custom_html_banner1
දේශීය පුවත්

CID නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරයට ප්‍රථම වරට කාන්තාවක්

custom_html_banner1
Spread the love

අප’රාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරයට ප්‍රථම වරට කාන්තා ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරියක පත් කර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතිය පරිදි කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල මහත්මිය මෙම තනතුර සඳහා පත් කර ඇති බවය.

ඉමේෂා මුතුමාල මහත්මිය 2007 වර්ෂයේදී පොලිස් සේවයට ආධුනික සහකාර පොලිස් අධිකාරීවරියක ලෙස පත්ව ඇති අතර ඇය වසර 14ක සේවා කාලයක් ඇති නිලධාරිනියකි.

ඇය රුහුණු විශ්වවිද්‍යාලයේ විශේෂවේදී උපාධරිනියක වන අතර විවෘත විශ්වවිද්‍යාලයේ ද නීතිවේදී උපාධිධාරිනියක වෙයි.

එමෙන් ම, ඇය ඇමෙරිකා එක්සත් ජනපදයේ හවායි පොලිස් අභ්‍යාස ආයතනයේ අ’ර්බුධ කළමනාකරණය පිළිබඳ පාඨමාලාවක් ද හදාරා ඇත.

තායිලන්තයේ බැංකොක් නුවර FBI ආයතනය මගින් පවත්වන ලද මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පාඨමාලාව ද මැලේසියාවේ රාජකීය පොලිස් ඇකඩමියේ ප්‍රජා පොලිස්කරණය පිළිබඳ පාඨමාලවක් ද ඇය හදාරා තිබේ.

තව ද ඉන්දියාවේ හයිද්‍රාබාද් පොලිස් ඇකඩමියේදී අන්තර්ජාල අපරාධ පිළිබඳ පාඨමාලාව ද ඇය හදාරා ඇත.

custom_html_banner1

ඉමේෂා මුතුමාල මහත්මිය නුගේගොඩ කොට්ඨාසය, අප’රාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් නිෂ්කාෂණ වාර්තා ඒකකයේ ද රාජකාරි සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ ය.

Courtesy – Mawbima 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button