custom_html_banner1
දේශපාලන පුවත්දේශීය පුවත්

කොවිඩ් හැදුණේ එන්නත ප්‍රතික්ෂේප කළ නිසා, මගේ එන්නත ජනතාවට පරිත්‍යාග කරනවා – සජිත්

custom_html_banner1
Spread the love

තමාටත් බිරිඳටත් කොවිඩ් වැළඳීමට එක් හේතුවක් වූයේ, කොවිඩ් එන්නත ප්‍රතික්ෂේප කිරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (ජූනි 11) පෙරවරුවේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත ගොස් සංඝරත්නයේ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

තමන් එන්නත ප්‍රතික්ෂේප කළේ, තමන් එන්නත ලබා ගැනීමට ප්‍රථම රටේ ජනතාව එන්නත ලබා ගත යුතුය යන ප්‍රතිපත්තියේ සිටි නිසා බව විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

ඒ අනුව, තමන්ගේ එන්නතමෙරට ජනතාවට පරිත්‍යාග කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

“මේ රටේ සියලු ම ජනතාව අංග සම්පූර්ණව ඒ සෞඛ්‍ය උපදෙස් මත එන්නත්කරණයට ලක්වන තුරු මම මේ රටේ මහජන සේවකයෙක් හැටියට එන්නත ලබා ගැනීමට බලාපොරොත්තු වෙන්නේ නෑ. මගේ එන්නත මම පරිත්‍යාග කරනවා මේ රටේ ජනතාවට. රට තුළ ජීවත්වන ලක්ෂ 220කගේ සෞඛ්‍ය සම්පන්නභාවය, ඒ අයගේ ආයු කාලය අපිට වැදගත් වෙනවා අපේ පුද්ගලික සුඛවිහරණය, පුද්ගලික සෞභාග්‍යය වෙනුවට.

මේ රටේ ජනතාවට මම දෙන පණිවුඩය තමයි අපි ඉතාමත් ඉක්මනින් එන්නත් ලබා දීලා එන්නත තුළින් මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන තෙක් අපේ මාතෘ භූමියට ගෙන්වා ගත හැකි උපරිම එන්නත් ප්‍රමාණය ගෙන්වාගෙන උපරිම ලෙස එය ව්‍යාප්ත කරනවා.”

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button