custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

කොවිඩ් මරණ වැඩි වී ඇත්තේ වසංගත රෝග විද්‍යා ඒකකයේ වරදින් බව GMOA කියයි

custom_html_banner1
Spread the love

“කොවිඩ්-19 වසංගතයට අදාළ නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකර වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානීන් කිහිප දෙනෙකු තම තමන්ට අවශ්‍ය පරිදි කටයුතු කරමින් සිටින,“ බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා මෙම චෝදනාව එල්ල කළේ, ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

වසංගත රෝග විද්‍යා ඒකකය කොව්ඩ් වසංගතය පිළිබඳව ජනතාවට නිවැරදි දත්ත ලබා දීමට කටයුතු නොකරන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එන්නත්කරණය පිළිබඳ ජාතික උපදේශන කමිටුව නිර්දේශ කරන ආකාරයට එන්නත්කරණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොකරන බවත් ඔහු පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ, මේ හේතුවෙන් කොව්ඩ් මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවය.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රතිව්‍යූහගත කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඔවුන් ඉල්ලීම් කළ බව ද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ අනුව ජනාධිපතිවරයා වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ උපදෙස් ලබා දුන්නත් මෙතෙක් එම ප්‍රතිව්‍යූහගත කිරීම සිදු වී නැති බව ද ඔහු පැවසීය.

“මේ පිළිබඳව අපි අතිගරු ජනාධිපතිතුමන්ව දැනුවත් කරා. එතුමන්ට ඒ පිළිබඳව කරුණු අනාවරණය කරලා දුන්නා. ඒ වගේ ම දැන් සතියකට පෙර මේ එන්නත්කරණ වැඩ පිළිවෙළ නියාමනය විය යුතු ආකාරය පිළිබඳ, ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදුවිය යුතු ආකාරය පිළිබඳ සාක්ෂි සහිතව අපි ජනාධිපතිතුමන්ට කරුණු පෙන්වා දුන්නා. ඒ වගේ ම ජනාධිපතිතුමන් මේ වසංගත විද්‍යා ඒකකයේ ප්‍රධානියා ඇතුළු මේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකුගෙන් සිදුවන ඒ අත්තනෝමතික ක්‍රියාවලින් පිළිබඳව අපි කරුණු පැහැදිලි කරලා දුන්නා ම මේ ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා ජනාධිපතිතුමන්ගෙන් උපදෙස් ලබාදුන්නා. සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒ සඳහා අවශ්‍ය රජයක් විදියට ගත යුතු තීරණය මෙය ප්‍රතිව්‍යූහගත කරලා මේ ක්‍රියාවලිය නිවැරදි තත්ත්වයට ගෙන ඒමට අවශ්‍ය ඒ මහ පෙන්වීම අතිගරු ජනාධිපතිතුමන්ගෙන් ලැබුණා.

custom_html_banner1

නමුත් අපිට අදටත් ගැටලුවක් මේ ජනාධිපතිතුමන් මේ පිළිබඳව ඒ මාර්ගෝපදේශනය ඒ උපදේශනය ලබා දීලා තියෙනකොටත් මේ සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළෙ මේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානියා ඇතුළු ඒ කිහිප දෙනාව දෙදෙනාව ඒ අදාළ කාර්යයයෙන් ඉවත් කරලා මේ ප්‍රතිව්‍යූහගත කිරීම සිද්ධ නොවෙන්නේ කුමන හේතුවක් නිසා ද? යන්න රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විදියට අපිට බරපතළ ගැටලුවක් තියනවා. අපිට තියන ප්‍රධාන ම ගැටලුව තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ කවුද ඉන්නේ මේ පිළිබඳව ජනාධිපතිතුමාත් උපදෙස් ලබා දුන්නායින් පස්සේ ඊට ඉහළින් ඉන්නේ කවුද මේ පිළිබඳ ජනාධිපතිතුමාටත් ඉහළින් ඉඳගෙන ඒ කාර්යය නොකිරීමට. මේ වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රතිව්‍යූහගත කිරීම වැළැක්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතු කරන ඒ ඉහළ නිලධාරියා කවුද කියලා අපිට ප්‍රශ්න කරන්න සිද්ධ වෙලා තියෙනවා,” යනුවෙන් ඔහු පැවසීය.

වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානියා සම්බන්ධයෙන් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාගෙන් විමසීමක් කළ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කළේ,

“GMOA එකෙන් කරන චෝදනාවලට මම උත්තර දෙන්නෙ නෑ,” යනුවෙනි.

කාංචනා විජයබණ්ඩාර
Source – Mawbima.lk

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button