custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

ගලේවෙලදී සගවා තිබූ පොහොර තොගයක් සොයා ගැනේ

custom_html_banner1
Spread the love

වැඩිමිලට පොහොර අලෙවි කිරීම සඳහා මාතලේ ප්‍රදේශයේ වෙළඳසැල් දෙකක සඟවා තිබූ බවට සැ’කකෙරෙන පොහොර තොගයක් ගොවිජනතාවට බෙදා දීමට පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් අද පියවර ගත්තා.

කෙසේ වෙතත්, රසායනික පොහොර ආනයනය නතර කිරීමට රජය ගත් තීරණයත් සමඟ තමන් පොහොර හිඟයකට මුහුණපා ඇති බවටයි ගොවීන් චෝදනා කරන්නේ.

අද මාතලේ වෙළඳසැල් දෙකක් වෙත පැමිණි පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් එහි පොහොර තොග ගොවීන්ට ලබාදිය යුතු ආකාරය සම්බන්ධයෙන් උපදෙස් ලබා දුන්නා.

ගලේවෙල – මකුලුගස්වැව ප්‍රදේශයේ සඟවා තිබූ යූරියා පොහොර තොගයක් ඊයේ රාත්‍රියේ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් විසින් සොයා ගෙන තිබුණා.

ඒ අනුව පොහොර අවශ්‍යව සිටි දේවහූව ගොවිජන ව්‍යාපාරයේ ගොවීන් පිරිසක් පොහොර මිලදී ගැනීම සඳහා වෙළඳසැල් වෙත පැමිණීමත් සමඟ නොසන්සුන්තාවයක් ද හට ගත්තා.

පසුව මකුළුගස්වැව පොලිස් මුරපොලේ නිලධාරින් පැමිණ එය පාලනය කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

මේ අතර, රජයේ අනුග්‍රහයෙන් උතුරුමැද පළාතේ කාබනික පොහොර නිෂ්පාදනය කිරිමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

custom_html_banner1

එමගින් රජරට කලාපයේ ඉදිරි මහ කන්නයේ කාබනික පොහොර අවශ්‍යතාව සපුරා ගැනීමට අපේක්ෂිතයි.

ව්‍යාපෘති සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා අරමුදලෙන් අවශ්‍ය ප්‍රාග්ධනය සපයනු ඇති.

එහිදී නිෂ්පාදනය කෙරෙන කාබනික පොහොර කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් මිලදී ගෙන ගොවීන් වෙත බෙදා හැරීමේ ව්‍යාපෘතියක් සැලසුම් කර තිබෙනවා.

කෘෂිකර්මාන්තය බහුලව සිදුවන අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 29 ක් ආවරණය වන පරිදි අවශ්‍ය අමුද්‍රව්‍ය එම ප්‍රදේශවලින්ම සපයාගෙන, එක් කොට්ඨාශයක අවම වශයෙන් එක් කාබනික පොහොර මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම, නියමු ව්‍යාපෘතියෙ අරමුණයි.

Source – Hiru News

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button