custom_html_banner1
දේශීය පුවත්

කොවිඩ් එන්නත් තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් කඩිනමින් ඇණවුම් කරන්න – ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස්

custom_html_banner1
Spread the love

සෞඛ්‍ය නිර්දේශ අනුව, ලෝකයේ තත්ත්වය ද සලකා බලා එන්නත්කරණයට තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම්, එය දැන් ම ඇණවුම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ, කොවිඩ් මර්දන විශේෂ කමිටුව ඊයේ (ජූනි 10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ රැස් වූ අවස්ථාවේදී ය.

ලොව ප්‍රධාන පෙළේ රටවල් ගණනාවක් තුන්වන මාත්‍රාව සඳහා එන්නත් මේ වන විටත් ඇණවුම් කර තිබෙන බවත් ලංකාව ද ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කර තෙවන මාත්‍රාව ලබා දීම සඳහා සූදානම් වීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබේ.

තව ද එන්නත් සඳහා ලොව පුරා විශාල ඉල්ලුමක් පවතින බවත් එම තත්ත්වය තුළ වැඩි එන්නත් ප්‍රමාණයක් මෙරටට ලබා ගැනීම සඳහා රටවල් රැසක නායකයන් සමග සාකච්ඡා කළ බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

මේ වන විට එන්නත් විශාල ප්‍රමාණයක් ලැබී ඇති නිසා වයස අවුරුදු 60ට වැඩි සියලු දෙනාට සහ හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ට ද කඩිනමින් එන්නත ලබා දිය යුතු බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

එමෙන් ම, බෝ නොවන රෝගවලින් පෙළෙන සියලු දෙනාට ද එන්නත ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

Courtesy – Mawbima 

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button