custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

”කලින් නොදන්වා” ඉන්ධන මිල සංශෝධනය කරන බව අමාත්‍ය උදය ගම්මන්පිල කියයි

custom_html_banner1
Spread the love

ඉන්ධන මිල සංශෝධනය කළ යුතු බවට ජීවන වියදම පිළිබඳ අමාත්‍ය අනුකමිටුව තීරණය කර කර ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

අද (ජූනි 11) පැවති මාධ්‍ය හමුවකට අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, එම සංශෝධනය සිදුකරන දිනය නුදුරේදී ම දැනුම් දෙනු ඇති බවය.

රට තුළ පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් එම සංශෝධනය සිදුකරන්නේ කවදා ද? යන්න කලින් දැනුම් දිය නොහැකි බවත් එසේ වුවහොත් ජනතාව ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම්වල සිටිනු ඇතැයි ද අමාත්‍යවරයා එහිදී පැවසීය.

“ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල දැවැන්ත ලෙස ඉහළ ගිහින් තිබියදීත් මාස 21 පුරාවට ඉන්ධන මිල සංශෝධනය නොකර මේක කොහොම හරි අල්ලගෙන ඉන්න අපි කටයුතු කළා.

නමුත් අවාසනාවකට තවදුරටත් ආණ්ඩුවට මේ දැවැන්ත අලාභය දරාගෙන ඉන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යන විට මෙතරම් දීර්ඝ කාලයක් මිල සංශෝධනයක් නොකර සිටි යුගයක් ඉතිහාසයේ කවදාවත් නෑ.

දිගින් දිගට ම වැඩි මිලට ඉන්ධන අරගෙන අඩු මිලට විකිණීම නිසා මේ වන විට 2020 අගවන විට ඛනිජ තෙල් සංස්ථාවේ එකතු වුණ අලාභ රුපියල් කෝටි 33100ක්. ඒ නිසා ම ආයතනය දැනටමත් ණය ගෙවා ගත නොහැකි අවදානම් තත්ත්වයකට පත්ව තිබෙනවා.

ඒ වගේ ම, ඉන්ධන සඳහා වසරකට ඩොලර් බිලියන 3ක දැවැන්ත මුදලක් ආනයනය සඳහා විදයම් කරන්න ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන් ම මේ වන විට වසංගත තත්ත්වය නිසා ලෝකයේ අනිත් රටවල වගේ ම අපෙත් විදේශ ආයෝජන නැවතිලා තියෙන්නේ. සංචාරකයෝ පැමිණීම ඇණහිටිලා තියෙන්නේ. විදේශගත ශ්‍රමිකයෝ ලංකාවට නැවත පැමිණීම නිසා විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ බරපතළ ලෙස පහත වැටිලා තියෙන්නේ.

custom_html_banner1

ඒ නිසා ඉන්ධන ආනයනයට ඩොලර් බිලියන 3ක් වාර්ෂිකව වියදම් කිරීම ආණ්ඩුවට මේ වන විට දැවැන්ත අභෝයෝගයක් බවට පත් වෙලා තියෙනවා. ඉහත තත්ත්වය මත ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය අනු කමිටුව විසින් මේ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කරලා ඉන්ධන මිල සංශෝධනයකට යා යුතු බව තීරණය කළා.”

තාරක සම්මාන්
Source – Mawbima.lk

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button