custom_html_banner1
ක්‍රීඩා පුවත්

ලොව උපායශීලීම ක්‍රිකට් නායකයා – මහේල ජයවර්ධන

custom_html_banner1
Spread the love

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනව ලොව උපායශීලීම ක්‍රිකට් නායකයා ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් කර තිබේ.

ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමාජ මාධ්‍ය ඔස්සේ කළ සමීක්ෂණයකින් අනතුරුවය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නිල ට්විටර් ගිණුමේ ලොව හොඳම උපායශීලි ක්‍රිකට් නායකයා තේරීම සඳහා සමීක්ෂණයක් පැවැත්වුණි.

ඒ සඳහා මහේල ජයවර්ධනට අමතරව ඔස්ට්‍රේලියා හිටපු නායක මාක් ටේලර්, නවසීලන්ත හිටපු නායකයන් වන මාටින් ක්‍රෝ සහ ස්ටීවන් ෆ්ලෙමින්ගේ නම් ද යෝජනා වී තිබුණි.

ඒ අතරින් මහේල ජයවර්ධනව ලොව උපායශීලීම ක්‍රිකට් නායකයා ලෙස නම් කෙරුණේ ඔහු 45%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීම හේතුවෙනි.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button