custom_html_banner1
ගොසිප් පුවත්විශේෂාංග

මම මහණවුණාම අම්මා බලාගන්න පොරොන්දුව කැඩුවෙ ඇයි මල්ලියෙ?මල්ලි පණ අදිද්දිම මම පාංශුකූලෙට ලෑස්තිවුණා

custom_html_banner1
Spread the love

තම සොයුරාගෙන් වියෝවෙන් පසු කොරෝනා වසංගතයේත් නිසරු සසරේත් බි’යකරුබව මැනවින් අවබෝධ වූ අත්දැකීම පිළිබඳ පූජ්‍ය මාතර විජයසීහ හිමි (ගිහි දිවියේ නිවේදකයෙකුව සිටි) සමග සිදුකළ සාකච්ඡාවක් පහතින් පළවේ.

මේ සසරේ බි’යකරු බවත් වසංගතයේ බි’යකරු බවත් තදින්ම දැනෙන කතාවක්. අද මේ වැඩ සිටින්නේ පූජ්‍යපාද මාතර විජේසිහ අපේ හාමුදුරුවෝ. ඔබ වහන්සේ මීට දින දෙකකට තුනකට කලින් ෆේස්බුක් සටහනක් තබා තිබුණා හුදී ජන පහන් සංවේගය උපදවන ආකාරය. එහි ඔබවහන්සේ ලියා තිබෙන්නේ,

මතකද මම මල්ලිට කිව්වා මම පැවිදි වෙන්න යන්නේ අම්මව හොඳින් බලා ගන්නවා නම් විතරයි කියලා. ඒත් ඒ පොරොන්දුව කැඩුවෙ ඇයි. අම්මටත් කලින් අපිටත් කලින් මල්ලි යනවා නේද. අපි කාටත් යන්න වෙනවා මේ ගමන .මම ඒ බව අවබෝධ කරගෙන ඉන්නේ. ඒත් ඇයි යුතුකම් නොකර යන්න ගියේ. කමක් නැහැ මම තරහ නැහැ .ඒත් ඇදන් හිටපු ඇදුම පිටින් ඇඟට වස්තරයක් නැතිව .මොනවත් පේන්නේ නැතිව පිරිවර හිටියට එයටත් හොරා යනවා නේද කියලා දැනෙද්දි දුකක් එනවා .ඒත් ධර්මය නිසා ඒ දුක දරා ගන්න මට ශක්තියක් තියෙනවා. corona ඇයි අපිට මේ වගේ දඩුවමක් දුන්නේ. මල්ලි මම අවසන් වතාවට පාංශුකූලයට වඩිනවා උඹට පිං දෙන්න. සූදානම් වෙයන් ඒ පින් ටික ගන්න .තෙරුවන් සරණයි මල්ලි.

අපේ හාමුදුරුවනේ නොසිතු මොහොතක තමන්ගේ මල්ලි වෙනුවෙන් පාංශුකූලය දෙන්න සිද්ධ වුණා ම කසාවත දරා හිටියත් ඒත් දැනුණු හැඟීම මොන වගේද?

ඒක අමුතුම හැඟීමක්. මල්ලි කියන කාරණාව අමතක කරලා ස්වාමීන් වහන්සේ නමක් විදියට මම ඒ යුතුකම ඒ මියගිය පුද්ගලයා වෙනුවෙන් කරනවා කියලා හිතාගෙන ඒ ආසනය හිඳගත්තේ.

මා කියවූ සටහනේ එක් තැනක ඔබවහන්සේ කියනවා මම මල්ලිට කිව්වා මම පැවිදි වෙන්න යන්නේ අම්මව හොඳින් බලා ගන්නවා නම් විතරයි කියලා ඒත් ඒ පොරොන්දුව කැඩුවෙ ඇයි කියලා මොකක්ද අපේ හාමුදුරුවනේ මේ කාරණාව?

මේ මුළු රටම දන්නවා මම හිතන්නේ මම ගිහි ජීවිතයේදී කවුද කියලා. ඉතින් දුප්පත් ජීවිතයක් ගත කරලා අපේ ශක්තීන් අපි සැපවත් ජීවිතයක් ගත කරගෙන එනකොට ඉස්සරහට මට මේ තීරණය ගන්න ඕන වුනා පැවිද්දට එන්න ඕනේ කියලා ඒක දීර්ඝ කාලීනව මම හිතාගෙන ආපු දෙයක්. හැබැයි අපේ පවුලේ අනිත් අය හැමෝම කසාද බැන්දට පස්සේ මම තනිකඩ ඉන්නකොට මට අම්මා විතරයි බලාගන්න පුළුවන්. අනිත් අයට තමන්ගේ බිරින්දෑවරු ,ළමයි බලාගන්න වෙන අවස්ථාවේ දී මට තිබුණේ අම්මව බලාගන්න .අම්මට කිසිදු දුකක් කණගාටුවක් දෙන්න මට පුළුවන්කමක් නැහැ. ඒක නිසා මම ගිහි ජීවිතයෙන් පැවිදි ජීවිතයට එනකොට අර තිබුණු යුතුකම ඉටුකරන්න මං වෙනුවෙන් කෙනෙක් ඉදිරිපත් වුණේ නැත්නම් මට අම්මා ඇස් දෙක පියා ගන්නකන් ඉන්න සිද්ධ වෙනවා මට මේ ගමන ඒන්න. ඉතින් ඒක නිසා මම සාකච්ඡා කරා පවුලේ අයත් එක්ක. එහෙම තීරණයක් අරගන්නවා අම්මගේ කැමැත්ත පළමුව. අම්මා කැමති වුණා .ඊළඟට මට අවශ්‍ය වුණේ අම්මා තව ටික කාලයක් ජීවත් වෙයි කියලා මම හිතනවා. මොකද දැන් අම්මට අවුරුදු අසූවක්. ඉතින් අවුරුදු අසූවක් කියන්නේ අපිට මොන මොහොතක කොයි මොහොතක ජීවිතේ නැති වෙනවද කියන එක ඇත්තටම මෙනෙහි කරන් ජිවත් වෙන්න ඕනේ .ඉතින් ටික කාලයක් හරි අම්මා තව ජීවත් වෙන්න ඒ පුංචි කාලේ හරි මගේ පවුලෙ කෙනෙකුට ඒ බර දෙන්න වුණා. ඉතිං ආර්ථිකයෙන් ශක්තිමත්, ඒ වගේම අපේ මහ ගෙදරටම සමීපවම ඉන්න කෙනා ඉතින් මල්ලි විතරයි. ඉතින් මම එයාගෙන් ඇහුව පුළුවන්ද කියලා . ඉතින් නංගී එක්ක එකතුවෙලා අම්මා දැන් ඒ ගෙදර ඉන්නේ .එතකොට මට ලොකු නිදහස්වීම තිබුණා. ඉතින් ඒක නිසා අර බර තිබ්බනම් මට මෙතනට ඇවිල්ලා ඒ බර මම කල්පනා කරගෙන ඉන්නවා. එතකොට මට ඒ පැවිද්දේ තේරුම නැති වෙනවා. ඉතින් මං ඒ අවස්ථාවේ එක නිසා මල්ලිට පැවරුවා .ඒ පවරපු අවස්ථාව තමයි මල්ලියේ ගත්තෙ. මල්ලිත් කැමැත්තෙන්ම ගොඩක් බාර ගත්තේ. හරිම සංවේදී කෙනෙක්, හරිම හොඳ කෙනෙක් මුළු පවුලම ඉතාමත්ම හොඳින් රැකබලා ගත්ත කෙනෙක්. ඒ වගේම නංගිත් එහෙමයි.

custom_html_banner1

මල්ලි මේ යනකොට වයස කීයද අපෙ හාමුදුරුවනේ

අවුරුදු 39

එතකොට දරුවන්ගේ වයස?

පුංචි එක්කෙනාට අවුරුදු හතරයි, අනිත් එක්කෙනා අවුරුදු හයයි, ලොකුම එක්කෙනාට 12යි ගෑනු ළමයි දෙන්නයි පිරිමි ළමයයි.

ගහක් ගලක් වගේ සවිමත්ව හිටපු කෙනෙක් මේ වගේ අඳුරු රුදුරු ඉරණමකට ගොදුරු වෙන්නේ කොහොමද අපෙ හාමුදුරුවනේ ?

කොරෝන තමයි මූලික කාරණාව.

කොහොමද කොරෝන ඔහුට වැළඳෙන්නේ?

හොස්පිටල් එකට ඇඩ්මිට් වෙන්න කලින් මල්ලිත් එක්ක කතා කරනකොට කිව්ව දෙයක් තමයි පහුගිය දවස් වල බැංකු කටයුතු වලට යොමු වුණා.

ඒ කියන්නේ හාමුදුරුවනේ රෝග ලක්ෂණ පෙන්වන්න ගත්තෙ කොයි වගේ කාලෙකදී ද?

මැයි මාසේ හතර ,පහ වගේ තමා. මල්ලි නම් කිව්වේ මුදල් වලින් එන්න ඇති කියලා .බැංකුවට ගිහිල්ලා ගනුදෙනු කරද්දි මුදල්වලින් එන්න ඇති කියලා. මොකද ඒයා රක්ෂණ සංස්ථාවක වැඩ කරපු කෙනෙක්.ඒ නිසා මුදල් වලින් ගණුදෙනු කරන ප්‍රමාණය වැඩියි .හැබැයි ගොඩක් පරිස්සම් වෙච්ච පවුලක් .මොකද අම්මා වයස නිසා ඒගොල්ලො මේ ලෙඩේ ගැන තිබුණු බයක් හිතේ දරාගෙන හිටියෙ .ඉතින් කොහොමහරි දෛවය වෙනස් කරන්න බෑ. කර්මය වෙනස් කරන්න බෑ .හැබැයි මම මේ හැම දෙයක්ම කර්මයට පටවන්නේ නෑ .දැන් උදාහරණයක් විදියට කියනවා නම් දැන් මේ පහුගිය අවුරුදු කාලේ ගොඩක් පිරිසක් ඇඳුම් ගන්න කියලා කඩවල් වලට ගියානේ .ඇඳුම් කියලා කඩවල් වලට ගිය වෙලාවෙදි අපි භික්ෂූන් විදියට ධර්මයෙන් විතරක් නෙවෙයි මිනිස්සුන්ගේ ප්‍රඥාවටත් දැනුමටත් මොනවා හරි එකතු කරන්න අපි ආසයි. ඒක නිසා මම සටහනක් තියල තිබ්බා මේ කුණුවෙන කය මේ කුණු වෙන ශරීරය ලස්සන කරන්න අවදානමක් ගන්න එපා .හැබැයි මිනිස්සු ගොඩක් පොරකකා කවදාක්වත් අවුරුදු කාපු නැති මිනිස්සු විදිහට යනකොට මම ඔය සටහන දැම්මා කට ලැබුණු පෙරලා ලැබුණු ප්‍රතිචාර හරි විවිධාකාර පුදුමහිතනවා.

එක්කෙනෙක් මම දැක්කා අහල තියෙනවා හාමුදුරුවනේ අපි හාමුදුරුවන්ට කන්න දෙන්නයි මේ යන්නේ කියලා. ඒකෙ තේරුම තමයි අපිට මේ දානය අරන් එන්න තමා එළියට බැහැලා ගිහිල්ලා තියෙන්නෙ. ඒක එකක් .ඊට පස්සේ එක කිට් එක ගහගෙන ඉන්න ඔහේ නම් කියයි කියලා. එතකොට බලන්න අපේ බුද්ධිය තියෙන පරිමාව කොයිතරම්ද කියලා .මේ corona කියන වසංගතය තමන්ගේ පවුලට ඇවිල්ලා තමන්ගෙ කෙනෙක්ට ඇති වෙලා තමන්ගෙ කෙනෙක් බිලි ගන්නකං මිනිස්සුන්ට එක ප්‍රවෘත්තියක් විතරයි.

අපේ හාමුදුරුවනේ දැන් ඇත්තටම මෙච්චර පරිස්සම් වෙලත් කොහොම ද මරණය වෙනතුරුම ඔහුට මේ රෝගය උත්සන්න වෙන්නේ ඔහුට රෝග ලක්ෂණ එකවරම පෙන්නුවද?

උණ තමයි ඉස්සෙල්ලාම තිබුණේ .උණ තිබුණා, කැස්ස තිබුණා ඉතිං නිරන්තරයෙන් එහාට මෙහාට ගිහිල්ලා මහන්සි වෙන කෙනෙක් නිසා සෑහෙන්න කාර්යබහුල කෙනෙක්. ඒක නිසා එයාට නිතරම ඇගපත රිදෙනවා ඒවා තියෙනවා .ඉතින් ඒවට පැන්ඩෝල් පෙත්තක් හරි මොනවා හරි දැන් බිව්වට පස්සේ හරි යනවා .හැබැයි උණ ගතිය අඩු වෙන්නෙ නැතිව තියෙනකොට මගේ අම්මා කියලා තිබුණා ගිහිල්ලා බෙහෙත් ටිකක් අරගන්න කියලා .ඒ අම්මගේ වදකිරීම මට්ටම නෝනත් එක්ක ගිහිල්ලා පරීක්ෂණය කරලා තිබුණා antigen පරීක්ෂණයක් එතනදි තමයි මේක positive කියන්නේ. එතකොට නෝනටත් තියෙනවා මහත්තයාටත් තියෙනවා .ගෙදර වෙලා බලනකොට ඒගොල්ලො ඇත්තටම ඇඬුවා. ඒ බයට නෙමෙයි .මේ රෝගය අම්මට හැදිලා ඇති කියලා. මොකද ඒ දෙන්න ගෙදර ඉන්න කොට විශේෂයෙන්ම නංගි හරි බය වුනා ඒය ඇඬුවා අපේ හාමුදුරුවනේ අපිට කොරෝන හැදුන කියලා. කොරෝනා හැදුන කියලා කියනකොට අැත්තටම එක දරාගන්න පුළුවන් දෙයක් නෙමේ සාමාන්‍ය කෙනෙකුට. මොකද ඒක ආදීනව සමාජය තුළින් පේනවානේ. ඉතින් ඇත්තටම මුළු ලෝකෙම අනිත් පැත්තෙ පෙරළුණා වගේ කියලා හිතෙන්න ඇති .ඊට පස්සෙ දවස් දෙක තුනක්ම ගෙදර හිටියා රෝහල්වල ඉඩ නැති නිසා. ඊට පස්සේ මල්ලිව එක්කගෙන යනවා කියලා PHI මහත්තයෙක් කිව්වලු අම්බලන්තොට පැත්තේ. එයා එකට යන්න කැමති වුණේ නෑ දුර වැඩි නිසා. ඒ නිසා ළඟම තියෙන කොග්ගල හෝටලයක තිබුණු කොරොන වාට්ටුවට ඇතුළත් වුණා. ඒක වුණෙත් කවුරුත් එක්කගෙන ගියේ නෑ. මම අහනකොටයි ඔයා යන්නෙ නැත්තෙ කියලා කිව්වේ රෝගීන් කිහිපදෙනෙක් එකතුකර ගන්නකං ඉන්න ඕනේ වාහන යන්න. එතකන් බලාගෙන ඉන්න වෙනවා .මම කිව්ව ඕක බලාගෙන ඉන්න එපා. ඔයාගේ කාර් එකෙන් ඔයාට පුලුවන්ද ඩ්‍රයිවින් කරන්න ගිහිල්ලා ඇඩ්මිඩ් වෙන්න කියලා. අන්න එහෙම ඇඩ්මිට් වෙච්ච කෙනා තමයි මේ අපිටත් නොකියම ගියෙ එක තියෙන්නේ. තාමත් ඒ කාර් එක තියෙන්නෙ ඒ හෝටලේ.

එතකොට අපේ හාමුදුරුවනේ කොග්ගල හෝටලයක ප්‍රතිකාර ලබමින් හිටපු මල්ලි මිය යන්නේ කර පිට රෝහලේ ඒ කොහොමද?

ඔහුට හුස්ම ගන්න අපහසුවක් ඇති වුණා .එයා කරාපිටියට ගිගේ නම වෙනිදා. නම වෙනිදා ඇඩ්මිට් උනා ඊට පස්සේ එකොළොස් වෙන්ද වගේ වෙනකොට දවස් දෙකයි තිබුණේ ගිහිල්ලා බිල ගෙවන්න .ඊට පස්සේ එකොලොස්වෙනි ද මෙයාට ඒ දවස් දෙකේදි ටිකක් හුස්ම ගන්න අපහසුතාවයක් තිබුණා. මොකද මැෂින් නැති නිසා තමයි රෝහලට එක්කගෙන ගියේ .ඊට පස්සේ දවසින් එයාගේ හුස්ම ගැනීමේ අපහසුව අතිවුණා .අඩුවේගෙන ගියා ඔක්සිජන් ප්‍රමාණය ලේ වල තියෙන. ඉතින් එහෙම ඉන්නකොට ඇඩ්මිට් කරන්න ඕනේ කියලා කිව්වලු ICUඑකට.ICU එකටත් ගියේ හරිම සරල ජීවිතයක් ගත කළේ පෝන් එකෙන් කිව්වා ICU එකේ හමුදුරුවනේ A/C තිෙයයිද දන්නේ නෑ නේද කියලා එහෙම විහිළු කර කර ගියේ .ඉතිං අන්තිමට දන්නෙම නෑ මැෂින් වලට හයි කරලා හිටියේ ඔක්සිජන් දෙන්න. මම හිතන විදියට දවස් හයක් හෝ හතක් එයා කිසිම දෙයක් දැනගෙන නෙමේ හිටියෙ මැරෙන මොහොත දක්වාම සිහිය නැහැ. ඉස්සෙල්ලම මේක පෙනහළු වලට තමයි ඇති වුණේ. මේක විශාල භයානක දෙයක් .කොරෝනා හැදිල මනුස්සයෙක් නැති වෙනවා කියලා අපිට කියන්න පුළුවන් ඒ නැති වෙන කෙනාට තියෙන වේදනාව මම ඇස් දෙකෙන් දැකලා තියනවා. ඒ මිනිස්සු මැරෙන්නෙ වතුර ගිලිලයි ,බෙල්ල හිරකරගෙන මැරෙනවා හා ඒ දෙක හා සමානභාවයක්. මොකද ඔබට හුස්ම ගන්නේ නැතුව විනාඩියක් ඉන්න පුලුවන්ද? අන්න ඒ වගේ තැනකදි මැරෙන්නෙ. ඒක නිසා අවසාන චුතිසිත අපිට දක්ෂ කරගන්න අපිට පුළුවන් කමක් නෑ හුස්ම යන වෙලාවේ කොරෝනා රෝගියකුට. එතකොට වෙන්න මොකක්ද තරහින් අපි මැරෙන්නෙ .මොකද හුස්ම ගන්න බෑ කියල කියන තැනම ලොකු වේදනාවක් තරහක් හදවතට දැනෙනවා. ඒ කිසිම කෙනෙක් මම විශ්වාස කරන්නේ නැහැ සුගතියකට පිහිටුවා ගන්න දක්ෂ වෙයි කියලා ඒ තරම් වේදනාවක්.

ගස් ගල් වගේ සවිමත්ව ඉන්න මිනිස්සු කියන්නේ ක්ෂණයකින් .සමාන්‍ය සමාජයට අනිත් අනුවේදනීය කාරණාවක් සහ ලෝකය තේරුම් ගන්නට අනිත් හොඳ කාරණාව තමයි ඔබ වහන්සේගෙන් මං ඊළඟට අහන්නේ .තමන්ගේ මල්ලි ජීවතුන් අතර සිටියදීම මල්ලිගේ පාංශකූලය සූදානම් කරන්න සිද්දවුන සොයුරෙක් ඔබ වහන්සේ.

ඒක මෙහෙමයි දැන් දවසින් දවස තිබුණු තත්ත්වය එන්න එන්නම නරක අතට හැරෙනවා කියලා අපිව වෛද්‍යවරු දැනුවත් කරනවා .ඉතිං එහෙම ජීවත් කරන්න බැහැ කියන තැන ඉන්න කොට ඊළඟ දේ මොකක්ද ?එයාගේ හුස්ම යනවා කියන කාරණය තමයි. ඒක තමයි සත්‍යය .අපි එක දැනගන්න ඕනේ අපි ඒ සත්‍යතාවය සඟවා ගන්න උත්සාහ ගන්නේ බැඳීම වැඩි නිසා. හැබැයි මම භික්ෂුවක් විදියට මගේ යුතුකමක් තියෙනවා හැම දෙයක්ම අනිත්‍ය කියන තැන මම අවබෝධ කරන්න කෙනෙක් විදියට මල්ලි මිය යනවා කියන දේ මට දරා ගන්නත් පුළුවන් .අනිත් කාරණාව තමයි ඊළඟ දේට මම සූදානම් වෙන එක. මේක මොන විදිහට වෙනවද කියල මම උපදෙස් ගත්ත පළමුව අවශ්‍ය තැන්වලට ඒ උපදෙස් අරගෙන මොකද අම්මා හැමවෙලාවෙම කියපු දෙයක් තමයි පාංශකූලය නම් දෙන්නම ඕනි කියන කාරණය. මම අම්මත් එක්ක මේක සාකච්ඡා කළා .ඒත් කවුරුත් දන්නෙ නෑ. අම්මට හොඳට අවබෝධ කරගන්න පුළුවන් ධර්මය .මම එක හිමි හිමින් කියලා අම්මෙ නැති වුනොත් අපි මොකක්ද කරන්නේ. පාංශුකූලේ දෙන්නෙ නැතිව යවන්න බෑ කියලා කිව්වා .ඉතින් මම එක් කරන්න ඕනේ භික්ෂුවක් විදියට ,සහෝදරයෙක් විදියට මම එක කරන්න ඕනේ. ඉතින් එක කරන්න නම් මම ඒකට සැලසුමක් සහ සූදානමක් තියෙන්න ඒන. ඒයාගේ හෘද වස්තුව වැඩ කරනවා මැරිල නෑ.

අවසන් කටයුතු කොහෙද සිද්ධ වුණේ සහ පාංශුකූලය කොහෙද දුන්නේ?

පාංශකූල සිද්ධ කළේ මෘත ශරීරාගාරයේ ඉදිරිපිටමයි. එතන ආරක්ෂිත තැනක්.GMO ඔෆිස් එක ගාව. ඒ අය වෛද්‍යවරු ඇවිල්ලා එක සූදානම් කළා. මම හිතන්නේ රෝහලේ ඉන්න බොහෝ පිරිසක් කඳුළු හලපු අවස්ථාවක් මොකද පුංචි දරුවො තුන්දෙනෙක් කෑගහද්දි නෝනා කෙනෙක් කෑගහද්දි එක දරාගන්න බැහැ. ඒක නිසා බහුතරයක් පිරිසක් ඒ අවමඟුලට සහභාගි වෙලා පාංශුකූලෙට සම්බන්ධ වෙලා හිටියේ එකත් මම හිතන්නේ ලොකු වෙනසක් එතන මොකද. කාටත් නොකියාම යන ගමනකදී මල්ලිට මේ වගේ අවසානයක් දෙන්න පුළුවන් වෙච්ච ගැනත් මම පුංචි සතුටක් මගේ හිතේ තියෙනවා.

අවසානයේදී මි’යගිය මල්ලිගේ මුහුණ බලන්න ඔබ වහන්සේට සහ සැමියාගේ මුහුණ බලන්න බිරිඳට, පියාගේ මුහුණ බලන්න දරුවන්ට අවස්ථාව හම්බ වුණාද?

ඔව් ලැබුණා. ඒකත් කොරොන රෝගියෙක් මිය ගියාට පස්සේ අපි එතනදි තමයි දැනගත්තේ කොරොනා රෝගීන් මිය ගියාට පස්සේ එක් අවස්ථාවක් ලැබෙනවා. හැමෝටම මම හිතන්නේ ලැබෙනවා. මම ඒ ගැන සියයට සීයක්ම නිවැරදි නැහැ .හැබැයි මම බලන්න පුලුවන්ද කියල අහනකොට වෛද්‍යවරුන්ගෙන් ඔව් එක සැරයක් පුළුවන් කියලා කිව්වා .එතකොට මල්ලි ICU මැෂින් වල හිටියේ මම යනකොටත් මැරිලත් .මැෂින් වල හිටියේ මැෂින් ගලවගෙන. අර විශේෂිත වූ කවරකින් බහාලුමක් ඒක .එකේ දාලා ට්‍රොලියේ අරගෙන ඇවිල්ලා මගේ ඉස්සරහ අරගෙන ගියේ මෘත ශරීරාගාරයට. ඒ මෘත ශරීරාගාරයට තල්ලු කරගෙන යන පිරිමි ළමයි දෙන්න මගෙන් අහනවා හාමුදුරුවනේ දැන්ම මල්ලිගෙ මූණ බලනවද කියලා .මම හා කිව්වා හැබැයි හාමුදුරුවනේ එකපාර කිව්වා දෙන්නේ ආපහු හම්බ වෙන්නේ නෑ කිව්වා. ඉතින් මම ඒ අවස්ථාව ප්‍රතික්ෂේප කළා .මට මූණ බලනවට වඩා තමන්ගෙ නෝනට ඒ අවස්ථාව දෙන්න ඕන කියලා මම හිතුවා. ඉතින් ඒ අවස්ථාව මම නංගිට අරගෙන දුන්නා, දරුවෝ දුන්නා. හැබැයි ඒ අවස්ථාව හාමුදුරු කෙනෙක් විදිහට මටත් ලැබුණා.

එතකොට අවසන් කටයුතු කෙරෙන්න කොහෙද හාමුදුරුවනේ?

දඩැල්ල සුසාන භූමියේ .මැරිලා කියලා පණිවිඩය ආවට පස්සෙ අපිට විශේෂයෙන්ම කරන්න කාරණා දෙකක් තියෙනවා. අපෙන් අහනවා හොස්පිට්ල් එකෙන් මේක කරන්නේ. රජයේ වියදමින් ද .පෞද්ගලිකව ද කියලා. රජයේ වියදමින් කරනවනං ඒගොල්ලො සියල්ලම කටයුතු සූදානම් කළා අපිටත් නොකියම සමහර වෙලාවට ආදාහනය කරයි .හැබැයි අවසන් කටයුතු අපිට කරන්න ආර්ථික ශක්තියක් තිබුණා. ඒ නිසා ඒගොල්ලෝ දඩැල්ල සුසාන භූමිය සූදානම් කරගත්තා මැරිච්ච දවස නෙමෙයි ඊට පස්සෙ දවසෙ. මොකද හේතුව මැරිච්ච දවසේ 11.30 නැතිවුනේ. හවස 6 වෙනකම් කෙනෙක්ව ගන්න බෑ ඒ වෙනකොටත් කට්ටිය බුකින් දාලා. මම කිවුව කමක් නැහැ ඊළඟ දවසේ උදේ 10.30 අපි කරමු කියලා ගෙදර කට්ටිය විතරයි අපි ඊළඟට ගිහිල්ලා ආදාහන කටයුතු කළා.

ගෙදරින් තනිව වාහනය පදවාගෙන කොක්ගල හෝටලයට ගියාට පස්සේ ඒ බිරිඳට දරුවන්ට තමන්ගේ පියාව එක වතාවයිනේ යළි මේ සසරේ දී දකින්න ලැබුණේ ඒ තත්පර ගණන පමණයි කොහොමද අපි හාමුදුරුවනේ මේ පුංචි දරු පැටව් බිරිඳගේ වාවා ගන්න බැරි දුක වාවාගන්න ඔබවහන්සේ මැදිහත් වුණේ?

අවස්ථා කිහිපයකදීම මෙයාව ICU දානකොට කෑගහනවා ගෙදර. ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා කියලා පණිවිඩයක් ලැබුණු කොහෙන්හරි මොකද එයාට සමාජ පසුබිම ගොඩක් තිබුණා. ඉතින් ගොඩක් යාලු ආශ්‍රය කලාඉ ඉතින් නංගිගෙ වැඩේ වෙලා තිබුනේ මෙයාගේ තොරතුරක් දැනගන්න මට වගේම වටේටම කතා කරන එකඉ ඒක තමයි එයාගේ පිපාසෙ උනේ. මහත්තයා ගැන තොරතුරු දැනගන්න ‍එකයි. කවුරු හරි මොනවා හරි කියනකොට මහා විලාප දෙනවා ගේ ඇතුලේ. ඒක නිසා විලාප හඬ මුළු ගමේ මට පුරුද්දක් වුණා සති දෙකක් තිස්සේ .මෙන්න මැරුණ කියල හිතනවා සමහර මිනිස්සු .නෑ මේක ගහන්නේ අමාරුයි කියලා.ඉතින් ඔය වගේ අවස්ථාවන් මම හිතන්නේ දහ දොළොස් පාරක් ගෙදර තිබුණා කෑගැහිල්ල දරුවන්ගෙ කෑගැහිල්ල පුංචි දරු දෙන්නට නම් ලොකු හැඟීමක් දැනීමක් නැහැ .ලොකු ළමයට හොඳ ලොකු දැනීමක් තියෙනවා. මම හිතන්න ඇත්තටම තමන්ගේ තාත්තට සමු දෙන වෙලාවේ මේගොල්ලෝ ගාව කඳුළු තිබ්බෙ නෑ හලන්න. කඳුළු මම හිතන්නේ වේලිලා. කටේ තිබුණු සද්දෙ විතරයි එළියට පිටවෙන්නෙ. මොකද හේතුව දරුවො තුන් දෙනාටත් කොරෝනා නෝනටත් කොරෝනා.

ඒ වෙද්දී එයලට සුව වෙලා ද?

මෙයා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන කොට ළමයි තුන්දෙනයි නෝනයි වෙනම රෝහලක මාතර තියෙන වෙනම ප්‍රයිවට් කොරොනා වාට්ටුවට ඇතුළත් වෙලා හිටියෙ .ගෙදර වහලා කවුරුත් නෑ .ඒගොල්ලො ඊට පස්සේ දින14 ඉවර වෙලා ගෙදර ආවා. ගෙදර ඇවිල්ල දවස් තුනයි ගෙදර හිටියේ. ඒ වෙද්දි ඒගොල්ලන් ගෙ නිරෝධායන වෙන කාලයත් ඉවරයි. හැබැයි නිරෝධායන වෙන කාලයේ වුනාට පරිසරයට හානියක් කරන්න මිනිස්සුන්ට හානියක් කරන්න අපි කැමති වුණේ නෑ .ඒක නිසා අර ඇඩ්මිට් වෙලා හිටපු රෝහලටම කතා කරලා ඇම්බියුලන්ස් ඒකට සල්ලි බැඳලා ඒ ඇම්බියුලන්ස් එකේ නිරෝධායනයට අර ඇඳගෙන යන ඇඳුම් අන්දවලා තමයි අපි නංගිලායි දරුවෝ ටිකයි අරගෙන ගියේ. මොකද හේතුව අපිට මේකෙ දුක තවත් කෙනෙකුට දෙන්න බැහැ. ඒක නිසා හත් දවසේ දානේ දෙනකොටවත් මම හිතන්නේ දැන් ඒගොල්ලොන්ට හොඳයි .මුකුත් විසබීජ නෑ ගෙදර. හත් දවසේ දානේවත් එළියට බහින්න මම අවසර දුන්නේ නැහැ. අපිට වගකීමක් තියෙනවා .ඒ දුක තවත් කෙනෙකුට මේක මොකද එකම දුක. ආර්ථිකයත් තියෙන හෝ ආර්ථිකයක් නැති හෝ තමන්ගේ තාත්තා.

ඔබ වහන්සේ කසාවත දරා ගන්නේ ජීවිතේ යම් කාලසීමාවක් පසු කළාට පස්සේ ඒ නිසා ජීවන අත්දැකීම සහ ජීවන අවබෝධය ඔබ වහන්සේ සතුව තිබෙනවා ඒ අතරේදී මතකයක් විදියට ගත්තහම ඔබ වහන්සේට මෙහෙම හරි දැනෙන්නෙ හැඟෙන්නේ ඒ මල්ලි පිළිබඳ ගිහි කල තිබුණු සැබෑ හැඟීමත් එක්ක මොකක්ද ඔබවහන්සේට මල්ලි පිළිබඳව තියන සුන්දරම බැඳීම?

බැඳීම මහා විශාලයි. අපි සසරේ ගෙනාපු මොකක් හරි බැඳීමක් වෙන්න ඇති .මොකද අපේ පවුලේ අපේ අම්මට මුලදිම අපි දුප්පත් පවුලක්නේ .අපි ලොකු මහත්තයලා උස් මහත් වෙලා අම්මා අපිව හොඳට හදපු නිසා අපිට ආර්ථිකයන් දියුණු වෙන්න මොලේ තිබුණා. ඒක නිසා තමයි මම මගේ ගමන හොයාගෙන ගියේ. අපේ අනිත් අය ඒගොල්ලන්ගෙ ගමන් හොයාගෙන ගියේ. අන්න එහෙම ටික ටික ආපු ගමනක් මේක. ඊට පස්සේ ඒ ගමනෙදි අපිට අති සුපෝපබෝගී කියන මට නොවුනට මගේ නංගිට අම්මට අතිසුඛෝපභෝගී ජීවිතේ දුන්නේ මල්ලි .හැමදේකම අවබෝධයක් තිබුණ කෙනෙක්. හැම දෙයක්ම හොඳට කරන කෙනෙක් හැමදේටම ඉදිරිපත් වන කෙනෙක් .හැම මොහොතකම පිනට කැමති කෙනෙක්. ඒක නිසා මං පැවිදි වෙන්න ආපු දවසෙම පැවිදි වෙන්න තීරණය කරපු දවසේ ඉදන්ම මගේ ජීවිතය සැලසුම් කළා ඒයා. කොරනා නිසා මගේ උපසම්පදාවත් ටිකක් පස්සට ගියා. උපසම්පදා උත්සවය ගැනත් එයා හීන දැක්කා. හාමුදුරුවන්ගේ උපසම්පදාව ඉතා හොඳින් කරන්න ඕනේ කියලා කිව්වා. අම්මත් එක්ක කතා කරනවා. එයාට ගොඩක් හීන තිබ්බා. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවනෙ වැඩිය හීන තියාගන්න එපා කියලා .හීන තියා ගත්තොත් අපිට දුකක් ඇති වෙන්නේ කියලා. හැබැයි ඒ ධර්මතාවය අපි හැමෝටම පොදුයි. විශේෂයෙන්ම එක අපිට පොදුයි. අපේ හීන තියාගන්නේ නැති පිරිසක් විදියට. මොකද හොඳ ආර්ථික ශක්තියක් ඔහුට තිබුණා. ඇමරිකාවේ සිටිසන් තිබුණු කෙනෙක්. අවස්ථා 8 කදී සංචාරය කළා මුළු පවුලත් එක්කම. එයා තනියෙන් කොහෙවත් යන්නෙ නෑ මුළු පවුලම අරගෙන තමයි ලෝක සවාරිය යන්නේ. රටවල් විස්සක් විසි පහකට ගියා පුදුමාකාර ජීවිතය යානවාහන තිබුණා.

මොන දේ තිබුණත් ජීවිතය අවසානයේදී කොතනවුවත් නැත මරු හට බාදා කියන දහම සනාථ වෙන කාරණාවට මේය උදාහරණයක්. ඒ අතර දී ඔබ වහන්සේ මල්ලි වෙනුවෙන් ඒ යුතුකම සැබෑ හැඟීමත් එක්කම ආශිර්වාද පූජාවන් කිහිපයක්ම සිද්ධ කළා?

මම ප්‍රාර්ථනා කළා. රටේ මිනිස්සුන්ටත් මම ප්‍රාර්ථනා කරන්න කිව්වා පහනක් දල්වන්න කිව්වා. බෝධි පූජා තියන්න විශේෂයෙන්ම අපේ ගමේ හැමෝම එකතු වුණා. ඒ ගමේ අයට මං විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා .මගේ ලොකු හාමුදුරුවන්ට සෑහෙන්න මාව දිරිමත් කළා. මේ වෙලාවෙදි මගේ පන්සල ඉන්න සියලුම හාමුදුරුවරු මාව දිරිමත් කළා .ඒ ආශිර්වාදය සියල්ලම ලැබුණත් මම හිතන්නේ තමන්ගේ ආයුෂ ඉවර වෙනවා නම් එතනින් පස්සේ අපිට කතා කරන්න බෑ.

ඔබ වහන්සේ පැවිදි දිවියට එන්නේ එකල ඔබ වහන්සේගේ මත තිබුණු සියලු යුතුකම් වගකීම් මල්ලිගෙ කරමත පවරලා. ඔහු ඒත් කැමැත්තෙන් බාර ගත්තා එහෙම කැමැත්තෙන් බාර ගත්ත මල්ලි නොකියාම යන්න ගිහිල්ලා. එකත් එක්ක යළිත් ඔබ වහන්සේ සසර බැඳීමක් ඇති වෙනවා ද?

නෑ. හැම දෙයක්ම අනිත්‍යයි .මං විශ්වාස කරන එකම දෙයක් තියනවා .මල්ලි ගෙනාපු ආයුෂ මල්ලි අරගෙන ගියා. මගේ ආයුෂ මට ගෙවන්න වනවා. දැන් මල්ලි නැති වෙනකොට මම බැඳීමක් ඇති කරගෙන මගේ සසර ගමන දික් කර ගැනීම එහෙම කරන්න මං උත්සාහ කරනවා නම් මම අඥානයෙක්. මට ප්‍රඥාවක් නෑ බුද්ධියක් නෑ .හැබැයි මේ සියලු දේවල් දරාගෙන යුතුකම් ඉටු කරන්න ශක්තියක් තියෙන ධර්මය තුළ ශක්තියක් දෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්. මට ඒ දේවල් කරමත පැට වෙනවා කියන එකේ තේරුම ඒකයි. මිල මුදල්වලින්වත් ,ඒයලාව මල්ලි කරපු විදියට ඉස්කෝලෙට ගිහිල්ලා ඇරලවන එකවත් නෙමෙයි මගේ වගකීම. ජීවිතය ජයගන්න ස්වාමීන් වහන්සේ නමක් විදියට මගේ තියන ශක්තිය මම ඒයාලට දෙන්න ඕනේ.

මල්ලි වෙනුවෙන් ඔබ වහන්සේගේ ප්‍රාර්ථනා මොකක්ද?

ආපහු මනුස්ස ආත්මයක් ලබා ගන්න කියලා .මොකද එයා නිවන් දකිනවා නම් මනුෂ්‍ය ආත්මයක් ලබාගන්න කෙනකුට පමණයි .මනුස්ස ආත්මයක් ලබාගෙන යළිත් ඉපදෙන්න එපා දිව්‍යලෝකෙ යන්න කියනවනේ. අපිට පින් ගන්න බෑ .තල තිස් එකක් තියෙනවා අපිට ගිහිල්ලා උපදින්න පුළුවන්. ඔය තල තිස් එකෙන් කොතනත් වැඩක් නෑ මනුෂ්‍ය ආත්මයක් ලබා ගන්නේ නැතිව .මනුෂ්‍යයා තමයි පින්දහම් කරගෙන භව ගමන කෙටි කරගන්න පුළුවන් .පින්දහම් කරගෙන නිවන කියන දේ සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන කාටවත් බෑ .අපි හිතනවා දිව්‍යලෝකෙ ගිහින් උපදින්න. දිව්‍ය ලෝකෙත් මේ වගේ සැපසම්පත් වැඩි තෘෂ්ණාව ඕව හැම දෙයක්ම තියෙනවා .ඉතින් මේ හැම දෙයක්ම තියෙනවා නම් දිව්‍ය ලෝකේ තියෙන සැප සම්පත් විතරයි වැඩියි .ඒ නිසා මනුෂ්‍ය ආත්මයක් ලබාගෙන ඉක්මන් භවයකදීම නිවන් දකින්න පින් ගොඩක් කරගන්න කියන එක තමයි මගේ ප්‍රාර්ථනාව.

ප්‍රියයන්ගෙන් වෙන්වීම ලොකු දුකක් .මල්ලීගේ මේ අකල් මරණය උදාහරණ කරගනිමින් ඔබ වහන්සේ කොහොමද ඒ දහම සමාජයට දේශනා කරන්නේ?

මට හරිම තවත් කෙනෙකු ජීවිතය ගැන තවත් කෙනෙකු උදාහරණයක් අරගෙන ධර්ම දේශනාවකදී මට කියන්න පුළුවන් .හැබැයි මට මගේ ජීවිතයේ ඕන තරම් අත්දැකීම් තියෙනවා ධර්ම දේශනාවක් තුළින් සමාජගත කරන්න .මොකද හේතුව මම හැරෙන හැරෙන තැන මගේ ගිහි ජීවිතය තුළ අත්දැකීමට ලැබුණා.ඒ වගේම මේවා බලන්න මේවා කාටවත් නැති අත්දැකීම මේවා. මේ හැම දෙයක්ම අනිත්‍යයි මේ හැම දෙයක්ම නැති වෙනවා කියන එක තමයි හොඳම උදාහරණය .ඒක නිසා මල්ලිගෙ කාමරේ අල්මාරි දෙකක් පිරෙන්න ඇදුම් තිබුණා. අවුරුද්දකට ෂර්ට් එකක් ගන්නවනම් එක දවසක් ගිල්ලලා ෂර්ට් පහළොවක් දාසයක් විතර ගන්නවා .ඒ තරම් ඇඳපු නැති ඇඳුම් තියෙනවා. එයා විලාසිතාවන් වලට ඉතාමත් කැමතියි .හරි නීට් එකට අඳින කෙනෙක් .අන්තිමට මොකක්ද රෝහලේ හිටපු ඇඳුම පිටින්ම අවසානය සනිටුහන් කර ගත්තා .මේක තමයි අපි තේරුම් ගත යුත්තේ .

අපි කෑම ටික කනවා..නේ කෑම ටික කන්නේ හරිම සතුටෙන් සුවඳින් .අපිට අප්පිරියාවක් හිතෙනවද අපේ බත් පිඟාන දිහා බැලුවම. හැබෑයි පල්ලෙහාට දැම්මට පස්සේ ආපහු ඒවා වමරා කෑම ටිකම පිඟානට දැම්මොත් කනවද ?කවුරුත් කන්නේ නෑ .එහෙනම් ඒ කෑම ටික අපි ඒ කෑම ටික ඇඳට ගත්තට පස්සේ එළියට පිට වෙන දේ මොකක්ද අසූචිය. සුවදයිද. නෑ එහෙනම් මේවා කොහෙන්ද වෙනස් වෙන්නේ මේ ඇඟේ ඇතුලෙදි මේ ඇගේ ඇතුලේ තියෙන්නේ මහ කුණු ගොඩක්. මේ හම ගලවලා පැත්තකින් තිබ්බොත් ඔබ දිහා බලනවද ?බලන්නේ නෑ. එහෙනම් අපි මේ දුවන දිවිල්ල අපි නතර කරන්න ඕනේ ධර්මාවබෝධයෙන්. ඒ නිසා ධර්මය තුළින් ජිවිතය ජයග්‍රහණය කරන්න පුළුවන් කෙනා සසරම දිනනවා.

බොහොම පින් අපෙ හාමුදුරුවනේ අපිව ගෙනාපු තැනට .ඔබ වහන්සේ සඳහන් කළා මීට කලිනුත් මේ පිළිබඳ විවිධ පණිවිඩ සමාජගත කළා ෆේස්බුක් මාධ්‍ය ඔස්සේ. නමුත් ඇතමුන්ට ඒවා පිළිබඳ අවබෝධයක් තිබුනෙ නෑ. මේ වෙලාවෙ මතක් කරන්න අවශ්‍යයි හද පෙන්වූ විට ඇඟිල්ල දෙස බලන්නට එපා.

අවසානයේ දී මට එක වචනයක් කියන්නට ඕනේ .මල්ලිගෙ වීඩියෝව සමාජ ජාල හරහා ගොඩක් පැතිරිලා ගියා. ඒ දේ මට සමාජගත කරන්න ඕනේ තවත් කෙනෙක් පාඩමක් ඉගෙන ගනී කියන තැන. එහෙම නැතිව කිසි දෙයකට නෙමෙයි. මට කියන්න තියෙන්නේ රටේ ඉන්න පාලකයන්ටත් ඒවගේම මේ වෙනුවෙන් කටයුතු කරන හැම කෙනාටම තමන්ගේ කෙනෙක් නැති උනා කියලා හිතලා මීට වඩා යහපත් ප්‍රතිචාරයක් දක්වන්න කියලා කොරෝනා රෝගය වෙනුවෙන්.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button