custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

custom_html_banner1
Spread the love

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ යනු ඇති.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඉහළ යන්නේ රුපියල් 23කින්.

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් වැඩි වන අතර සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 12කින් ඉහළ යනවා.

භූමිතෙල් මිල ද රුපියල් 7කින් ඉහළ යන බවයි මුදල් අමාත්‍යංශය නිවේදනය කළේ.

මේ අතර කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ ප්‍රකාශ කළේ ජීවන වියදම් පිළිබද අමාත්‍ය අනු කමිටුව ඉන්ධන මිල සංශෝධනය කළ යුතු බවට තීරණය කර ඇති බවයි.

වැඩි මිලට ඉන්ධන මිලදී ගෙන අඩු මිලට අලෙවි කිරීම හේතුවෙන් මේ වන විට ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලබා ඇති පාඩුව රුපියල් කෝටි 33,100ක් බව ද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියා.

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button