custom_html_banner1
දේශීය පුවත්

පොහොට්ටු මන්ත්‍රි චීත්තයකින් හා හැට්ටයකින් සැරසී රැස්වීමට එයි

custom_html_banner1
Spread the love

කුලියාපිටියට ලබාදී තිබෙන ශික්ෂණ රෝහල හා මහාචාර්ය ඒකකය රැකගැනීමට අපොහොසත් වීම නිසා කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරයකු ඊයේ (10දා) පැවැති සභා සැසිවාරයට චීත්තයකින් හා හැට්ටයකින් සැරසී පැමිණ තිබිණි.

එමෙන්ම සභාව ආරම්භයට පෙර පක්ෂ ප්‍රතිපක්ෂ මන්ත්‍රිවරුන් රැසක් එක්ව කුලියාපිටිය ප්‍රාදේශීය සභාව ඉදිරිපිට නිහඬ විරෝධතාවක නියැළුණු අතර එහිදී මන්ත්‍රිවරුන් කියා සිටියේ ජනතාවට මෙම රෝහල රැකදෙන බව තමන් ඇතුළු මන්ත්‍රිවරුන් මැතිවරණයට පෙර ගම්වල ජනතාවට පොරොන්දු වී ඇති තත්ත්වයක මේ වන විට සිදුවන ඒ සම්බන්ධ කටයුතු හේතුවෙන් තමන්ට පිරිමි ඇ¾දුමින් සැරසී ඒමට නොහැකි බවයි. එම නිසා ඉදිරියේදී අමුඩයෙන් සැරසී හෝ මෙම රෝහල රැක ගැනීමට කටයුතු සිදුකරන බව එම ස්ථානයට රැස්ව සිටි මන්ත්‍රි කණ්ඩායම පැවැසූහ.

එමෙන්ම සභා සැසිවාරයේදීද මේ පිළිබඳ අදහස් දැක්වීමේදී පක්ෂ ප්‍රතිපක්ෂ මන්ත්‍රිවරු අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවූ අතර එහිදී සභා ගැබද දැඩි උණුසුම් වාතාවරණයක් ගත්තේය.

නිරෝධායන නීතිරීති අනුව සභා ගැබේ පරතරය පවත්වා ගැනීමේ අසීරුව හේතුවෙන් රථවාහන අංගණයේදී දුරස්ථභාවය රැක ගනිමින් සිදු කිරීමට කටයුතු සංවිධානය කර තිබිණි.

සභාපති විජේසිරි ඒකනායක, උප සභාපති මොහොමඩ් ඉර්ෆාන් විපක්ෂ නායක එස්. සමරවීර යන මන්ත්‍රිවරු ඇතුළු මන්ත්‍රිවරුන්ගේ සහභාගිත්වයෙන් රැස්වීම පැවැත්විණි.

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button