතුළු සියලුම සේවක පිරිසට ඉතා ගෞරවයෙන් ස්තුතිය ප්‍රකාශ කරන අතර සමහර වෙලාවට මම ඔය දොස් කිව්වට ඒවා මතක කරලා දාන්න . ඒ මගේ හැටි .මට සමාවෙන්න ඒකට. ඒ වගේම මම ඉතා ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා හමුදාපතිතුමා ඇතුළු ඒ යුධ හමුදා නිලධාරීන්ට . දෙසැම්බර් (28) වෙනිදා සිට අපිට සෑම ආරක්ෂාවක් ම ලබාදෙමින් මේ කටයුතු වලට ලබා දීපු සහයෝගය ඉතා ගෞරවයෙන් මතක් කරනවා .ඒ වගේම වගේම ස්තුතිවන්ත වෙනවා . ඒ වගේම මාධ්‍ය ඉතාමත් වැදගත් රාජකාරියක් කරනවා යැයි ද ඒ මහතා පැවසීය.

මෙහිදී දේශීය නර්ථනාංග රැසක් එම සංචාරකයන් වෙනුවෙන් සංවිධානය කරතිබූ අතර සංචාරකයන් එම නර්ථනාංග දැක ඉමහත් සතුටට පත් වූ බව දක්නට ලැබුණි.මෙම අවස්ථාවට සෙන්තාරා හෝටලයේ කළමනාකාර මාරියෝ මහතා ඇතුලු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

     

custom_html_banner1

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button