custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

උකස් මධ්‍යස්ථාන අරිනවාද නැද්ද ඉදිරියෙ තීරණය කරනවා

custom_html_banner1
Spread the love

උකස් මධ්‍යස්ථාන විවෘත කරනවා ද නැද්ද පිළිබඳව ඉදිරියෙ කොවිඩ් සාකච්ඡාවලදී කතා කිරිමට බලාපොරොත්තු වන බවත්, මෙතෙක් ජනතාවගෙන් එවැනි ඉල්ලීමක් ඉදිරිපත් නොවීම හේතුවෙන් ඒ පිළිබඳව අවධානය යොමු නොවූ බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. නිවෙස අසලටම ආහාර ද්‍රව්‍ය රැගත් බඩු ලොරි පැමිණියත් ඒවා ලබාගැනීමට අත්තේ මුදල් නොමැති වීම නිසා දුෂ්කරතා මතු වී ඇති බවත්, උකස් මධ්‍යස්ථාන විවෘත කරන්නේ නැති දැයි ජනතාවගෙන් නැගුණ ගැටලුව හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් විමසූ අවස්ථාවේ ඊට පිළිතුරු දෙමින් ඒ මහතා පැවැසීය.

ලොව පුරා වසංගත තත්වයක් පැතිර යන මෙම අවස්ථාවේ සෑම දෙනාම වගකීමකින් කටයුතු කළ යුතු බව සඳහන් කළ ඒ මහතා, මේ පිළිබඳව සෞඛ්‍ය අංශ හා සාකච්ඡා කොට සුදුසු පියවරක් ගැනීමට කටයුතු කරන බව ද පැවැසීය. දින කිහිපයකට පැනවූ සංචරණ සීමා දීර්ඝ කිරිම හේතුවෙන් රන් ආභරණ උකසට තබා මුදලක් ලබාගැනීමට තිබූ අවස්ථාව අහිමි වූ බව සඳහන් කරන ජනතාව මේ වනවිට අතේ මුදල් නොමැති වීම මත ආහාර පාන සපයා ගැනීමට ගැටලු මතුව ඇති බව ද පැවැසීය. පැය කිහියකට හෝ උකස් මධ්‍යස්ථාන හැර සහන සලසන්නේ නම් එය මෙවන් අවස්ථාවක වටිනා කාර්යයක් බවත්, බඩු ලොරි ගේ ළඟටම ආවත් පසුම්බිය හිස් වී ඇති බවත් ජනතාව පවසයි.

Source – gossiplanka​news.com

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button