ENTERTAINMENTතරු හුට පටවිදෙස් පුවත්

මව් පදවියට සූදානම් වන බොලිවූඩයේ ගී රැජින ශ්‍රියා ගෝශාල්

ලතා මන්ගෙෂ්කාර්ට පසු බොලිවූඩයේ වඩාත්ම කැපීවෙනුන ගායිකාව වන්නට හැකිවූනේ ශ්‍රියා ගෝශාල්ටයි. මේ වන විට බොලිවූඩයේ සිටින ජනප්‍රියම මෙන්ම වැඩිම ඉල්ලුමක් සහිත ගායිකාව ලෙසත් ශ්‍රියා ගෝශාල් හදුන්වන්න පුළුවන්. වඩාත් කාර්‍යබහුල ගායිකාවක් වන ඇය පිළිබඳ අලුත්ම පුවතක් බොලිවූඩයෙන් වාර්ථාවනවා. ඒ ඇය මව් පදවියට සූදානම් වන පුවත‍යි.

ගෙවුනු වසර තුල බොලිවූඩයේ කාර්‍යබහුල රංගනශිල්පීන් මෙන්ම ගායක ගායිකාවන්ද සිය විවාහය මෙන්ම මව් පදවියද සාර්ථකව අත්පත්කරගත් බව අසන්න ලැබුණා. ඒ අතර බොලිවූඩයේ සුපිරි නිලියන් වන කරීනා කපූර් හා අනුශ්කා ශර්මාගේ මව් පදවියලැබීමේ පුවත ඉතා ඉක්මනින් වඩාත් ජනප්‍රිය පුවත් බවට පත්වුනා.

ශ්‍රියා ගෝශාල් හා ශිලාදිත්‍යා මුඛෝපාධ්‍යායා සමග විවහ වන්නේ 2015 වසරේදීයි. 2015 වසරේ සිටම ඇගේ රසිකයන් ඇයගේ පවුලට අලුත් සමාජිකයෙකු බලාපොරොත්තුවෙන් සිටියත් ඇය විසින් පවසා තිබුණේ ඇගේ කාර්‍යබහුල ජීවිතය නිසා අලුත් සාමාජිකයෙකුගේ බලාපොරොත්තුව දිනෙන් දින ප්‍රමාද වන බවයි.

කෙසේ වෙතත් පසුගිය දා ඇයවිසින් ඇයගේ සමාජමාධ්‍ය ගිනුම් හරහා ඇය මව් පදවියට සූදානම් බව ප්‍රකාශ කර තිබුණා. ඇයගේ නිවසේ සදලු තලය මත නිල් පැහැ දීප්තිමත් ඇදුමක් සමග හිරු කිරණ ඇයට පතිත වනසේ ලාබාගෙන තිබූ ඡායාරූපක් පලකරමින් ඇය මේ බව සදහන් කර තිබුණා. මේ පුවත දැන ගැනීමෙන් පසු ශ්‍රියාගේ රසිකයන් සේම බොලිවූඩයේ ජනප්‍රිය චරිත බොහෝ දෙනෙකුගෙන් ඇයට සුභපැතුම් ගලා එන බවයි. බොලිවුඩ් වාර්ථා සදහන් කරන්නේ.

1998 නිකුත්වූ ගණරාජ් රංගි නචාටෝ ගීතයත් සමග සිය වෘතීමය ගායනය ආරම්භකල ඇය 1984 මාර්තු 12 උපන් තරුණියක්. ෆිල්මි, පොප්, ගසල්, ක්ලැසිකල්, බජන්, ඉලෙක්ට්‍රොනික්, EDM, ආදී ශෛලීන් රැසකින් ගායනය කිරීමේ හැකියාව ඇය සතුයි.

ෆිල්ම් ෆෙයාර්, නැශනල් අවෝඩ්ස්, අයිෆා, සී සෙනෙ අවෝඩ්ස්, කේරල ස්ටේට්ස් ෆිල්ම් අවෝඩ්ස්, ඉන්දියන් ටෙලි අවෝඩ්ස්, මිර්චි මියුසික් අවෝඩ්ස්, ස්ක්‍රීන් අවෝඩ්ස්, විජේ අවෝඩ්ස්, ගිම අවෝඩ්ස්, ඇතුලු ප්‍රධාන පෙලේ සිනමා හා සංගීත සම්මාන උලෙල නියෝජනය කරමින් සම්මාන රාශියක් දිනාගන්නට ඇය සමත්වී තිබෙනවා.

ඒ වාගේම දේව්දාස්, බජිරාවෝ මස්තානි, ඕම් ශාන්ති ඕම්, ක්‍රිශ්, ජිසම්, ටා රා රම් පම්, ආශිකී 2, දිල් බෙචාරා, කබීර් සිං, පද්මාවත්,කල්නක්, රාම් ලීලා මෙන්ම පීකේ ඇතුලු ප්‍රධාන පෙලේ චිත්‍රපට පනහකට අධික ප්‍රමාණයක ඇය ගීතගායනා කර තිබෙනවා. මේ වන විට ඉන්දියානු සිනමාවේ ප්‍රධානතම ගීතගායිකාව වන්නේත් ඇයයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button