දේශීය පුවත්

ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ම’ත්පැ’න් අලෙවි කිරීමට අවසර දීමට අවධානය

ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ම’ත්පැ’න් අලෙවි කිරීමට මේ දක්වා අවසර ලබා දී නොමැති බව සු’රාබදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්. එම්. එස්. ගුණසිරි මහතා පවසයි.

එහෙත් ඒ සඳහා ඉල්ලීම් ලැබෙමින් පවතින බව කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.

එම ඉල්ලීම් සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව මේ වනවිට අදාළ බලධාරීන් සමග සාකච්ජා කරන බවත් පුළුල් සංවාදයකින් පසුව ඒ පිළිබඳව මුදල් අමාත්‍යංශයට යෝජනා කිරීමට බලාපොරොත්තු වන බවත් ගුණසිංහ මහතා පැවසීය.

සංචරණ සීමා හේතුවෙන් දළ වශයෙන් රුපියල් මිලියන 600ක විතර බදු ආදායමක් මේ වනවිට සුරාබදු දෙපාර්තමේන්තුවට දෛනිකව අහිමි වන බව ද ඔහු පැවසීය.

“අපි මේ දක්වා ඔන්ලයින් ක්‍රමයට ම’ත්පැ’න් අලෙවි කිරීම සම්බන්ධයෙන් අවස්ථාවක් දී නැහැ. නමුත් විශාල වශයෙන් පාරිභෝගිකයින්ගෙන්, සුපර් මාකට් වලින් සහ නිෂ්පාදකයින්ගෙන් අප වෙත ඉල්ලීම් ලැබෙමින් පවතිනවා ඔන් ලයින් ක්‍රමයට ම’ත්පැ’න් බෙදාහරින්න පුළුවන් ද කියලා. දැන් ඒ සම්බන්ධයෙන් කථිකාවතක් නිර්මාණය වෙලා තිබෙනවා.

විශේෂයෙන්ම පසුබිමත් මේකට අපි බලන්න ඕනේ, ඇයි මෙහෙම ඉල්ලීමක් එන්නේ සහ සුරාබදු දෙපාර්තමේන්තුව මේ ගැන අවධානයක් යොමුකරන්න හදන්නේ කියන එක. මේ පහුගිය කාලය පුරාම නිරෝධායන නීතිත් එක්කම සහ ම’ත්පැ’න්න්සල් වසා තැබීමට ගත් තීරණයත් සමගම විශාල වශයෙන් නීතිවිරෝධී ම’ත්පැ’න් පැතිර යනවා. නීතිවිරෝධී ම’ත්පැ’න් ජන ජීවිතයට විශාල බලපෑමක් ලක්කරලා තිබෙනවා.

ඒක අපි නිරීක්ෂණය කරලා තියෙනවා. ලෝකයේ හැමදෙයක්ම අද ඔන ලයින් ක්‍රමයට විකිණීමේ හැකියාව තියෙනවා. නියාමනය අපි හැදිය යුතුයි. සු’රා’බදු ආඥා පනතේ වෙනස්කම් කළ හැකි නම් ඒවත් අපි බලන්න ඕනේ. ඒවත් බලලා යම් පුළුල් සංවාදයකින් පස්සේ ඒ පිළිබඳව යෝජනාවක් අපි මුදල් අමාත්‍යංශයට කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දක්වා තවම අවසරයක් දීලා නෑ. දළ වශයෙන් රුපියල් මිලියන 600ක විතර බදු ආදායමක් මේ වනවිට අපිට අහිමි වෙනවා.”

Courtesy – Ada Derana 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button